(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාස්කු ඉරිදා ප්‍රහාරයට දින විසි පහකට පමණ පෙර තව්හිද් ජමාත් නායකත්වයෙන් සහරාන් ඉවත් කළ බවත් ඉන් දින කිහිපයක් තුළ ඔහු එම නායකත්වය බලහත්කාරයෙන් ලබාගත් බවත් මාවනැල්ලේ බුදු පිළිම කැඩූ කල්ලියේ නායකයා වූ මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා නමැත්තා පොලිසියට ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
මෙම පුද්ගලයා ද තව්හිද් ජමාද් සාමාජිකයකු වන අතර සිරියාවේ ඇලෙප්පෝ ප්‍රදේශයේදී යුද පුහුණුව ලබා ඇති බවද ඔහු පොලිසියට කියා ඇත. ඉකුත්දා ගම්පොළ ප්‍රදේශයේ සපත්තු කඩයක සැඟවී සිටියදී ඔහු සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගනු ලැබීය.
එම සැකකරු සිරියාවේ ඇලෙප්පෝ ප්‍රදේශයේදී ආයුධ පුහුණුව ලබා ඇත්තේ චෙච්නියානු ජාතිකයෙකුගෙනි. තමා සමඟ තවත් විදේශිකයන් 12 දෙනකු ද පුහුණුව ලැබූ බව ඔහු පොලිසියට කියා ඇත.
තෙල්දෙණිය හා දිගන ප්‍රදේශවල සිදුවූ සිංහල හා මුස්ලිම් කෝලාහලවලින් පසු තම සංවිධානයට බොහෝ පිරිසක් එකතු වූ බවත් තම සංවිධානය සිංහල ජනතාව සමඟ තද වෛරයකින් පසුවන බවත් ඔහු පොලිසියට කියා ඇතැයි ද දැනගන්නට තිබේ.
“අන්‍යාගමිකයන් මරන්න ඉදිරිපත්වන අය ස්වර්ගයට යන බව සහරාන් අපට ඉගැන්වුවා. ලෝකයේම ඉන්න ඕනෑ මුස්ලිම් ජනතාව පමණයි. පිළිම වන්දනාව මහ බොරුවක්. ඒ නිසා දේව ප්‍රතිමා බුද්ධ ප්‍රතිමා විනාශ කරන්න” කියා සහරාන් උපදෙස් දුන් බවද මෙම සැකකරු පවසා ඇත.
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ප්‍රහාරයට දින 25කට කලින් සහරාන් නායකත්වයෙන් ඉවත් කළා