IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


5000 ආධාර මුදලින් අරක්කු බිව්වාට අමතක නොවන පාඩමක්

(එම්. සුසිල් ප්‍රියන්ත)

කොරෝනා ආධාර වෙනුවෙන් ලැබුණු රුපියල් 5000 සුරාසලට පූජා කළ බේබදු සැමියාට අපූරු පාඩමක් ඉගැන් වූ භාර්යාවක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.

භාර්යාව, දරු තිදෙනා ඇතුළු සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත වූ පවුලක ඔහු ගෘහ මූලිකයාය. එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවත්වන්නෙකි. කුලියක් ලැබුණත් නැතත් ඔහු බොන එක ශක්‍රයාට තියා වයිමාටවත් නතර කිරීමට නම් නොහැකිය. ඒ තරමටම හේ බීමට ඇබ්බැහි වී සිටියේය.

කොරෝනා වසංගතයෙන් අවතැන් වූ පිරිසට රජයෙන් දෙන රුපියල් 5000 ආධාර මුදලට ඔහුගේ පවුල ද අසුවුණේය. ගෙදර ගෘහ මූලිකයා වූ බැවින් ආධාර මුදල් පොතේ අත්සන් කර අදාළ මේ මුදල ලබාගැනීමට තිබුණේ ඔහුටය. සැමියාගේ බේබදුකම ගැන හොඳින් දත් භාර්යාව මේ රුපියල් 5000 න් මත්පැන් නොගන්නා බවට ඔහුගේ අත තමන්ගේ ඔළුවේ තියා දිවුරුමක් ද ගත්තාය.

කොරෝනා වසංගතය නිසා කුලියක් මලියක් නැතිව අඩ කුස ගින්නේ සිටි දරු තිදෙනාගේ ළපටි බඩවල් අමතක කොට සිය සැමියා කෙතරම් බේබද්දකු වූවත් මේ ආධාර මුදලින් මත්පැන් තියා දුම්වැටියක්වත් නොගනු ඇතැයි භාර්යාව විශ්වාස කළාය. ඒ පිළිබඳ ඇයට පුංචි හෝ සැකයක් තිබුණේ නම් මේ ආධාර මුදල් ගැනීමට සිය සැමියා සමග ඇය ද යනු නොඅනුමානය.

පෝලිමේ සිට කොරෝනා ආධාර මුදල් ලබාගත් ඔහු සිය ඇඟේ අමාරුවට එක මත්පැන් බෝතලයක් ගැනීමට සුරා සලට ගොඩවූයේය. මේ මුදලින් එක බෝතලයක් මිලදී ගත්ත ද සිය භාර්යාවගෙන් අවුලක් ඇති නොවනු ඇතැයි ඔහු සිතුවාය. සුරා සලට ගිය සැනින් තවත් ස්වල්ප වේලාවකින් දින නියමයක් නොමැතිව සුරාසල වසන බවට වූ ආරංචිය ඔහුගේ කන වැකුණේය.

මේ ආරංචියත් සමගම ඔහුට දෙලොව සිහිවිය. රැකියාව නැතිව අඩ කුසගින්නේ සිටින සිය දරුවන් ගැන ද මතකය අමතක වී ගියේය. සුරාසල යළිත් විවෘත කරන දිනයක්වත් සිතා ගන්න බැරිව සිටි ඔහු තමාට ලැබුණු කෙරෝනා ආධාර මුදල් 5000 ටම සරිලනසේ මත්පැන් මිල දී ගත්තේය.

ආධාර මුදලින් මිලදීගත් මත්පැන් බෝතල් ටිකත් ඉතා පරිස්සමට රැගෙන නිවෙසට ගිය ඔහුගෙන් ආධාර මුදල් භාර්යාව ඉල්ලුවාය. ඔහු තමා ඒ මුදල්වලින්ගත් මත්පැන් බෝතල් ටික භාර්යාවට පෙන්වූවිට ඇයට යක්ෂයා ආරූඪ වූවාය.

දරුවන් අඩ කුසගින්නේ සිටිය දී කොරෝනා ආධාර මුදලින් මත්පැන් ගෙනා සැමියාට දෙස් දෙවොල් තැබුවාය. එයින් නොනැවතුණ ඇය තමන්ගේ දරුවන්ට අසල්වාසියකුගෙන් අතමාරුවක් ඉල්ලාගෙන කන්න බොන්න දුන්නත් සැමියාට මේ කළ වැඩේට දින පහක් යනතෙක්ම තමා කෑම තියා වතුර උගුරක්වත් නොදීමට තීරණය කළාය. තීරණය කළා විතරක් නොව එය ක්‍රියාත්මක ද කළාය.

සිය බිරිඳ තමාට කන්න නොදී ඉඳිවිය යයි ඔහු නොසිතුවේය. දහවල කෑම නොදුන්න ද රෑට කෑම දෙතැයි ඔහු සිතුවේය. රෑටත් ඔහුට කෑම තියා වතුරවත් ඇයගෙන් නොලැබුණාය. තමා කළ ක්‍රියාව නිසා තමාට ගෙදරින් කෑම නොදෙන බව කාටවත් කීමට ද බැරිව ඔහු අලි අමාරුවක වැටුණේය.

