IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නිල් මානෙල් අතර පිපුණු කහ මානෙල්

(උපුල් තම්මිට)

මල් අතරින් නිල් මානෙල්වලට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ඒ හුදෙක්ම ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වීම හේතුවෙනි.

නිල් මානෙල් පැළයකින් කහ වර්ණැති මල් දෙකක් පිපී ඇති තොරතුරක් රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැළෑව ශ්‍රී බෝධිදක්ෂිනා විහාරස්ථානයෙන් වාර්තා වේ.

විහාරස්ථානයේ අලංකාරය සඳහා විසිතුරු මත්ස්‍යන් ඇතිකරන ටැංකියකට නිල්මානෙල් මල් අලයක් මීට වසර දෙකහමාරකට පෙර එහි විහාරාධිපති පූජ්‍ය මෑඩෑමුල්ලේ සුජාත හිමි සිටුවා තිබිණි.ඉන් මාස කිහිපයකට පසුව එහි නිල් මානෙල් මල් හටගෙන ඇති අතර කහපැහැති මානෙල් මලක් පිපී ඇති තිබේ.

ඉන් අනතුරුව තවත් කහපැහැති මානෙල් මල් පොහොට්ටු දෙකක් පිපෙන්නට සුදානම්ව පවතින අයුරු නිරීක්ෂණය වී තිබේ.

මෙහි ඇති විශේෂත්වය නම් එක ම පැළයේ නිල් පැහැති මානෙල් මලක් පිපී පවතින අවස්ථාවේදීම කහ මානෙල් මල් දෙකක් ද පිපී තිබීමය. මල් වෙත ආලේකය ලැබීම අවහිර කර තිබියදී සුළු වේලාවකින් කහ මානෙල් මල් දෙක පමණක් පෙති හැකිලෙන බවද, ආලෝකය ලබා දුන්විට මල්වල පෙති දිගහැරෙන බවද උන්වහන්සේ සඳඑහන් කරති.

සාමාන්‍ය ව්‍යාහාරයේදි නිල් මානෙල් වඩාත් ප්‍රචලිතව ඇතත් කහ මානෙල් පිළිබදව මෙතෙක් උතුරුමැද පළාතෙන් හෝ කිසිදු ස්ථානයකින් වාර්තා නොවුණු බව විහාරාධිපති හිමියෝ පවසති.

මේ කහ පැහැති මානෙල් මල් දැක බලා ගැනීමට ජනතාව පැමිණෙමින් සිටිති.

 



අදහස් (34)

නිල් මානෙල් අතර පිපුණු කහ මානෙල්

විජිත් Wednesday, 24 June 2020 01:35 PM

මේ සංසිද්ධිය දෙයාකාරයකට විස්තර කරන්න පුළුවනි. ජාන තාක්ෂණයෙන් මේ ආකාරයේ වෙනස් පැහැති මල් හට ගැන්වීමේදී " ජාන සංස්කරණය " කියන ක්‍රමය යොදාගන්නවා. නමුත් මේ ක්‍රමය මිනිසුන් සඳහා උපයෝගී කරගැනීම සපුරා තහනම්... මේ ලඟදී චීන විද්‍යාඥයෙක් පළමු වතාවට මානව කලලයක් වෙනස් කිරීමේ වරදට සිරගෙට නියමවුණා. සද්භාවයෙන් කළත් (මේ දරුවාට HIV නොවැළඳෙන විදිහට ඒ වයිරසය ක්‍රියාත්මක වීමට අවශ්‍ය එන්සයිමය ශ්‍රාවය නොවන විදිහට DNA ජාලයේ වෙනසක් කළා කළල අවධියේදීම) වැරැද්දට දඬුවම ලැබුණා. ස්වාභාවිකව ශාකවල මෙසේ වෙනස් පාට ඇතිවීමට බොහෝ විට බලපාන්නේ විකෘතීන් ඇතිවීමයි. මල්වල පැහැයට බලපාන ජානයක (DNA ජාලයේ කොටසක්) වෙනස්කමක් ඇතිවුනොත්, ඒ ගස පරම්පරාවෙන් ගෙනා මල්වල පැහැයට අමතරව තවත් පැහැයන් ඇතිවේ. මල්වල පාට ඇතිකරන වර්ණක කිහිපයක් තමයි ඇන්තොසයනින් (දම්පාට, නිල්පාට..) කැරොටින් (කහ, තැඹිලි ..පාට) ක්ලොරෝෆිල් (කොළ පාට).. ඉතින් පරම්පරාවෙන් ගෙනා මතකය ඇතිනිසා ඒක නටුවක ඇන්තොසයනින් නිසා පාරම්පරික දම්පාට මානෙල් මලක් පිපෙන අතරම විකෘතිය නිසා කැරෝටීන් වර්ණකය අඩංගු කහ පැහැති මලක් වෙනත් නටුවක පිපෙනවා. පුදුමයි නේද...?

