ඒකාබද්ධ මන්ත්‍රීන්ගේ විශේෂ රැස්වීමක් අඟහරුවාදා
(අජන්ත කුමාර අගලකඩ)
දිනෙන් දින උග්‍රවෙමින් පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් මුල් වී භාරකාර ආණ්‍ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වමින් තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ඒකාබද්ධ විපක්ෂයේත් කණ්ඩායම් දෙකක් ගිය සතියේ ද අවස්ථා කීපයකදීම රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කර ඇතැයි එම ආරංචිමාර්ගවලින් පැවැසේ.
ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් මුල්වී භාරකාර ආණ්ඩුවක් කෙටි කාලකට පිහිටුවා ගෙන, ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා මහ මැතිවරණයකට යාම සුදුසු බව සාකච්ඡාවලට එක්ව සිටින දෙපාර්ශ්වයේම අදහස වී ඇතැයි ද වාර්තා වේ.
දිනෙන් දින උග්‍රවෙන ආර්ථික අර්බුදය හමුවේ, සියලු බේද පසෙකලා රට ගැන සිතා දෙපාර්ශ්වය එක්විය යුතු බව ඔවුන් පෙන්වා දී ඇතැයි ද දැනගන්නට තිබේ. මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ සමීපතමයකු හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සමීපතමයකු ඉකුත් බදාදා රාත්‍රියේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවට ද වාර්තා විය.
මේ අතර භාරකාර ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (9) රාත්‍රී 7.00ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ දී පැවැත්වේ.
ශ්‍රීලනිප හා ඒකාබද්ධ විපක්ෂය මුල්වී භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායමේ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයා වෙත ඉකුත්දා ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව අනිද්දා පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි වාර්තා වේ.
මෙම රැස්වීමට සහභාගි වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට පෙරේදා (05) ලිපි මගින් දැනුම් දී ඇත.
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සාකච්ඡා වට කීපයක් තියලා ශ්‍රීලනිප-පොහොට්ටු භාරකාර ආණ්ඩුවක් ?