වේල් දෙකක්ම කෑම නැතිව ආධාර මුදලින් ගත් ඇල් කොහොල්වලින් පමණක් බඩගින්න ඔහුට නිවාගත නොහැකි විය. ඒ නිසාම ඔහු බැරිම තැන උදේ ගමේ පන්සලට රිංගුවේය. පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් උදේට කන්න යමක් ඉල්ලුවේය. ලොකු හාමුදුරුවන් සිතුවේ කොරෝනා නිසා කුලී වැඩ කරන මේ මනුෂ්‍යයාට කුලී නැතිව බඩ ගින්නේ සිටින දරුවන්ට කෑම ඉල්ලනවා යයි සිතාය.

මගේ හිතේ දන්ගෙයි දැන් ගෙදර කට්ටියටම ගිනියන්න නම් කෑම නැතිව ඇතැයි කියාය. නැහැ ලොකු හාමුදුරුවනේ කෑම මට විතරයි ඕනෑ ඔහු කීවේය.

මොකද මේ තමාගේ බඩ විතරක් පුරවගන්න දඟලන්නේයයි ලොකු හාමුදුරුවෝ විමසිලිමත් වූහ. අවසානයේ දී ඔහුගේ බඩ විතරක් පුරවා ගන්න හදන හේතුව ලොකු හාමුදුරුවෝ දැන ගත්හ. භාර්යාව දුන් දඬුවම වැරදි නැතැයි කී ලොකු හාමුදුරුවෝ භාර්යාවගේ තහනම ඉවත් කරන තෙක් පන්සලෙන් කන ලෙසත් හැකි ඉක්මනින්ම බොන්න වියදම් කළ මුදල භාර්යාවට ලබාදෙන ලෙසත් ඔහුට පැවසූහ.

කොරෝනා ආධාර මුදලින් මත්පැන් ගත් ඔහුට වූ ඇබැද්දිය ලොකු හාමුදුරුවන්ගේ කටින් පිටවූයේ කවදාවත්ම පන්සල පැත්තේ නොඑන මොහු පන්සලේ ගැවසෙනු දුටු දායකයන් කිහිප දෙනකුම ඇසූදේට පිළිතුරු ලෙසය.



අදහස් (8)

5000 ආධාර මුදලින් අරක්කු බිව්වාට අමතක නොවන පාඩමක්

Raveendra Monday, 27 April 2020 10:39 AM

බේබද්දන්ට මෙය එතරම් කජ්ජක් නොවන බව නම් කිව හැක. කෙසේ වෙතත් එම බේබද්දාගේ භාර්යාව කර ඇත්තේ නම් ඥානය යොදවා හොද දඩුවමකි. එනමුත් අද අප රටේ බේබද්දන් නිසා කොච්චර පවුල් විනාශ මුඛයේ තිබෙනවාද යන්න විපරම් කිරීමේදී ඔනෑ තරම් සොයාගත හැක.

:       0       88

rana Monday, 27 April 2020 12:14 PM

නියම සුරඟන කතාවක්...

:       6       23

Kris Monday, 27 April 2020 12:26 PM

කෝවක දාලා , බල්ලාගේ නකුටේ ඇද ඇරියත් බේබද්දගේ ගති පැවතුම් නම් මේ කපේදී අත හරින්න බැහැ. මොන දඬුවම දුන්නත්.... ඔයිට වැඩිය ලොකු, ලොකු දඬුවම් දීපු අය ගැන මම දන්නවා. මමත් හොඳටම බැට කාපු කෙනෙක් නිසයි මෙය කියන්නේ. ටිකක් කටේ හලා ගත්තම ඔක්කොම අමතකයි. නිසි පදම අරගෙන, පවුලේ යුතුකමුත් ඉටු කරගෙන පාඩුවේ ඉන්න අය ගැන නොවෙයි මම කීවේ...

:       0       27

රොශාන් Monday, 27 April 2020 12:56 PM

මම විශ්වාස කරනව ලංකාවෙ මේක දරුණු වෙන්න ගත්තෙ සුරා සැල් විවෘත කරාට පස්සෙ කියලා...

:       0       18

lanka01 Monday, 27 April 2020 01:09 PM

මෙ මනුස්සයාට අරක්කු විකුණපු, මුදලාලිට මොකක්ද වුණේ?

:       0       20

රුවන් Monday, 27 April 2020 02:05 PM

බේබදුකම නිසා දරුවන් ගැන නොහිතා ඉන්න පුළුවන් කාටද? ඒ ගැන හිතන කොටත් හිත හදාගන්න බෑ. කාලකන්නි මිනිසුන්...

:       0       22

Kk Monday, 27 April 2020 04:51 PM

මගේ බත් එක බඩගින්නෙ ඉන්න බල්ලට දීල මම තේ එකක් හදාගෙන බිපු අවස්ථාවක් මතක් වෙනවා.

:       21       5

sarath kuru Wednesday, 29 April 2020 08:34 AM

කාලකන්නි ජීවිත....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 175 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 20 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 620 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 181 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 213 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 497 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site