IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අගමැති මහින්ද වැඩ බාරගනී

2020 මහ මැතිවරණයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් 5,27,364 ලබාගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අද (11)  දිවුරුම් දුන්නේය.

“ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස නැවත වරක් රාජකාරි භාර ගැනීමට ලැබීම මට ගෞරවයක්. ඉදිරි වසරවලදී මගේ ජාතියට සහ මගේ ජනතාවට අඛණ්ඩව සේවය කිරීමට මම බලාපොරොත්තු වෙමි.“ යයි අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ බාරගනිමින් මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි .

 

( ඡායාරූපය- අග්‍රාමාත්‍ය  ලේකම් කාර්යාලයෙනි) 



අදහස් (10)

අගමැති මහින්ද වැඩ බාරගනී

Champa Tuesday, 11 August 2020 11:47 AM

අගමැතිතුමා, ඔබතුමාට දළදා සමිඳු පිහිටත්, දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. රටේ බලය, පාර්ලිමේන්තු බලය, නීති අණපනත් හැදීමේ සහ සම්මත කරගැනීමේ බලය තියෙන ඔබ, පටන් ගැම්මේම රටේ ජනගහනයෙන් 1/2කටත්, මුළු ජනගහනයෙන් 1/5කටත් අසාධාරණයක් කරලා තියෙනවා. ලංකාවේ මුළු ජනගහනයෙන් 50.7% ක් කාන්තාවන්. ඒ අතරින් 42% ක්ම ජීවත් වෙන්නේ ගම්බද. ඒ වගේම මුළු ජනගහනයෙන් 21.4% ක් දරුවන්. 1997 ඉඳන් කැබිනට් අමාත්‍යංශයක් වෙලා තිබ්බ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය, ඔබ රාජ්‍ය අමාත්‍යංශයක් හෙවත් දෙවෙනි පෙළ අමාත්‍යංශයක් කරමින් මේ රටේ කාන්තාවන් සහ දරුවන් දෙවන පෙළ පුරවැසියන් කරලා තියෙනවා. දරුවන්ට, ගම්බද මිනිසුන්ට බොහෝ ආදරය කරන මෘදු හදවතක් තියෙන ඔබම මෙහෙම කලේ ඇයි? මේ ඇමති ධූරය අතීතයේ දරපු කිසිම ඇමතිවරියක් කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කරන්න අලුත් නීති ගෙනාවේ නැහැ. හේතුව යාන්ත්‍රික හදවත් තිබෙන ඔවුන්ට බිම් මට්ටම ගැන අවබෝධයක් නොතිබීම. මේ රටේ කාන්තාවන් සහ දරුවන්ට ආරක්ෂාව, සුබසාධනය සහ පෝෂණය පිළිබඳ බරපතල ප්‍රශ්න තියෙනවා. මේ අමාත්‍යංශය ඔබේ යටතට හරි අරගෙන ඉහළම මට්ටමින් ඔවුන්ට යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ඨ කරන්න තරම් ඔබ දයානුකම්පිත නොවෙන්නේ ඇයි?

:       134       187

ranaWednesday, 12 August 2020 09:30 AM

යුක්තිය, එ් මොකක්ද? කාසි සහ පැවැත්ම? වැදගත් කමනේ?

:       1       15

ChampaWednesday, 12 August 2020 02:15 PM

කාන්තාවන්ට සහ දරුවන්ට කළ අසාධාරණයට මම නිකම් ඉන්නේ නැහැ.