:       438       554

පූජා Wednesday, 24 June 2020 01:44 PM

මම ආසම කරන පුෂ්පයක් තමයි මානෙල් මල් කියන්නේ.. නැවත භවයක ඉපදීමක් තියෙනවා නම්, සම්මා සම්බුදු පියාණන්ට සදැහැවතෙකුගේ අතින් පුදන මලක් වී, එය පරවුණාට පසුව නැවත, නැවත එහි දිය පොකුණක මලක් වෙලා පිපෙන්නට තියෙනවා නම්... නිල් සහ කහ මානෙල් මල්වල අපූර්වතම සුන්දරත්වය විඳින්නට දෑසේ ඉඩ මදි.. සොබා දහමේ අපූර්වතම මැවීම පුදුම එළවන සුළුයි.

:       539       770

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 24 June 2020 02:24 PM

පූජා, අපේ බුදුහාමුදුරුවන් ගැන ඔයාගේ සිතේ තිබෙන අප්‍රමාණ ගෞරවය, ශ්‍රද්ධා භක්තිය ගැන හොඳහැටි පෙනෙනවා ඒ උතුම් ප්‍රාර්ථනාවෙන්... ඔයා ගැන මට හරි ආඩම්බරයි.. පින්බර සිතත් මලක් වගේමයි.. එයට කියන්නේ සිත්මල කියලයි.

:       613       1032

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 24 June 2020 01:50 PM

සොබාදම් මවගේ අපූරු සුන්දර අවස්ථාවක් ලෙස මේ දෙස බැලූවිට පෙනේ...! මාත් බොහෝ අවස්ථාවන්වලදී නිල් මානෙල් වල ඡායාරූප ගත්තත්, කහ මානෙල් මල් දැක නැහැ. දිවා කාලයේ පිපෙන නිසා මේවා කුමුදු වෙන්නත් බැහැ... මං හිතන්නේ මෙය නිල් මානෙල් වල කිසියම් ජානමය විපර්යාසයක් නිසා මේ ප්‍රභේදය හටගන්න ඇති කියා සිතෙනවා... කෙසේවුවත් මේ සුන්දර දර්ශනය ඉතා මනරම් ... මේ ස්වාමීන් වහන්සේලා සෙනෙහසින් කරුණාවෙන් මේ මල් ගස්වලට සාත්තු සප්පායම් කරන නිසා සොබාදහමේ මේ ප්‍රාතිහාර්යය සිදුවෙන්න ඇති..

:       5       190

[email protected] Wednesday, 24 June 2020 01:52 PM

මේ මල් කඩලා මහින්දට දෙන්න පූජා කරන්න...

:       374       292

කල්පනාThursday, 25 June 2020 12:40 AM

නිල්පාට හා රතුපාට මානෙල් මල් දැකඇතත් කහපාට මානෙල් ගැන අසා තිබුනේම නැහැ. මෙම මල් කඩා නොදමා පරවුණාම සෑදෙන ගෙඩිවලින් ඇටගෙන මෙම වර්ගය ප්‍රවර්ධනය කරන්න. හරිම ලස්සන මලක්

:       4       17

karuFriday, 26 June 2020 03:23 PM

ගම්කබරයින්ට මේ මල් දුන්නොත් අපිට වැසි නැති හෙන පාත්වේවි...!!!

