IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දුම්රිය වෙළඳුන්ගේ උද්ඝෝෂණයක්

(ගයාන් අමරසේකර)

දුම්රියන් වල වෙළදාම් කරන වෙළදුන්ට පවතින රජය යටතේ  එම වෙළදාම තහනම් කිරිමට එරෙහිව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ සංවිධානය අද (9) කොළඹ එක්සත් ජාතීන්ගේ ශ්‍රී කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹූහ.

දුම්රියවල වෙළදාම් කරන වෙළඳුන් අල්ලා  ඔවුන්ව උසාවියට ඉදිරිපත්  කර දඩ  ගසන බවත් පැවතුන රජය යටතේ    රැකියාවට හැඳුනුම්පතක් සහ ජැකට්ටුවක්  ලබාදී රැකියාව ස්ථාවර  කළ බවත් දැන් එවැන්නක්  සිදු නොවීම නිසා  එයට විරෝධය දක්වන බවත් සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ  කාර්යාලයට හා ජනපති  නිවසට සංදේශයක් ද බාරදුන්නේය.  



අදහස් (10)

දුම්රිය වෙළඳුන්ගේ උද්ඝෝෂණයක්

ලහිරු Thursday, 09 November 2017 08:34 AM

අපෝ මේ තීරණය නම් ඉතා හොඳයි. දුම්රියවල, බස්වල ගමන් ගන්නා ජනතාවට මොවුන් ඇත්තෙන්ම ලොකු කරදරයක්. ජනතාවට කරදරයක් නොවන අයුරින් වෙනයම් ආකාරයකට මොවුන්ගේ ප්‍රශ්න විසඳා දෙන්න.

:       1       85

VIpula Thursday, 09 November 2017 08:42 AM

සෙනග පිරුණු දුම්රියක යන්නම ඕන මේ අයගෙන් තියන කරදරයයි, හයිකාරකමුයි බලාගන්න, මේ තහනම ඉතා හොඳ වැඩක්, කෙසේ නමුත් මේ මිනිස්සුන්ටත් සාධාරණයක් ඉටුවිය යුතුයි.

:       1       63

srimala Thursday, 09 November 2017 08:47 AM

දුම්රියේ වඩේ විකුණන, මගින් හට විශාල කරදරයක් වූ මෙම කට්ටිය, එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශයක් භාර දීම මට නොතේරේ. ඔවුන් යා යුත්තේ දුම්රිය දෙපාර්තුමේන්තුවේ සාමාන්‍යධිකාරී වෙත නොවේද ?

:       76       131

jayampathi Thursday, 09 November 2017 08:52 AM

මගීන් හට අවහිරයක් වෙන මෙවැනි නීති විරෝධී ක්‍රියාවකට, ජනාධිපති ගෙන් සහ එක්සත් ජාතීන්ගෙන් සහනයක් ඉල්ලන මෙවැනි අය ඇත්තේ ලංකාවේ පමණයි , අර පාසල් ඇඳුමින් ඉන්න දරුවා ලලැජ්ජාවෙන් මුණ වහගෙන ඉන්නවා පව්. මොවුන්ට දුම්රිය ස්ථානවල වෙළඳ කුටි දිය යුතුයි.

:       33       76

darshanaThursday, 09 November 2017 09:38 AM

කතාව සම්පුර්ණ ඇත්ත. මොවුන්ගෙන් මගීන්ට ඇත්තේ විශාල කරදරයක්. අනික මෙම වෙළදුන්ගේ මාෆියාවක් ඔවුන් මගීන්ට තර්ජනය කරන අවස්ථාද ඇත. දුම්රිය ඔවුන්ගේ බුදලයක්සේ සලකා ඉතා අවිනීත සහ කරදරකාරී ලෙස හැසිරෙයි. මෙය තහනම් කර වෙනත් ස්ථානවල වෙළදාමට අවස්ථාවක් ලබා දෙන්න

:       0       22

PRADEEP Thursday, 09 November 2017 11:22 AM

පොදු මගී ප්‍රවාහන වල වෙළදාමට කිසිසේත් ඉඩ දිය යතු නැත . මේක මගීන්ට මහා කරදරයක් ..... මේ අයට වෙන විකල්පයක් සලකා බලන්න .....

:       0       3

saman Thursday, 09 November 2017 12:34 PM

ඇත්තටම සමහර වෙලාවට මොවුන් හරිම කරදරයක්. නමුත් දුම්රිය ආපන ශාලාවලට වඩා අඩු මුදලකට මගීන්ට මොවුන්ගෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගත හැකිය. මේනිසා මොවුන්ට සුදුසු කොන්දේසි පනවා මෙම සේවාව විධිමත් කර ජනතාවට කරදරයක් නොවන පරිදි පවත්වාගෙන යනවනම් හොඳයි. උදාහරණයක් ලෙස තෝරාගත් දුම්රිය ස්ථානවල මොවුන්ට යම් ඉඩකඩක් වෙළද කුටි සඳහා ලබාදීම, තදබද නොමැති වේලාවල දුම්රිය තුල වෙළදාමට අවසර දීම, දුරගමන් සේවා වැනි තෝරාගත් දුම්රියවල පමණක් වෙළදාම් කිරීමට අවසර දීම, ආහාරවල තත්වය ඉහල මට්ටමින් පවත්වා ගැනීම සදහා නීති පැනවීම, මගීන්ට ආචාරශීලි වීම, පිරිසිදු නියමිත ඇඳුමක් නියම කිරීම, වෙලදාම් කරන කාලය තුල භාවිත කිරීමට යම් හැදුනුම්පතක් ලබාදීම වැනි කරුණුද ඇතුලත් ආචාර ධර්ම පද්ධතියක් ද මොවුන්ට ලබා දියයුතුය. කෙසේ නමුත් යාචකයන්නම් පොදු මගී ප්‍රවාහන සේවා වලින් ඉවත් කල යුතුමය,

:       0       38

sumanapala Friday, 10 November 2017 12:56 AM

කරදරයක් බව නම් සැබවි, නමුදු තම දහදිය මහන්සියෙන් රටට බරක් නොවී තම ජීවිකාව කිරීමට ඇති අයිතිය නැති කිරීමට මගේ බලවත් විරෝධය.

:       0       1

wasamtha Friday, 10 November 2017 03:08 PM

මේ අයට සුදුසු වෙනත් ආකාරයක වෙළඳාමකට නගර ආශ්‍රිතව කුටි හදා දෙන්න. දුම්රියේ වෙළඳාම තහනම් කල එකට අපේ ප්‍රණාමය. මෙවැනි වෙළඳාම් අතේ බංගලිදේශය වගේ රටවලන් පමණයි. දුම්රිය තුල හොඳ බෝජනාගාර සේවයක් පටන් ගන්න. ටිකක් මිල වැඩි වුණාට කමක් නැහැ. අහාර පිරිසිදුව දෙන්න.

:       0       0

Sampath Saturday, 11 November 2017 01:46 AM

මොවුන්ට ස්ටේෂන් වල විතරක් වෙළඳාම් කරන්න දෙන්න පුළුවන්... ඒත් දුම්රියේ වෙළඳාමට ඉඩනොදිය යුතුයි. අනෙක මේවායේ සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. පිරිසිදුත් නැහැ. අනෙක දුම්රියේ සිඟාකෑම පවා විදේශිකයින් හමුවේ රට හෑල්ලුවට පත් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site