IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දඹුල්ලේ එළවළු අලින්ගේ ආහාරයට

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ බොහෝ එළවළු තොග අලෙවි නොවීම නිසා ඉවත් කිරීමට සිදුව ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

මෙසේ ඉවත් කරන එළවළු තොග දිගම්පතහ  රජයේ රක්ෂිත කැළෑවට  ගෙන ගොස් දමන අතර ඒවා  වන අලීන්ගේ ආහාර බවට පත්ව ඇති අයුරු දැක ගැනීමට හැකිවිණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන පිපිඤ්ඤා, තක්කාලි, වම්බටු, නෝකෝල්, රාබු, නිවිති,  දඹල ආදී එළවළු වර්ග රැසක් දිනපතා ඉවත් කිරීමට සිදුව තිබෙන බව ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

එළවළු තොග විශාල වශයෙන් අද (5) අලුයම දඹුල්ල මහනගර සභාවේ ටිපර් රථ මඟින් දඹුල්ල  රජයේ රක්ෂිතයට  ගෙන ගොස් දැමීම සිදු විණි.



අදහස් (28)

දඹුල්ලේ එළවළු අලින්ගේ ආහාරයට

Perakum Monday, 05 March 2018 04:49 AM

අපි ඡන්දෙ දීලා යවන මිනිස්සුන්ට මේවා පේන්නෙ නැද්ද? කොහොමද ඉතින් ආර්ථික සංවර්ධනයක් වාර්ගික සංහිඳියාවක් ඇතිවෙන්නෙ? මේ එළවලු බොහොමයක් එන්නෙ යාපනේ ගොවියන්ගෙන්.

:       3       235

susanthaTuesday, 06 March 2018 10:42 AM

බලන්න කිසිම වැඩ පිළිවෙලක්, දර්ශනයක් නැති නූගත්, මැර, තක්කඩි, හොර දේශපාලකයින් නිසා රටකට අත්වෙන විපත. රටක නිෂ්පාදන නිසි පරිදි කළමනාකරණය කරලා ජනතාවටත්, නිෂ්පාදකයින්ටත් හැමෝටම වැඩක්වෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බැරිනම් මොකටද එවැනි ආණ්ඩු, පාලකයෝ... නිකන් මිනිස්සුන්ගේ සල්ලි ගිලින්න. මේ එළවලු, පලතුරු අස්වනු ලැබෙන කාලයට ඒවා අරන්, ඉන් පස්සේ එක්කෝ ශීතකරලා, එහෙම නැතිනම් අධිශීත කරලා, අස්වනු නැති කාලෙට වෙළඳපොලට යවන්න ක්‍රමයක් තියෙන්න ඕනෑ නේද? ඒවා කොහෙද ඇමතිවරු විදියට ඉන්න නූගත්, මැර සල්ලාලයෝ... වැඩක් නැති බිල්ඩින් වලට ජනතාවගේ සල්ලි කෝටි සිය දහස් ගණන් වියදන් කරනවා. හෙන ගහන්න ඕනෑ මේ එළවළු කුණු වෙන විදියටම මෙහෙම කරනවා නම්!!!

:       0       20

Lal Pathegama Monday, 05 March 2018 05:01 AM

අලින්ට දෙනවනම් ප්ලාස්ටික් උර අයින් කරලා එළවලු බාන්න. නැත්නම් අහිංසක සත්තු මැරෙනවා.

:       0       243

asantha Monday, 05 March 2018 05:21 AM

කාවහරි දමලා උරටික අයින් කරලා අලින්ට දුන්නා නම් එ්ක ලොකු දෙයක්....

:       0       121

Prabath Monday, 05 March 2018 05:34 AM

ආර්ථික විද්‍යාව ගැන තියා සා.පෙ වත් සමත් නැති අය රටේ පාලනයට පත් කරගත්තම ඔහොම තමයි. පොල් ගෙඩියත් රටින් ගෙන්වනවා කිව්වම අප්පුඩි ගහන ඡන්ද දායකයෝ ඉන්න රටක්නේ මේක. රටින් ඔක්කොම ගෙන්වන්න දඟලනවා විතරයි.. අතිරික්තය රට පටවන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ.