:       76       141

උපුල් Wednesday, 24 June 2020 04:16 PM

විජිත් මහතාට ගොඩාක් ස්තූතියි නිවැරදිව උද්භිද විද්‍යාත්මකව කරුණු දැක්වූවාට...

:       0       54

විජිත්Friday, 26 June 2020 04:59 PM

ස්තුතියි උපුල්. ගැටළුකාරී යමක් තියෙනවානම් අහන්න. මට හැකි පමණින් කියලා දෙන්නම්. ටිකකලක් මම මේ පිටුවෙන් නොයෙකුත් පැහැදිලි කිරීම් කළා. වැඩ ටිකක් වැඩිවුණාම ටික කලකට නවත්වන්න සිදුවුණා. ප්‍රශ්නයක් නැහැ දැන් මම ගොඩක් නිදහස්. ලංකාදීප පත්තරයට - අපේ පිටුව බලන අපේ මිතුරන්ට මිනිත්තු කිහිපයක් සේවය කරන්න ලැබීම හරිම සතුටක්.

:       0       56

විජිත්Saturday, 27 June 2020 03:06 AM

ස්තුතියි උපුල් මහත්මයා, ඔබට විද්‍යාව, ඉලෙක්ට්‍රොනික්ස්, විද්‍යුතය, පරිගණක විද්‍යාව.. ආදිය සම්බන්ධයෙන් ගැටළු පැනනැගුනොත් මගෙනුත් අහන්න, මම මට හැකි පමණින් විසඳලා දෙන්නම්. කලක් මම මේ පිටුවේ එය කළා. නමුත් රැකියාවත් සමග වැඩ වැඩිවූ නිසා නැවැත්වුවා. දැන් මම ගොඩක් නිදහස්. අපේ ලංකාදීපයේ හිතවතුන්ට සුලුවන් හෝ යමක් කිරීමට හැකිනම් එය මට මහත් සතුටක්...

:       0       59

Champa Wednesday, 24 June 2020 06:50 PM

හරිම ආසයි මේ දුර්ලභ කහපාට මානෙල් මල් දකින්න. ලෝකයේ පැරණිම ඉතිහාසයක් තියෙන මල් වර්ග වලින් එකක් වගේම ලෝකයේ වැඩිම වාරයක් පින්තූර අරන් තියෙන මල් වර්ග වලිනුත් එකක් විදිහට මානෙල් සලකනවා. එකම මානෙල් පැලෙන් පාට දෙකක මල් ආවේ කොහොමද කියන එකට හේතුව හාමුදුරුවන්ගේ නිරීක්ෂණය මත පිහිටලා පමණක් නිගමනය කරන්නත් පුළුවන්. ඒ කියන්නේ, "කහ මල් වෙත ආලෝකය ලැබීම අවහිර කර තිබියදී හැකිලෙන බවත්, නැවත ආලෝකය දුන් විට පෙති දිග හැරෙන බවත්" "නිල් මානෙල් එහෙම නොවෙන බවත්" හාමුදුරුවෝ නිරීක්ෂණය කරලා තියෙනවා. උද්භිද විද්‍යාඥයන් කියන විදිහට මානෙල් වර්ග දෙකක් තියෙනවා. එකක්, මුළු අවුරුද්ද පුරාම හිරු රශ්මිය ඇතුව හෝ නැතුව පවතින (මුල් වල රයිසොම් තියෙන හාඩි කියන) සුලභ වර්ගය සහ හිරු රශ්මිය නැතුව පරිසරය සිහිල් වුණු ගමන් පොහොට්ටුවක ආකාරයට පෙති හැකිලෙන (බල්බ වලින් හැදෙන ට්‍රොපිකල් කියන) විරල වර්ගය. නමුත් මේ දෙවර්ගය නිල් සහ කහ විදිහට එකම පැලෙන් එන්න නම් බැහැ. හාමුදුරුවෝ මේ නිල් මානෙල් අලය ගත්ත මව් ශාකය තිබ්බ පොකුණේ ට්‍රොපිකල් බල්බ වර්ගයේ කහ මානෙලුත් තිබිල තියෙනවා එකටම... සමහරවිට පසත් එක්ක ඇවිල්ලා ඇති. නමුත් කහ මානෙල් හරිම විරලයි.

