හිටපු මන්ත්‍රීන් 30 ක් නිල නිවාස භාරදී නෑ
(අජන්ත කුමාර අගලකඩ)
පිට පළාත්වලින් තේරී පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා පාර්ලිමේන්තුව ආසන්නයෙන් කුලී නිවාස ලබාගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු නිල නිවාසවල පදිංචි හිටපු මන්ත්‍රීවරුන් එම නිවාස මෙතෙක් බාර නොදීමත් මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය අලුත්වැඩියා කළයුතු බවත් හේතුවෙන් මෙම නිවාස කුලී පදනම මත තාවකාලිකව ලබාගැනීමට සූදානම්වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් පාර්ලිමේන්තු සංකීර්ණයට නුදුරින් ඉදිකරන ලද නිවාස සංකීර්ණයක් ද මේ සඳහා කුලීපදනම මත ලබාගැනීමට සොයා බලන ලෙස නිලධාරීන්ට දැනුම් දී ඇති බව ද වාර්තා වේ.
මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු නිල නිවාසවල පදිංචි හිටපු මන්ත්‍රීවරුන් 30 දෙනකු පමණ තවමත් ඒවායේ පදිංචිව සිටින බැවින් එම නිවාස නව මන්ත්‍රීවරුන්ට ලබාදීමට නොහැකි වී ඇති බව පැවසේ.
මේ අතර මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස බොහෝ කාලයකින් අලුත්වැඩියා කර නැති බැවින් අබලන්ව ඇති නිසා ඒවා අලුත්වැඩියා කිරීමට කලක් ගතවනු ඇතැයි ද දැනගන්නට ඇත.
තමන්ට කොළඹ නිවාස නැති බැවින් නිල නිවෙසක් ලබාදෙන්නැයි ඉල්ලා පිටපළාත්වලින් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තුවට අයදුම්පත් ද බාරදී ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉකුත්දා පැවැති ආණ්ඩුපක්ෂ රැස්වීමේදී මන්ත්‍රීවරුන් පිරිසක් මෙම ඉල්ලීම කර ඇත.
පිටපළාත්වලින් ආ තමන්ට කොළඹ ගෙවල් නැති බැවින් පාර්ලිමේන්තු සතිවලදී සිය ඥාතින්ගේ නිවෙස්වල හෝ හෝටල්වල නතරවන්නට සිදුව ඇති බවත් මේ නිසා මහජන නියෝජිතයන් වශයෙන් තමන් දැඩි අපහසුතාවන්වලට පත්ව සිටින බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරය කිරීමට ඇති බාධාව කුමක්දැයි ඔහුගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයගෙන් විමස
ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මන්ත්‍රීන්ට නවතින්න කුලී ගෙවල් සොයයි