(දයාසීලි ලියනගේ)
පළාත් සභා ඡන්දය පැවැත්වීමේ නිශ්චිත දිනය තීන්දු කිරීමේ බලතල මැතිවරණ කොමිසමට පැවරීම සඳහා යෝජිත පනතට සංශෝධන ගෙන ඒමට රජය තීන්දු කර ඇති බව වාර්තාවේ.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්වීමේ නිශ්චිත දිනය තීන්දු කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවැරීමට යෝජනා කර තිබූ අතර එම යෝජනාවට පළාත් සභා ගණනාවක් විරෝධය දක්වා තිබිණි.
විසිවැනි සංශෝධනයට අයත් ඉහත වගන්ති සංශෝධනය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
නව සංශෝධනයට අනුව වසරකට පසු පළාත් සභා ඡන්දය පැවැත්වීමේ නිශ්චිත දිනය තීන්දු කිරීමේ බලය මැතිවරණ කොමිසමට පැවැරීම සඳහා වන සංශෝධනය දැන් සකස් කරමින් පවතින අතර එය නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තාවේ.
එම නියමයට අනුව මැතිවරණ කොමිසම තීන්දු කරනු ලබන දිනයට පසුව කාලය අහෝසි වෙන පළාත් සභා එම දිනයට විසුරුවා හැරීමට සිදුවනු ඇත.
2025 නොවැම්බර් මස 04
377
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2167
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1645
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පළාත් ඡන්ද දින තීන්දුවේ බලය කොමිසමට