(අජන්ත කුමාර අගලකඩ)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කරවීමට සහ පරාජය කිරීමට දේශපාලන මෙහෙයුම් දෙකක් මේ වනවිට ආරම්භ වී තිබේ.
විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමේ මෙහෙයුමට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් හා ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කිහිප දෙනකු මූලිකත්වය ගෙන ඇති අතර විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමේ මෙහෙයුමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් මූලිකත්වය ගෙන ඇත.
විශ්වාසභංග යෝජනාවට සහාය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන් කිහිප දෙනකු අතර සාකච්ඡා වට කිහිපයක්ම බොරැල්ල, බත්තරමුල්ල සහ නුගේගොඩ යන ප්‍රදේශවල පිහිටි දේශපාලනයට සම්බන්ධ කිහිප දෙනකුගේ නිවෙස්වල ගිය සතියේ පැවැති බව වාර්තා විය.
මෙම පිරිස විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහාය ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන්ද එම සාකච්ඡාවලදී කතාබහට ලක් කර ඇති බව දැන ගන්නට ඇත.
මෙම මෙහෙයුම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් හතරක් පත්කර ඇති බවද වාර්තාවේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය මෙම විශ්වාස භංග යෝජනාව පරාජය කිරීම සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සහ දෙමළ ජාතික සන්ධානයේ ද සහාය ලබා ගැනීම වෙනුවෙන් දැඩි උත්සාහයක යෙදී සිටින බව දැන ගන්නට ඇත.
ඒකාබද්ධ විපක්ෂය සමග දේශපාලන සම්බන්ධතා නොපවත්වන ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් කෙරෙහි එජාපයේ වැඩි අවධානය යොමුවී ඇති බවද දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ. ඒකාබද්ධ විපක්ෂය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත ඉකුත් බදාදා භාරදුන් අතර එය ලබන මස 4 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් දැනටමත් තීරණය කර ඇත.
විශ්වාස භංග යෝජනාව පරාජය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඉකුත් බ්‍රහස්පතින්දා රැස්වී සාකච්ඡා කළ අතර අගමැතිවරයාට සහාය පළ කරමින් එජාප මන්ත්‍රීවරුන්ගේ අස්සන් ලබා ගැනීම ආරම්භ වූයේද එම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයකට අනුවය.
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරය කිරීමට ඇති බාධාව කුමක්දැයි ඔහුගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයගෙන් විමස
ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විශ්වාසභංගයට පෙරමුණු දෙකෙන් මෙහෙයුම් දෙකක්