IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පක්ෂ අතර කඹ ඇදීමෙන් පළාත් ඡන්දය ස්ථිර නෑ

(අජන්ත කුමාර අගලකඩ, නිෂාන්ත කුමාර බණ්ඩාර)  

පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ අතර මත ගැටුම නිසා රජය දැඩි අසීරුතාවකට පත්වී සිටින බව වාර්තාවේ.  


දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඊ.පී.ඩී.පී. සංවිධානය ඇතුළු සුළු පක්ෂ ගණනාවක් ප්‍රකාශ කර සිටින්නේ පැරැණි ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.  
රජයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් නව ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනා කර ඇත.  

 

මෙම මත ගැටුම නිසා ගිය සතියේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නොහැකි විය.  


මේ තත්ත්වය නිසා පළාත් සභා ඡන්දය පැවැත්වෙන දිනය පිළිබඳව ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි තත්ත්වයක් පවතින බව වාර්තාවේ.  


මේ අතර එක්සත් ජාතික පක්ෂය කුමන ක්‍රමයකට හෝ මැතිවරණය පැවැත්විය යුතු බවද ප්‍රකාශ කර ඇත. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ මනාප ක්‍රමය නොව නව කොට්ඨාස ක්‍රමයට ඡන්දය පැවැත්විය යුතු බවයි.   


මුස්ලිම් කොංග්‍රසය පවසන්නේ විවිධ කරුණු කාරණා ඉදිරිපත් කරමින් පළාත් සභා මැතිවරණය කල් දැමීමේ සූදානමක් පවතින බවයි.  


පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට පවත්වන ලෙස මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා කළ යෝජනාවට ශ්‍රීලනිප පාර්ශ්වය හැර අන් සියලු දෙනාම කැමැත්ත පළකර ඇතැයි මුස්ලිම් කොංග්‍රස් ආරංචි මාර්ග සඳහන් කළේය.  


මේ නිසා දෙපාර්ශ්වය අතර මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය පිළිබඳ අර්බුදයක්ද මතුවී තිබේ.  

 


ඡන්දය කල් දාන්නේ ආණ්ඩුවේ අර්බුද නිසා  - ජවිපෙ

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය සහ ආර්ථිකය කඩා වැටීම පළාත් සභා ඡන්දය කල් දැමීමට ප්‍රධාන හේතුව බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.  


ජනතා විමුක්ති පෙරමුණ, ඡන්දය කල් දැමීමට එරෙහිව කළ අරගලයක ප්‍රතිඵලයක් ලෙස පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කළ බව එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.  


පළාත් සභා ඡන්දය පැරැණි ක්‍රමයට පැවැත්වීම වඩාත් සුදුසු බව බොහෝ පක්ෂ පිළිගෙන ඇති අවස්ථාවක එය අනුමත නොකොට නව ක්‍රමයට ඡන්දය පැවැත්වීමට ඇතැම් අය යෝජනා කිරීම නිසා තවත් අර්බුදයකට මුහුණ පා ඇතැයිද ඒ මහතා කියයි.  

 



අදහස් (0)

පක්ෂ අතර කඹ ඇදීමෙන් පළාත් ඡන්දය ස්ථිර නෑ

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 32 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 166 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 162 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 97 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මාස නවයකට 224,000 ක් රට රැකියා වලට ගිහින්
2024 පෙබරවාරි මස 18 100 0

පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site