IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය දිනේෂ් ගුණවර්ධන හමුවෙයි

( තිළිණි ද සිල්වා )
 
මෙරට සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත හනා සිංගර් මහත්මිය ඇතුළු  නිලධාරීන් පිරිසක්  විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  හමුවිය.
 
කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ව්‍යාපාර, දේශීය විදේශීය රැකියා ක්ෂේත්‍රයට කෙරෙන බලපෑම් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සිදුකිරිමට සහය විම සඳහා යාන්ත්‍රණයක් සැකසිම ගැන සාකච්ඡා කීරීමට   මෙම හමුව පැවැත්විණි.
 
මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හානා සින්ගර් මහත්මිය සමග ජාත්‍යන්තර  කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂිකා සිම්රින් සිංග් යන මහත්මීන් හා ජාත්‍යන්තර විගමණික සංවිධානයේ මෙරට අධ්‍යක්ෂ සරට් ඩාෂ් මහතා මෙම අවස්ථාවට එක්වූහ.
 
 නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍යාංශයේ පැවති මෙම හමුවේදි කොරෝනා වෛයිරස බලපෑම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ව්‍යාපාර මෙහෙයුම් කඩාවැටීමේ ගැටළු, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් මුහුණපාන ගැටළු හා කාරක ප්‍රාග්ධනය මෙන්ම සේවක ගැටළු සම්බන්ධවද මෙහිදි අවධානය යොමුවූ බව විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරැ අමාත්‍යාංශය සඳහන් කරයි.
 
තවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවු විගමණික ශ්‍රමිකයන්, රැකියා අහිමිවුවන් සහ ප්‍රේෂණ ගැටළු සම්බන්ධවද මෙම හමුවේදී සාකච්ඡා වූ බව එම අමාත්‍යාංශය කියා සිටී.
 
එසේම මෙම අභියෝගාත්මක අවස්ථාවේදී විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයන් හා දේශිය ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට ඔවුන්ට සහයදීම සඳහා රජය සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම එක්සත් ජාතීන්ගේ නිලධාරීන් හමුවේ අවස්ථාවේදි ප්‍රකාශ කළේය.

අමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ,   කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් කඩාවැටී ඇති ආසියානු කලාපීය ආර්ථිකය පනගැන්විම සදහා සංවර්ධන උපායමාර්ගික සැලසුමක අවශ්‍යතාවයද මේ අවස්ථාවේ පවතින බවය.
 
මෙම වසංගත අවස්ථාවේදි එය මනාව කලමනාකරණය කිරිමට ශ්‍රි ලංකා රජය ගත් ක්‍රියාමාර්ග අගය කළ එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත හානා සින්ගර් මහත්මිය, ශ්‍රි ලංකා රජයට ඒ වෙනුවෙන් ප්‍රසංසාව පළකරන බවද ප්‍රකාශ කළාය. එමෙන්ම විගමණික ශ්‍රමික කටයුතු හා සුභසාධන පහසුකම් ලබාදීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, හා ජාත්‍යන්තර විගමණික සංවිධානය යන ආයතන වල මාර්ගොපදේශනවල සහය ඇතිව ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරිමේ වැදගත්කමද ඇය විසින් පෙන්වා දුන්නාය.
 
මෙම සාකච්ඡාව සදහා නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස් අබේගුණවර්ධන, කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ විමලවීර , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ,  යන මහත්වරුන් හා  උසස් නිලධාරින් එක්වී සිටියහ.
 

 



අදහස් (1)

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය දිනේෂ් ගුණවර්ධන හමුවෙයි

sudharman Wednesday, 29 April 2020 02:04 PM

මෙයා මුලින් මුලින් මේ ලෙඩේ හැංගුවනේ.

:       37       551

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 289 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site