19වැනි සංශෝධනයෙන් පොල්ලක්
(දයාසීලි ලියනගේ)
වසර හයක්ව පැවැති පාර්ලිමේන්තුවේ නිල කාලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වසර පහකට අඩු කිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 76 දෙනකුගේ විශ්‍රාම වැටුප අහිමිවීමේ අවදානමක් උදාවී ඇතැයි දැන ගන්නට ඇත.
මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප ලැබීමට නම් වසර 5 ක කාලයක් සම්පූර්ණ කළයුතු අතර මෙයට පෙර තත්ත්වය අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 6ක් විය. ඒ අනුව විශ්‍රාම වැටුප් හිමිකම ලැබීමට බාධාවක් නොතිබිණ. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පාර්ලිමේන්තු නිල කාලය වසර 6 සිට 5 දක්වා අඩුවූ අතර එමගින් විශ්‍රාම වැටුප් හිමිකම ලැබීමේ නිල කාලයද වසර පහේම පවතී. යම් හෙයකින් වසර පහට දිනකට හෝ පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මන්ත්‍රීවරුන් 76 දෙනකුට විශ්‍රාම වැටුප නොලැබෙනු ඇතැයි දැන ගන්නට ඇත.
ජනාධිපතිවරයාට පැවැරී ඇති බලතලවලට අනුව 2020 මාර්තු 1 වැනිදා සිට සැප්තැම්බර් 1 වෙනි දිනට පෙර කවර හෝ දිනයක පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මෙම තත්ත්වය උදාවේ.
මෙම පාර්ලිමේන්තුව 2015 සැප්තැම්බර් 1 වැනි දින පිහිටවනු ලැබූ අතර එහි පස් අවුරුදු නිල කාලය 2020 සැප්තැම්බර් 1 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.
ඒ අනුව වසර 5 ක කාලය සම්පූර්ණ කරනු ලබන අවස්ථාවේ සියලු මන්ත්‍රීවරුනට විශ්‍රාම වැටුප හිමිවෙන අතර වසර 5 කාල සීමාවට එක් දිනක් හෝ අඩු වුවහොත් විශ්‍රාම වැටුප අහිමිවනු ඇත.
මීට අමතරව ජනාධිපතිවරයාට ඇති බලතල යටතේ ලබන මාර්තු මාසය අවසන්වූ පසු ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවස්ථාව සැලසී ඇත. පාර්ලිමේන්තුව නියමිත දිනට එක් දිනක් පෙර හෝ විසුරුවා හැරියහොත් මෙම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප, වැන්දඹු අනත්දරු වැටුප හා ආබාධිත දරුවන් සඳහා වන දීමනාව අහිමිවේ.
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මන්ත්‍රීවරු 76කගේ විශ්‍රාම වැටුප අහෝසියි ?