IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උතුර-දකුණ ඒකාබද්ධ කිරිමේ සාම චාරිකාවන් වවුනියාවෙන් අරඹයි


 
රොමේෂ් මධුෂංඛ


සර්ව ආගමික බැතිමතුන්ගෙන් සැදුම්ලත් උතුර දකුණ ඒකාබද්ධ කිරීමේ සාම චාරිකාවක් අද (26) උදෑසන වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ සිට දකුණ බලා නැවත පිටත් විය.


දකුණේ සිට ඊයේ රාත්‍රීයේ ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් ද සමගින් රථ පෙරහරක් සමගින් සාම චාරිකාව වව්නියාවට පැමිණි අවස්ථාවේදී  පිළිගනු ලැබුවේ වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් වූ අතර පසුව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ දී සර්ව ආගමික නායකයින් සමඟ සාම සාකච්ඡාවක් පැවත්විණි.


සාම චාරිකාව පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමින් කෑගල්ලේ පංඥාරාම මහාධිකරණ නායක හිමියන් කියා සිටියේ,


‘දකුණේ ජනතාව උතුරේ ජනතාව ගැනත් උතුරේ ජනතාව දකුණේ ජනතාව ගැනත් සැක සංකා තවදුරටත් නොනිමි පවතිනවා ඒ නිසා අපිට වුවමනයි මේ උතුරයි දකුණයි කියන්නේ රටවල් දෙකක් නොවෙයි එකම ලංකාවක පළාත් දෙකක එකම පුරවැසියන් කියල පෙන්වන්න මේ රටේ සිටින සියලු දෙනාගේම සැක සංකා තුරන් කරලා ස්ථීරසාර සාමයක් උදාකිරීමට අවශ්‍ය නිසා තමයි අපි මේ මෙහෙයුම සාම මෙහෙයුමක් වශයෙන් සිදු කරනු ලබන්නේ.


‘මේ සාම මෙහෙයුම සඳහා විශේෂයෙන්ම රජයේ අනුග්‍රහය මෙන්ම දකුණු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ යන අයගේ පූර්ණ මැදිහත් වීමෙනි.


 



අදහස් (12)

උතුර-දකුණ ඒකාබද්ධ කිරිමේ සාම චාරිකාවන් වවුනියාවෙන් අරඹයි

Sanka Tuesday, 26 June 2018 07:03 AM

මේ ඔක්කොම බොරු වැඩ. මේවා දැන් කීයක් කලාද? හරියට මිනිස්සුන්ට දැනෙන වැඩක් කරන්ඩ ඕනේ. කර්නල් රත්නප්‍රිය වගේ. මිනිස්සුන්ගේ ආර්ථික තත්වය වැඩි කරන්ඩ ඕනේ.

:       205       233

PA - RA Tuesday, 26 June 2018 07:33 AM

එකම ධජයක්, එකම බුමියක්, බෞද්ධ රටක්, ජාතින් එයට ගරුකර සාමයෙන් සිටිය යුතුයි, එයිට එහා යන ත්‍රස්තවාදය, සහ දරුනු පාතාල වලට එරෙහිව ඇයි සෑමදෙයම සම්මත කර ගන්නා පාර්ලිමේන්තුවට නියම නීතියක් දඩුවමක් සම්මත කරගන්න බැරි. මේ 2ක ටම ප්‍රසිද්දියේ ගල් ගසා හෝ මරණ දණ්ඩනය දියයුතුයි, එය අනිකුත් අයගේ, ජනසමාජයේ මානව හිමිකම් සහ මානව ආරක්ෂාව වෙනුවෙන්ම නීතියක් කියල ලෝකයට පෙන්වා සම්මත කර ගත්තම. පාතාල, ඩයස් පෝරා, සහ අන්ත වාදී පිරිස් වලට කට තියා මොකවත් කරන්න බැහැ.

:       100       100

PerumalTuesday, 26 June 2018 03:47 PM

එකම බෞද්ධ රටක්? ඇයි එකම සිංහල බෞද්ධ රටක් කිව්වනම් ඉවරනෙ.

:       1       4

Aruna Tuesday, 26 June 2018 07:45 AM

උන්තුරේ සහ දකුණේ සියලු දෙනාට තමන්ගේ නිෂ්පාදන , කලාවන් අරගෙන ඇවිල්ල ඒවා බෙදාගන්න - විකුණන්න තැනක් හදන්න .... ඒවාට ආදේශන පිටරටින් ගෙන එක නවත්වන්න, එහෙම එන මිනිස්සුන්ගේ ආරක්ෂාව, සුව පහසුව සලසන්න ...එක හමුදාවන්ට බාරදෙන්න, එකිනෙකාගේ නිෂ්පාදන හා සේවා මිලට ගෙනීමට මූල්‍ය පහසුකම් සලසන්න ... මේ හුවමාරු මාධ්‍ය තුළින් එකිනෙකාගේ සිතුම් පැතුම්, භාෂාව , සංස්කෘතිය හඳුනාගෙන ...ඉබේම සම්බන්ධතා ඇති කර ගනීවි .... එකිනෙකා උතුරේත් , දකුණේත්, බටහිරත් , නැගෙනහිරත් හඳුනාගත් මිතුරන්ගේ නිවෙස්වලට ගමන් කරාවි........සම්බන්දතා ශක්තිමත් කරගනීවි..................