:       10       5

Champa Wednesday, 24 June 2020 07:27 PM

ඉස්සෙල්ල ඉඩ මදිවුණා ලියන්න. කහ මානෙල් නිකනුත් විරලයි. හුඟක් තියෙන්නේ මුල් වලින් පැල හටගන්නා හාඩි කියන වර්ගය. හාමුදුරුවෝ කියන, හිරු රශ්මිය ආවරණය කළාම හැකිලෙන, බල්බ වලින් හට ගන්න ට්‍රොපිකල් වර්ගයේ කහ මානෙල් හුඟක් දුර්ලභයි මම දන්නා විදිහට. නිකම් කෝප්පයක් වගේ පෙති තියෙන කහමානෙල් නම් සාමන්‍ය වර්ගයක්. නමුත් මේ කහ මානෙල් නම් දෙමුහුම්කරණයට ලක්නොවුණු ස්වභාවික මානෙල් වර්ගයක්. මේ හාමුදුරුවන්ගේ පන්සලේ මාළු ටැංකියේ (පන්සලට අලංකාරයක් දෙන්න මාළු ඇති කරනවා කියන එක නම් මගේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි), නමුත් මේ පන්සලේ තියෙන කහ මානෙල් වර්ගය සංරක්ෂණය කලයුතු වටිනා මානෙල් වර්ගයක්.

:       0       10

Binkunndaa Wednesday, 24 June 2020 08:03 PM

මේකත් අර කැළණියේ නාග ලෝකෙන් ආපු නයා වගේද දන්නේ නැහැ.. තායිලන්තයේ තියෙනවා කහ මානෙල් වගේම මලක්... දැන් ගාඩ්න් සෙන්ටර්වල මේවායේ පැල තියෙනවා. දෙක එකට හිටවලා තිබුණාම එකම පැලේ වගේ පේන්නේ...

:       12       13

පූජා Wednesday, 24 June 2020 08:56 PM

මෙවැනි මන බඳින දසුනකින් වසඟ නොවන්නේ කවුද? විශේෂයෙන් කාන්තාවන් මල්වලට කොහොමත් කැමතියිනේ... ඒත් ඇයි මට මේවා වලින් දෑස් ඉවතට ගන්න සිත නොදෙන්නේ? ආලෝකය අඩුවන විට හැකිලෙන කහ මල් මැද, ගාම්භීරව, නොසැලී ඉන්නා, නිල් මහනෙල් මලේ රහස කුමක්ද? ඇයි දෙදෙනෙක් ලංවෙලා... ඒ දෙන්නා අනිත් මල දිහා බලලා හිතනවා ඇත්තේ, ඔයා ලඟත් නිල් මානෙල් මලක් පිපුනොත්, අපේ සිරි නරඹන දනන් කෙතරම් ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවා ඇද්ද කියලා වෙන්නැති. මට හිතෙන්නේ තව ගොඩාක් නිල් මානෙල් මල් පිපුනොත් හොඳයි කියලා. නිල් මානෙල් අඩුවෙලා, කහ මානෙල් වැඩි වුනොත් නිල් මානෙල් ගණන් උස්සයි. හරියට කාන්තාවෝ වැඩි වෙලා, පිරිමි උදවිය අඩුවුණා වගේ... මෙයාලා දිහා බලාගෙන ඉන්න කොට මගේ හිතට නැඟුණ චූටි අදහසකි මේ. ඩිස්ලයික් දමන මිතුරනේ, ඔබලා කෙතරම් ඩිස්ලයික් දැම්මත්, මේ පුංචි විලේ මානෙල් මල් පිපෙන එක කාටවත්ම නවත්වන්න බැරි වෙයි.