:       38       94

Champa Tuesday, 11 August 2020 02:21 PM

මහනුවර මඟුල් මඩුවේදී හෙට පවත්වන ඇමතිවරු දිව්රුම් දීමේ උත්සවය තනිකරම මහජන මුදල් නාස්තියක්. බොරු සෝබන වැඩක්. "සංදර්ශන රජ පාලනය - සොරි - රාජ්‍ය පාලනය පටන් ගත් වගයි" කියලා රටට කියන පණිවුඩයක් වගේ. ජනාධිපති අගමැති දිව්රුම් දීමේ උත්සව තියෙන එක තව කමක් නැහැ කියමු. ඇමතිවරුන්ට දිව්රුම් දෙන්න නුවර මඟුල් මඩුවේ උත්සව මොකටද? කොළඹින් පිට මේ උත්සවයට දවස් කීයක් තිස්සේ රාජ්‍ය නිලධාරීන් ගිහින් ඉන්නවද? ඔවුන්ට ඉඳුම් හිටුම් කෑම බීම වලට නිස්කාරනේ මොන තරම් වියදමක්ද? කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී තනතුරු බාර දෙන්න පුළුවන්කම තියෙත්දී නුවරට ගෙනියන්නේ හැමදාම කළා වගේ උත්සවයෙන් කාට හරි මුදල් ගසා කන්න ඕනේ නිසා නෙමෙයිද? දැන් මේකට වාහන කීයක් පාවිච්චි කරනවද? හෙලිකොප්ටර් කීයක් පාවිච්චි කරනවද? ආපු දවස්වල නම් පත්තර වල තිබුණු ජනාධිපතිවරයා කාබන් විමෝචනය අඩුකරපු ලංකාවේ මහා නායකයා කියලා. කතාවට එහෙමයි. ක්‍රියාවට මෙහෙමයි.

:       518       837

Champa Tuesday, 11 August 2020 03:20 PM

මගුල් මඩුවේ උත්සවය ගැන ඉස්සෙල්ලා ලියන කොට මම පින්තූර දැකලා තිබුනේ නැහැ. අයියෝ, උත්සවය ගන්නේ මහනුවර දළදා මාලිගාවේ මගුල් මඩුවේ වුණාට, කිසිම සිංහල බෞද්ධ ගතියක් නැහැ. සරසලා තියෙන්නේ හරියට දකුණු ඉන්දියානු මගුල් ගෙදරක් වගේ. නළලේ රතුපාට පොට්ටුව පොට්ටුව තිබ්බා නම් තවත් හොඳයි.

:       16       76

විජිත් Tuesday, 11 August 2020 11:23 PM

මහින්ද රාජපක්ෂ, ඔබ දැන් රටේ අගමැති වශයෙන් දිවුරුම්දිලා තියෙනවා. හැමවතාවකම ඔබ අමතක කළ බොහෝදේවල් මතක් කරන්න මේ පිටුවේ මට ඉඩ මදි. නමුත් මේ ගැන ඔබට නැවතත් මතක්කළ යුතුයි. රටේ නායකයා යනු තාවකාලිකව රටවැසියන් විසින් තමන්ගේ බලය තාවකාලිකව පවරනු ලබන තැනැත්තා පමණයි. ඔහුට පවරනු ලබන බලය යනු රට දියුණු කිරීමටත්, රටේ ආරක්ෂාව තහවුරු කිරීමත්, රටවැසියන්ගේ පරිභෝජන ශක්තිය ඉහල දැමීමත්, සෞඛ්‍ය, ආහාර, ගමනාගමනය, අධ්‍යාපනය... වැනි අත්‍යවශ්‍ය සේවාවන්..වැඩිදියුණු කිරීමත් වැනි කාර්යයන්ය. එසේ නැතිව රටේ නායකකම යනු, රටේ ධනය කොල්ලකෑමටවත්, රටේ කොටස් විදේශයන්ට විකිණීමටවත්, ඥාති සංග්‍රහයටවත්, මිනී මැරීමටවත්... ජනතාව දුන්නු ලයිසන් එකක් නොවන බව වටහාගන්න. ඔබට නිතරම අමතකවන එකම ධර්මයත් එයයි. අමතක කරන්න එපා අහිංසක මිනිස්සු හැමදාම අහිංසක නැහැ. ඔවුනුත් හිතන දවසක් එනවා. හෙට නැතිනම් අනිද්දා...