:       13       27

රජින්ද Tuesday, 26 June 2018 08:06 AM

ගහක් තියෙනවා මුල තවම ශක්තිමත් ඒත් කඳ පනුවෝ ගහලා, දැන් මොකද කරන්නේ...?? එක් එක්කෙනා ඇවිත් පොඩි පොඩි අත්බෙහෙත් කරලා බලනවා ඒත් ප්‍රශ්නේ එහෙම්මමයි. එහෙනම් කරන්න තියෙන දේ මොකක්ද? ... මට අනුව නම් ක්‍රම දෙකක් තියෙනවා. එකක් පනුවෝ ගහපු කඳ නිසා මුලත් විනාශවෙන එක වලක්වන්න කඳේ හොඳ හරිය ටිකක් උනත් ඒ හරිය අමාරුවෙන් හරි බේරලා අර නරක්වෙච්ච හරිය කපලා අයින් කරන එක. එහෙම නැත්නම්, කවදා හරි ස්වභාවිකව හෝ වෙනත් විදියකින් කඳ - මුල සමග ගහම විනාශවෙලා යනකන් ගහ පරිස්සම් කරන එක. අපේ මේ ප්‍රශ්නෙට තියෙන්නෙත් එහෙම විසදුමක්. මොකද මීට අවුරුදු ගානකට කලින් පහසුවෙන් විසදා ගැනීමට තිබුණු ප්‍රශ්න දැන් දුරදිග ගිහින් වැඩියි. පැහැදිලි බෙහෙතක් දෙන්න පුළුවන් වෙදෙක් ගව් ගානක් ඈතටවත් පෙනෙන්න නැහැ.

:       12       12

Bamunuarachchi Tuesday, 26 June 2018 09:51 AM

අමු විකාර. කාගේ අවශ්‍යතා ඉෂ්ට කිරීමක් ද මේ? අරගොල්ලෝ වෙලාව එනතුරු කල් මරනවා. හාමුදුරුවනේ සාසනය රැකගන්න නම් ත්‍රිපිටකය ටිකක් පැත්තකින් තියලා ලෝකය දිහාත් බලන්න.

:       67       72

lalithsjm Tuesday, 26 June 2018 10:42 AM

අනේ මන්දා බමුණුආරච්චි හාමුදුරුවෝ ජාතිය ආගම වෙනුවෙන් කතා කලොත් උන්නාන්සේ පට්ටගහනවා ජාතිවාදියෙක් ත්‍රස්තවාදියෙක් කියල. මෙහෙම දෙයක් කලාම ඔබ කියනවා ත්‍රිපිටකය පැත්තකින් තියන්නලු. මොන උනත් සිංහල බුද්ධාය තමයි හෙම පැත්තෙන්ම බැට කන්නේ. බොරුද මම කියන්නේ??

:       0       13

BamunuarachchiTuesday, 26 June 2018 12:42 PM

මහත්මයා ඔබට ඉස්ලාම් ආගම ගැන දැනුම කොහොමද? ඒ දැනුම ඔබට තිබෙනවානම් මෙතන වෙන්නේ අමුලික බොරුවක් බව තේරේවි. එසැන පුවත් වලට ලියන මුස්ලිම් සහෝදරයෙක් දින ගනාවකට පෙර දාගෙන සිටිය වෙස්මූණ ගලවා ඉස්ලාම් ආගමේ හදුන්වන ආකාරයට අපිව කෆීර් කියා හැඳින්නුවා. අල්ලා දෙවියන් විස්වාස නොකරන්නා හඳුන්වන්නේ කෆීර් කියලා.

:       5       2

Mn Tuesday, 26 June 2018 02:20 PM

උතුරේ අයට සිංහල බෑ දකුණේ අයට දෙමළ බෑ. එතනම ලොකු දුරස්වීමක් තියෙනවා.

:       9       27

rohana Wednesday, 27 June 2018 02:47 AM

අදහස් දාල තියෙන අයගේ හීත් කුහක කමින් පිරිලා.

:       0       0

manoj Wednesday, 27 June 2018 04:46 AM

දෙගොල්ලොම කැමති නෑ තමන්ගේ භාෂාව දෙවැනි තැනට දාල අනිත් එක ඉගෙන ගන්න. ලංකාවේ අති බහුතරයක් සිංහල කතා කරන මිනිස්සු. උතුරේ අයවත් උනන්දු කරවන්න ඕනෑ සිංහල ඉගෙන ගන්න. අපිත් දෙමල ඉගෙන ගන්න එක වටිනවා පුලුවන්නම් විශේෂයෙන් පිට රටකදී දෙමල කතා කරන ලංකාවේ හෝ ඉන්දියාවේ අයගෙන් කොන්වෙන්නේ නෑ.

:       0       26

සෑම් Thursday, 28 June 2018 02:15 AM

වැරදි දිශාවටයි මෙය ගමන් කරන්නේ. ඇත්තටම මෙය ගමන් කල යුත්තේ කිලිනොච්චිය හරහා යාපනයටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1234 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site