:       127       126

ක්‍රිශාන්ත දිසානායක Thursday, 25 June 2020 03:19 AM

මානෙල් මල් බලපු සතුට සැනෙකින් බොඳවී ගියා, මෙහි කොමන්ට් වලට දාලා තියෙන නෙගටිව් කොමන්ට් දැක්කහම.. දේශපාලන කොමන්ට්වලට තමයි මෙහෙම දැකලා තියෙන්නේ... පුදුම පිස්සන් වගයක් ඉන්නේ... ඉස්සර මේ පිටුව කොච්චර ලස්සනද? විජිත් මහත්තයෝ, මීට පෙර මෙහෙම දැකලා තියෙනවද? මොනවා බෙදාගන්න බැරිවද අප්පා?

:       0       42

විජිත් Friday, 26 June 2020 10:54 AM

ස්තුතියි ක්‍රිෂාන්ත, සමාජයේ එක එක වර්ගවල අය ඉන්නවනේ.. එ්කනේ අපි සමාජයක් කියන්නේ. ඉතින් අපි ඔය නෙගටිව් කොමෙන්ට්ස් ගණන් ගන්නේ නැතිව ඉමු. ඒවා අපේ ඇඟේ වදින්නේත් නැහැනේ. කොමෙන්ට්ස් දමන්න තැනකුත් තිබුනේ නැහැ. හැබැයි අපි අපි සහයෝගයෙන් අදහස් හුවමාරු කරගත්තා ඒ කාලයේ. අපේ මේ පිටුව බලන බුද්ධිමත් ඒවගේම දැනගැනීමේ පිපාසයෙන් පෙලෙන අපේ සහෘදයින් තීරණය කරාවි කුමක්ද හරි කියලා. හැබැයි ඉතින් නෙගටිව් කොමෙන්ට්ස් දමන මානසික රෝගීන් ගැන අපිට දුක්වෙනවා හැර වෙනත් කරන්න දෙයක් නැහැ. " dislike " කරනවාට වඩා හොඳයි " ඇයි මම මේ සටහනට අකමැති " කියලා පැහැදිලි කරන්න පුළුවන් " පිට කොන්දක් " ඇති අය ඉන්නවා නම්... එතකොට අපිට අපේ වැරදිත් හදාගන්න පුළුවනි...

:       0       126

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 27 June 2020 03:17 PM

විජිත්, ඔයාගේත්, ක්‍රිෂාන්ත මහතාගේත් අදහස්වලට ස්තූතියි. ගම්මිරිස් හා සම්බන්ධ පුවතක් ඊයේ පළවුණා. එහිදී මාහට සත්‍යදේ පෙන්වන්න ගිහින් ප්‍රශ්න වැලක් ඇතිවුණා. දෙවියන් සත්‍යගරුක මා බේරගත්තා. දේශපාලනයට ගැති අනුවණ අය කේන්තියෙන් උගතුන්ට පහර දෙනු මෙහි නිතර පෙණුනු දෙයක්. නූගත් කෙනා සමග තර්ක කරන්න මා ආසා නැහැ. එය කළනොහැකි දෙයක්... මොකද ඔහු අවසානයේ කියනවා "ඔයා ඕක ඔලුවෙන් හිටන් කිව්වත් මං ඕක පිළිගන්නේ නැහැ" කියා.. ඉතින් එවැනි අයත් සමග මොන කතාද? නිහඬවීම තමයි වැදගත්.. ඒත්, ඔයා, පූජා, රවීන්ද්‍ර ඇතුළු අය ගැනත්, මේ තීරයෙන් ඈත් වීමත් දුකයි. අවශ්‍යම දේකට ලියනවා. විශේෂාංග වලටත් ලියනවා.

:       0       0

මැඩෑමුල්ලේ සුජාත හිමි. Thursday, 25 June 2020 03:54 AM

මගෙ පන්සලේ පිපි මල් දෙකකි. මම කිසිඳු බෙහෙතක් දමා නැත. වසර දෙක හමාරකට කලින් තිබුනේ මෙම පැලේ වෙනත් පන්සලක සිටවූ දා සිට පිපුනේ නිල් මානෙල් පමණයි. මා උපසම්පදා වෙලා හරියටම වසර 1ක් වනදිනට තමයි ප්‍රථම කහපාට මල පිපුනේ.. මට හරි පුදුමයි. මම අහලා තියෙනවා නුවරඑළිය ප්‍රදේශයේ ග්‍රෙගරි වැවේ ලා කහපාට මල් තියෙනවා කියලා.. ඒත් මේ මල තද කහපාට අපි අහලා තියෙනවා.. බෙහෙතේ ගැහුවම මලේ පාට වෙනස් වෙනවා කියලා ඒත් කිසිඳු බෙහෙතක් නොදා කොහොමද මේක වුනේ මම දමා තියෙන්නේ වැව් මඩ... වැලි. මැටල් මෙම එකතුවක් බෙහෙත් නොදා පිපුණොත් මෙහෙම මලක් මටත් කියන්න. සම්බුදු සරණයි...

