දරුණු ගෝලීය අර්බුදයක් බවට තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා පවතින ගැටුම් උග්‍ර වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අනතුරු ඇඟවීය.
ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන දරුණුතම ගෝලීය අර්බුදය යැයි කී එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා වයිරසය හේතුවෙන් ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කර ඇතැයි ද කීය.
ඒ තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථික පසුබැස්මක් සිදුවනු ඇතැයි අනතුරු ඇඟවූ හෙතෙම මීට පෙර සිදු වූ පසුබැසීම් කිසිවකට එය සමාන කළ නොහැකි යැයි ද පෙන්වා දුන්නේය.
කොරෝනා වයිරසය ලොව සිටින සෑම සියලු දෙනකුටම තර්ජනයක් යැයි පෙන්වාදුන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වයිරසය හේතුවෙන් ලොවපුරා ඇති ගැටුම් උත්සන්න වනු ඇතැයි ද කීවේය.
‘‘කොරෝනා වයිරසයෙන් ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. මේ තත්ත්වය හේතුවෙන් අස්ථාවරත්වයක් මෙන්ම කලබලකාරී තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ තත්ත්වය මුල් කරගනිමින් ලොව පුරා ගැටුම් ඇතිවෙන්න පුළුවන්.
ඒ වගේම දැනට තිබෙන ගැටුම් උග්‍ර අතට හැරෙන්නත් පුළුවන්. එය තමයි අපි මුහුණ දෙන විශාලතම අභියෝගය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අපි මුහුණ දෙන විශාලතම අභියෝගය මෙය’’ යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කරන ලද්දේ 1945 වසරේදීය. ඒ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය. තෙවැනි ලෝක යුද්ධයක් ඇති වීම වැළැක්වීමත් ලෝක සාමය පවත්වාගෙන යෑමත් එහි ප්‍රධාන අරමුණු විය. ලොව රටවල් 193ක් මේ වනවිට එහි සාමාජිකත්වය ගෙන ඇත.
‘‘ශක්තිමත් සහ වඩාත් පලදායී ලෙස ප්‍රතිචාර දැක්විය හැක්කේ සහයෝගීත්වයෙන් පමණයි. අපි දේශපාලන බෙදීම් සහ දේශපාලන සෙල්ලම් අමතක කර එක්ව සටන් කළ යුතුයි. මානව වර්ගයා අවදානමකට පත්ව ඇති බව අපි තේරුම් ගන්න ඕනෑ’’ යැයි ද හෙතම කීය.
‘සංවර්ධනය වෙමින් පවතින රටවලට ගෝලීය පැකේජයක් සකස් කළ යුතුයි. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමත් ඉන් සිදුව ඇති ඛේදජනක ප්‍රතිවිපාකවලට පිළිතුරු සෙවීමත් එහි ප්‍රධාන අරමුණු විය යුතුයි. එහෙත් එවන්නක් අද හෙට සකස් කරන්න බැහැ’’ යැයි ඔහු කීවේය.
අවිධිමත් ආර්ථිකයේ සිටින බොහෝ පිරිසක් විශේෂයෙන් ම දෛනික රැකියාව නිරත වී සිටින පිරිස් දැඩි අවදානමක සිටින බව ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අනතුරු ඇඟවීය.
කුඩා ව්‍යාපර කඩා වැටී ඇති බවත් ලොව පුරා විශාල පිරිසකට රැකියා අහිමි වී ඇති බවත් හෙතෙම පෙන්වාදුන්නේය.
‘‘අපි සෙමෙන් සෙමෙන් නිවැරැදි මාර්ගයට පිවිසෙමින් ඉන්නවා. එහෙත් අපි ඉක්මන් කරන්න ඕනෑ. මේ වයිරසය පරාජය කරන්න ඕනෑ නම් අපි තවත් බොහෝ දේ කරන්න ඕනෑ’’ යැයි ද හෙතෙම කීය
දුප්පත් සහ ගැටුම් පවතින රටවල ආධාර කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය සතියේදී ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව තවත් පියවරක් ඉදිරියට තබමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අඟහරුවාදා නව අරමුදලක් ස්ථාපිත කළේය.
සාම්ප්‍රදායික සහ පොහොසත් රටවලින් ආධාර ලැබෙන බවත් මේ අවස්ථාවේදී එය ප්‍රමාණවත් නොවන බවත් කී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඒ සඳහා ‘‘නව්‍ය මූල්‍ය ක්‍රමවේද’’ අවශ්‍ය බවත් කීවේය. ඒ තුළින් මේ අර්බුදයේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට උදවු උපකාර කළ හැකි යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තවදුරටත් කීවේය.
ඒ.එෆ්.පී.
055
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොරෝනා නිසා ලොව පුරා ගැටුම් උග්‍ර විය හැකියි
sena Wednesday, 01 April 2020 01:23 PM
මේක නිකන් හෙම්බිරිස්සාවක්. දන්න එවුන් එකෙක් කියන්නේ නැහැ
lanka Wednesday, 01 April 2020 02:40 PM
චීනය හදන්නේ මුළු ලෝකෙම දුප්පතුන් කර තම මිල අඩු ,බාල බඩු ලෝකය පුරාම විකුනන්නයි . ඒ සඳහා චීනයෙන් ලෝකෙටම ලැබුන දායාදය තමයි කොරෝනා . මුලින් කට්ටියම කිය කිය හිටියා මේක කලේ ඇමරිකාව කියල . නමුත් දැන් තමයි තේරෙන්නේ හරියටම මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියල .. කෝටි 140 ක් ජනතාවට සැප දෙන්න මුළු ලෝකෙම අනික් රටවල ජනතාව දුප්පතුන් කරන්න හදන්නේ ...