:       192       272

ChampaWednesday, 12 August 2020 01:35 PM

යහපාලකයන් මහජන මුදල් කොල්ල කාපු නිසා සහ මාගම්පුර වරාය විකුණලා, මත්තල, පලාලි, කොළොඹ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න පොරොන්දු වෙලා මදිවට රටේ තවත් කොටස් විදේශිකයන්ට විකුණන එක නවත්තන්නයි මිනිස්සු යහපාලනය ගෙදර යවලා මහින්දව බලයට ගෙනාවේ. මහින්දගේ දේශපාලන ඉතිහාසයේ කිසි දවසක ජාත්‍යන්තර බලපෑම්වලට යටත් වෙලත් නැහැ. රටේ සම්පත් විකුණලත් නැහැ. ඇමරිකන් ගැත්තෙක් සහ ඉන්දියන් ගැත්තෙක් නැවත කරලියට ගෙනාපු මහින්දගෙන් මම නම් බලාපොරොත්තු වෙන්නේ ඒ දෙන්න රටේ සම්පත් විකුණන්න හැදුවොත් හෝ එම්සීසී අත්සන් කරන්න හැදුවොත් ඒවා නවත්තන එක. මහින්දට විරුද්ධව තියෙන එකම ඇහැට පෙනෙන සහ ඔප්පු කරන්න පුළුවන් චෝදනාව ඥාති සංග්‍රහය... නමුත් තව එහෙම කරපු කී දෙනෙක් ලංකා දේශපාලනයේ ඉන්නවද? සේනානායක, බණ්ඩාරනායක, ජේ ආර් ජයවර්ධන, ප්‍රේමදාස... ඇයි කවුරුවත් ඒ ගැන කියන්නේ නැත්තේ? මේ හැමෝගේම ඥාති සංග්‍රහයට මමත් විරුද්ධයි. ඥාති සංග්‍රහය තහනම් වෙන්න ඕනේ රටේ ව්‍යවස්ථාවෙන් හෝ පක්ෂ ව්‍යවස්ථාවෙන්...

:       380       306

ප්‍රේමලාල් Wednesday, 12 August 2020 12:55 AM

අධිරාජයාගේ අලුත් සළුපිලි ඉතා අගනේය.

:       1       44

athula Wednesday, 12 August 2020 07:50 AM

දැන් මෙහෙම කී සැරයක් මෙයා වැඩ බාරගත්තද? එයාගේ පවුලේ වැඩ ටික නම් සම්පූර්නයි...

:       1       167

සත්‍යපාල මාතර Thursday, 13 August 2020 02:04 AM

දේශපාලන ඉදිරි ගමනේදී සැබෑ මිතුරන් හඳුනා ගන්න. ඔබ තාවකාලිකව හෝ පැරදුනේ ප්‍රභාකරන්ට වඩා රටට හානිකර පුද්ගලයින් ඔබ වටා හිටපු නිසා. ඒ නිසා නිතරම ජනතාව ගැන හිතන්න. ගුරුවරු දණගස්සවන යුගයකට නැවත ඉඩ තියන්න එපා. තවදුරටත් මර්වින්ලාගේ, ෂාන්ලගේ රාසාපුත්තලගේ යුගයක් බිහිවෙන්න ඉඩ තියන්න එපා. ජනතාව වෙනුවෙන් කැප වෙන්න. මහත්මා ගාන්ධි යුගයක් බිහි කරන්න. ඩී.එස්, ඩඩිලි, සිරිමාවෝ වැනි මැති ඇමතිවරු රටේ සම්පත් හොරකම් කලේ නැහැ. මියයන කොටත් එකතු කරගත්ත වස්තුවක් තිබුනේ නැහැ.. මිනිහෙක් වෙලා උපන්නොත් මිනිසත් බව ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ජනතාව තමයි නියම සහතිකය දෙන්නේ. ඔබෙන් යම්යම් වැරදි වුණා. ඒවා නිවැරදි කරගන්න. මේ රටට ඔබ අත්‍යාවශ්‍යමයි. ජනතා ගෞරවය බලෙන් ලබන්න බැහැ. දැන් හොඳට කල්පනා කරලා වැඩ කරන්න. බලය තියෙද්දි තමයි මොලේ පාවිචිචි කරන්න ඕනෑ. බලේ නැති වෙලාවට මොලේ වැඩක් නැහැ. ඔබටත්, රටටත් ජයම වේවා.

:       4       64

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1234 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site