:       0       150

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 25 June 2020 07:22 AM

අපේ හාමුදුරුවනේ, ඒ දිනයේම ඔය කහමල පිපුණේ ඔබ වහන්සේගේ සිල් බලයටම වෙන්න ඇති.. මොකද ගහකොළ හරිම සංවේදීයි.. බෝධියෙන් මනුෂ්‍යයාට හිතකර කිරණ පිටවන බව විද්‍යාව මගින් සොයාගෙන තිබෙනවා. දියුණු රටවල විද්වතුන් නිර්මල බුද්ධ ධර්මයේ අදෘශ්‍යමාන බලය ගැන පර්යේෂණ කරනවා. ඇමරිකාවේ මාත් සමග එකට වැඩකරන ප්‍රංශ ජාතික ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු සිටිනවා. ඔහු ප්‍රංශයේ සිට තායිලන්තයට ඇවිත්, බුද්ධ ප්‍රතිමා ආදිය ගැන ඡායාරූප ගන්නේ පුදුම කැමැත්තකින්. ඒවා ගැන මාහට විචාර ලිවීමට ලැබී තිබෙනවා. වරක් මා වෙහෙරහේන බුද්ධ ප්‍රතිමාව අසළ ඇති වෙල්යායට පෙනෙන හැටි පෙන්වන්න එය ඡායාරූපයට නැඟුවා. එය හරිම අලංකාරයි. ඒත්, ඉහත මගේ උගත් මිතුරා මට කිව්වා. හිස කණුවට වැසිලා. මේ ඔයා අරගෙන තියෙන්නේ ලෝකේ පහලවූ උසස්ම මිනිසාගේ රුව.. වහාම එය නැවතත් ගන්න කියා. ඒ වදන් ඔහු පැවසුවේ කේන්තියෙන්. මට ඔහු ගැන ආඩම්බරයක්ද, බුදුහිමියන් ගැන විශාල ගරුත්වයක්ද ඇති වුණා. විදේශීය ප්‍රඥාවන්තයින් දහම නුවණින් දකිනවා. ඒ බව නොදන්නා අපේ සමහර අය දහම කරතියන් යනවා.

:       406       164

විජිත් Thursday, 25 June 2020 08:05 AM

සමිත, හරිම සතුටුයි. හොඳ අදහස් දැක්වීමක්... මටත් කියන්න ගොඩක් දේවල් තිබුනත්.. මගේ හිත ටිකක් අවුල්.. පසුව හමුවෙමු...

:       0       21

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 25 June 2020 09:27 AM

ස්තූතියි !.. විජිත්, හොඳින් කටයුතු කරගන්න..

:       0       21

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 25 June 2020 08:44 AM

නිල් මානෙල් කිමද? කහපාටින් පිපුණේ.. උපසම්පදා දින ගැන කිම?.. ඉව වැටුණේ... කහ වර්ණයෙන් පන්සල් බිම ඔප වැටුණේ... ජාතිය සහ දහම ගැන මතකෙට නැඟුණේ...

:       7       55

Damayanthi peiris Thursday, 25 June 2020 04:42 AM

හරිම ලස්සනයි.