:       0       203

Nandaka Monday, 05 March 2018 06:03 AM

සෙසු බොහෝ පළාත්වල එළවළු ඉහළ මිලට අලෙවි වෙද්දී, එළවලු ගන්න සල්ලි නැති දුප්පතුන් - දුප්පත් දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙද්දී, දවසට, වේලට එළවලු වර්ග 5ක් කන්න කියල පෝෂණවේදීන් කියද්දී මේ පුංචි රටේ කිමි 200 - 300 ක් දුරට එළවලු ටිකක් යවන්න ක්‍රමවේදයක් හදන්න බැරි නොහැකියාව, නොසැලකිල්ල තම එකම සුදුසුකම කරගත් ජනාධිපතිවරු අගමැතිවරු මැති ඇමතිවරුන්ට අදාළ නිලධාරීන්ට සහ ඒ අයට ගරු කියලා මුලින් ලියන - කියන හැමෝම දූපත් ගෙම්බෝ වගේ අපි තමයි පොරවල් කියලා හිතාගෙන ඉන්නේ !!!

:       0       1105

ramaMonday, 05 March 2018 12:23 PM

නන්දක, ඔබ හරියට ගහලා වදින තැනට...

:       0       830

sam Monday, 05 March 2018 06:41 AM

මේවා පොලීතින් මලුපිටින් සතුන්ට කන්න දීලා පරිසරයත්, සතුනුත් වනසන්නේ නැතිව කොම්පෝස්ට් ව්‍යාපාරයක් ආරම්භ කරන්න කවුරුන් හෝ ඉදිරිපත් විය යුතුයි.

:       0       31

ase Monday, 05 March 2018 06:46 AM

මෙතන එළවළු විසි කරනවා. අපිට එළවළු ගන්න ගියාම එලොව පේනවා. මේ ක්‍රමයේ වැරැද්දක්... කෝ එදා අය-වැයෙන් ගෙනාපු එළවළු කල් තබා ගතහැකි සීතල ගබඩා? මේ රටේ කවද්ද හරි දෙයක් කෙරෙන්නේ?

:       0       126

AdiriMonday, 05 March 2018 10:05 AM

දේශපාලකයින්ගේ කාර්, ජීප් වල එයාර් කන්ඩිෂන්... මේකට පාවිච්චි කරමු !!!

:       0       32

Appuva Monday, 05 March 2018 07:45 AM

ඕවා ඔක්කෝටම කෘමිනාශක බෙහෙත් ගහලා කෑවා නම් අලිත් ඉවරයි.

:       1       82

Jayasiri Monday, 05 March 2018 08:42 AM

මේක නම් විශාල නාස්තියක්.. දවසට එක් වේලකින් යැපෙ මිනිසුනුත් ඉන්නවා.. අපිට සැබෑ නායකයෙක් ඉන්නවාද?

:       0       68

rama Monday, 05 March 2018 09:01 AM

අැයි මේ එළවලු කොළඹ පැත්තට ගෙන්න බැරි. මෙහෙ එළවලු ගිනි ගණන්. මොනවද ආණ්ඩුව කළමනාකරණය කරන්නේ? එළවලු නැතුව නගරවල මිනිස්සු ලෙවකනවා මෙහෙ විසි කරනවා.

:       0       108

anuMonday, 05 March 2018 10:36 AM

අධිවේගී මාර්ග නැති නිසා තමයි.

:       0       235

ajith Monday, 05 March 2018 09:28 AM

වෙන රටවල්වල රක්ෂිතයකට කොළ කෑල්ලක්වත් දාන්න දෙන්නේ නෑ. මෙහෙම පාලනයක් නැතුව කෑම දාන එකෙන් සත්තු මැරෙනවා. බලධාරීන්ට මේක නොපෙනෙන එක රටේ අවාසනාවක්...

:       0       27

palitha galapitiyaMonday, 05 March 2018 09:55 AM

පරිසර ඇමති නිදියගෙන වගේනේ ඉන්නේ...

:       0       50

PrakumMonday, 05 March 2018 09:21 PM

එහෙම ඇමතියෙක් ඉන්නවද?

:       0       3

rasika Monday, 05 March 2018 09:36 AM

පොලිතීන් පරිසරයට... දඬුවම් නැද්ද? පරිසර අමාත්‍යාංශය කොහේද?

:       0       59

manjula Monday, 05 March 2018 01:24 PM

පරිසර ඇමති තාම පත්තරය බලලා නැත.

:       0       52

leel gunawardena Monday, 05 March 2018 01:45 PM

අම්මප මේවා දැක්කහම පුදුම හිතෙනවා මේ තරමට දුක් මහන්සිවෙලා වගාකරලා මේ විදිහට විනාශකරනවා ඒ මදිවට ප්ලාස්ටික් බැග් එක්කම සත්තුන්ට දාලා කන්නදෙනවා මේ ගැන සොයා බලන්නට නිළධාරීන් නැද්ද රට පාලනය කරන මැති , ඇමති වරුන් නිදිද ? පරිසරයත් විනාස වෙන බවක් පෙන්නේ නැද්ද ? මේ එළවලු වෙන ප්‍රදේශ වලට ලබාදෙන්නට වෙන ක්‍රමයක් නැද්ද? අනේ අපේ රටට වෙන දේවල් .

