මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්
(අජන්ත කුමාර අගලකඩ)
කල් දමනු ලැබූ මහ මැතිවරණය ලබන මස 20 වැනිදා පවත්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ මස 12 වැනි අඟහරුවාදා රැස්වී තීරණය කරනු ඇතැයි වාර්තා වේ.
මැතිවරණ කොමිෂන් සභාව 12 වැනිදා දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව කොමිෂන් සභාව වෙනම රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණය ඉකුත් අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දින නියම කරනු ලැබූවද, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව එය දින නියමයක් නැතිව කල් දැමීය.
මැතිවරණ කොමිෂන් සභාව පසුව නිකුත් කළ ගැසට් නිවේදනයෙන් මැතිවරණය සඳහා ජූනි මස 20 වැනිදා නියම කර තිබිණි.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් 2 වැනිදා දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග ද සාකච්ඡාවක් පවත්වා ඉන්පසු කොමිෂන් සභාව වෙනම රැස්වුවද මැතිවරණය ජූනි මස 20 වැනිදා පවත්වන්නේද යන්න පිළිබඳ ස්ථිර ප්‍රකාශයක් කර නොතිබිණි.
මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ මනාප අංක ඉකුත් 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, මැතිවරණ කොමිෂන් සභාව මනාප අංක නිකුත් කිරීම ද කල්දැමීය.
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරය කිරීමට ඇති බාධාව කුමක්දැයි ඔහුගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයගෙන් විමස
ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් මහ ඡන්දයේ තීන්දුව අඟහරුවාදා