:       1       12

විජිත් Thursday, 25 June 2020 06:46 AM

මේ සුන්දර දසුනට මුල්වුණු ලස්සන මානෙල් මල් දැක්කම මට අමරදේව මහත්මයාගේ ගීතයක් ..මගේ හිත මුමුණනවා. මඩවල එස්. රත්නායක මහත්මයාගේ සුන්දර සංකල්පනාවක්. ජීවිතයේ අනියත බව කියන්න මේ ගීතයටත් වඩා තවත් දෙයක් අවශ්‍යද..? නිල්මානෙල් මල් පිපුණා.. නෙත් සැදුණා... ඒ නළල ඇගේ අඬසඳ වාගේ මිහිර නොවේද? හදවත කාගේ මුතු ඇටවන් දත් පෙළ සුදිළේ සිනහ නැඟේ... දත්වල කැල්මේ ඇයගේ දෙපා ළඟ මහද තැවේ. එපමණි මා ලද එකම සුවේ...,

:       127       201

kamal Thursday, 25 June 2020 07:10 AM

මානෙල් තාම කහපාට එන්න පටන්ගත්තේ නැහැ.. හරියට.. ඡන්දෙන් පස්සේ බලන්නකෝ... දැක්කාද මහබැංකුවේ මානෙල් ටික ගෙන්වලා කහපාට කරපු හැටි...

:       103       2

shantha QatarThursday, 25 June 2020 08:44 AM

කමල් මොලේ හොඳ නැද්ද? මේ තරම් ලස්සන පින්තූරයක් දාලා... මොනතරම් ලස්සන අදහස්වලට මේ විදිහට ගරහන්න එපා. මේකට කියන්නේ මන්ද මානසිකත්වය කියලා...

:       2       182

Dammi Thursday, 25 June 2020 08:29 AM

අනුන්ගේ ඉඩම්වල වැවෙන ගහකොළ නේ...

:       11       0

ana Thursday, 25 June 2020 09:04 AM

කහ මානෙල් විශේෂයක් ගෙවතු පොකුණුවල දැන් තියෙනවා.

:       1       13

Amal Liyanaarachchi Thursday, 25 June 2020 03:07 PM

අනුරාධපුර තියෙන මගේ ගෙදර තියෙන පොකුණේ තුන්පාරක් කහමානෙල් මල් පිපුණා. මටත් පුදුම හිතුණා. ඒවා පිපෙන්නේ ගොඩ කාලයකට සැරයක්... මම ඒ මල් ශ්‍රී මහා බෝධියට පූජාකළා. මල්වල පින්තූර මගෙ ළඟ තියෙනවා... හරිම ලස්සනයි..

:       0       7

මැඩෑමුල්ලේ සුජාත ස්ථවිර Friday, 26 June 2020 03:27 AM

බෙහෙත් වලින් මල්වල පාටයි අද අරගන්නේ.. තම සිත සත්‍ය කිසිවිටෙක නැත නොපෙනෙන්නේ... සැමවිට සැම දෙය උඩුයටිකුරු වන්නේ කිසි දවසක මම මල්වලට බෙහෙත් දමන්නේ නැත... අධර්මය දැන් දැන් කල එළි වන්නේ කල්ප විනාශයටයි. දැන් දැන් එක් වන්නේ යහපත් සිරිත් ගුණ දම් මිනිසුන් තුළ නැති වන්නේ ස්වභාවික කහ මානෙල් මලෙන් අද පෙන්වන්නේ..

:       34       4

Amal Liyanaarachchi Saturday, 27 June 2020 07:59 AM

හගේ පොකුණේ පිපුණු කහ මානෙල් වලටත් කිසිම බෙහෙතක් භාවිතා කර නොමැත. මට පුළුවන් වුණු වෙලාවක පන්සටම එන්නම් හාමුදුරුවෝ හමුවෙන්න.

:       0       3

සෑම් Sunday, 28 June 2020 01:24 PM

සැබවින්ම මෙය අපූරු වාසනාවන්ත දර්ශනයක්. මෙයින් කියැවෙන්නේ නුදුරේදීම පොහොට්ටුව දෙකට කැඩෙන බවයි. රටේත්, ජනතාවගේත් සියළු මහජන දේපළ වලත් වාසනාව...!

:       0       0

H.T.W.GAYANA... Sunday, 25 April 2021 10:38 AM

අසිරිමත් දෙයක්...

:       0       0

H.T.W.Gayana Sunday, 25 April 2021 10:44 AM

අසිරිමත් දෙයක් .......

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site