:       0       35

emerson Monday, 05 March 2018 05:42 PM

මේවා කාල අලින්ටත් වකුගඩු රෝග හැදෙයිද දන්නේ නැ අසරණ සත්තු

:       0       10

Derick Pasanna Monday, 05 March 2018 07:47 PM

පරිසර ඇමතිතුමාගේ ඇස පේන්නෙ නැද්ද මේ අහිංසක සතුන්ට කරන විනාශය .

:       0       0

ajith Tuesday, 06 March 2018 02:13 AM

මේ අපරාධය කරන්න එපා. මේ වැඩෙන් ගොවීන්ටත් පාඩුයි. සත්ව ජීවිත වලටත්, පරිසරයටත් හානිදායකයි හිටපු ආරක්ෂක ලේකම් තුමා එදා කල දේ හරි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය තුමනි, වහාම හමුදා නිලධාරීන් සහ වාහන යොදවා මෙම ගොවීන්ගේ එළවලු අපේ ගම්වල පොළ වලට එවන්න වැඩ පිළිවෙලක් සකසන්න. මේ මහා අපරාධය තවදුරටත් කරන්න දෙන්න එපා. අපේ ගම්වල එළවලු ගිනි ගණන්. තමුන්නාන්සේලා මැතිවරණයෙන් පැරදුනේ, මේවගේ දේවල් දැකල අහක බලාගෙන ගිය නිසයි. ගොවීන් ගැනත් පාරිභෝගිකයා ගැනත් මේ වෙලාවේ හිතල හරි වැඩක් කරන්න. .

:       0       35

anilTuesday, 06 March 2018 10:49 AM

අජිත් පිස්සුද? හමුදාව යොදවලා එවැනි වැඩ කරලා මේ ආණ්ඩුව කොහොමද හමුදා යුද අපරාධකාරයෝ කියන හංවඩුව ගහන්නේ? පිටරටවල් පිනවන්න හමුදාව හිරේ දාන්නේ... ඔවැනි වැඩවලින් වෙන්නේ හමුදාව තවත් ජනප්‍රිය වෙන එකනේ! ඒවා සුම්මා. අනිත් එක වෙන කිසි වැඩක් කරගන්නත් බැරි රූකඩ, සෙවල, පණනැති, වැඩබැරි, පාණ්ඩු ආණ්ඩුවකින් එහෙම ඵලදායි වැඩක් බලාපොරුත්තු වෙන්න පුලුවන්ද? කියයි.

:       0       8

ගුණවර්ධන Tuesday, 06 March 2018 02:17 AM

මේවා නම් හෙණ ගහන අපරාධ , මේ මිනිස්සු කණ කර උකස් තියලා ගොඩක් අමාරුවෙන් මේවා වගා කරලා අන්තිමට විකුණගන්න බැරුව අපතේ දානවා ..ඒත් සමහර පැති වල මිනිස්සුන්ට කන්න දෙයක් නැතුව තුන් වේල බඩගින්නෙ වේලෙනවා. ඇයි මේවට නිසි විසදුමක් දීලා ගොවියටයි පාරිභෝගිකයන්ටයි සාධාරණයක් කරන්න බැරි..?

:       0       37

anilTuesday, 06 March 2018 10:44 AM

වැඩබැරි, නූගත්, තක්කඩි හොර දේශපාලකයන්ගෙන් එවැනි වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? කෘෂිකර්ම ඇමතියට ඕන අමාත්‍යාංශයට අලුතින් බිල්ඩින් අරන් කෝටි ගණන් වියදම් කරන්නයි, අලුත් වාහන ගෙන්න ගන්නයි විතරයි.. අනිත් වැඩවලට අමතරව...

:       0       0

wajirabodhi Tuesday, 06 March 2018 06:59 PM

මෙහෙමත් මෝඩයෝ ඉන්න රටක් ලෝකේ කොහෙවත් නෙතුව ඇති.

:       0       0

chamara Silva Wednesday, 07 March 2018 11:19 AM

මෙතන ඉස්සර ලොකු දළ ඇතෙක් හිටයා. කෝ පීනන්නේ නෑනේ දැන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18249 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site