IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ළමා මනසේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අගමැති මහින්ද තෝරාගනී

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය හේතුවෙන් ළමා මනසට බලපා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෝරාගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල දරුවන් සම්බන්ධ කරගනිමින් සංවිධානය කර ඇති විශේෂ වැඩසටහනකට සමගාමීව එම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳ දරු දැරියන්ට තිබෙන ඇති ප්‍රශ්න හා ගැටළු අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළ හැකිය. වයස අවුරුදු 18ට අඩු ඕනෑම දරුවකුට තත්පර 10ක විඩියෝවක් පටිගත කර අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළ හැක.

පටිගත කරන එම විඩියෝ පට ෆේස්බුක් පණිවුඩයක් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ යොමු කිරීමට ඉඩ සලසා ඇතැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. එම ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා ලබාදෙන පිළිතුරු නිල ෆේස්බුක් පිටුව ඔස්සේ නිකුත් කිරීමට සැලසුම් යොදා ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රචාරය කර ඇති දැන්වීම්වලින් ලබාගත හැකි යැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.


055



අදහස් (14)

ළමා මනසේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අගමැති මහින්ද තෝරාගනී

kamal Thursday, 23 April 2020 02:48 PM

ඩේසි ආච්චිගේ මැණික් මල්ල සුරංගනා කතාව පොතක් විදියට එලිදක්වන්න තිබුන නම් එක බාල මහලු කාටත් කියවන්න තිබ්බ. කවුරු හරි බුද්ධිමත් ළමයෙක් එක අහන්න. තව තියනවා උසස්පෙළ කළා විෂයන් හදාරා යන්තම් ගොඩ ගිහින් ගණිතය සම්බන්ද ආචාර්ය උපාධියක් ලැබීමට ළමයෙක් ගේ මනස සකස්කළ යුතු ආකාරය සහ එංගලත්යේ වැඩිදුර අද්‍යාපනය සඳහා ගොස් සිට නිවාඩුවට පැමිණි අතරතුර නීති ශිෂ්‍යයෙක් ලෙස ඉතිහාසගත ලකුණු ලබා විබාගයක් ගොඩයන ආකාරය .

:       0       1

Nishantha Thursday, 23 April 2020 03:16 PM

නියම තීරණය... මොකද ලංකාවෙ මිනිස්සුත් බබාලනේ...

:       1       227

Kumar Thursday, 23 April 2020 04:16 PM

මේ දිනවල පවතින වසංගතය නිසා ඔය සාටකේ කරලාගෙන අරෝග්‍යශාලවලට එන්න එපා කියන්න. එකේ එක එක වෛරස වර්ගවල වාසස්ථානයක් වෙලා ඇති.

:       209       459

JayanthaThursday, 23 April 2020 08:46 PM

ඔය සාටකේ හින්ද තමයි අද අපි ඔලුව උස්සල ඉන්නේ... නැත්නම් අද අපි ප්‍රභාගේ වළං හෝදනවා. හරක වගේ උම්බෑ ගාන්නේ නැතිව මහා එකෙක්ගෙන් අහල දැනගන්න සාටකේ වටිනාකම.... කුහක වන්න එපා!!.

:       0       0

karu Thursday, 23 April 2020 06:26 PM

ඔය වැඩේට නියම සුදුස්සව තමයි තෝරාගෙන තියෙන්නේ....

:       10       218

කපුරුහාමි Thursday, 23 April 2020 06:59 PM

වෙන හරිහමන් සුදුසු කෙනෙක් හිටියෙම නැතුව ඇති...

:       199       433

නන්නාදුනන හාදයා Thursday, 23 April 2020 10:31 PM

අපෝ නැහැ. ළමයින්ට මෙයා හරි ආදරෙයි. පුදුමම ආදරයක් තියෙන්නේ.

:       0       0

vidya Thursday, 23 April 2020 08:16 PM

අදහස හොඳයි අගමැතිතුමා, මේ පිලිබඳව පුහුණුවක් දැනුම ඇති උගතුන් සහ දෙමව්පියවරුන් සහභාගී කරගෙන කළහොත් ඉතාම හොඳයි. නැතිනම් ගිරවෙකු වගේ කියා ගෙන ගියොත් මෙම කර්තව්‍ය හරි හැටි කෙරීමට නුපුළුවන

:       0       0

ලුම්බිණි Friday, 24 April 2020 12:37 AM

මෙතුමාගේ අතීතය බැලුවම ළමා මනසේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න තරම් පුළුවන් වෙන අය නැහැ.

:       0       0

මුණසිංහ Friday, 24 April 2020 01:32 AM

ඇයි මේකට දේශපාලකයින්ව තෝරා ගන්නේ? මේක කල යුත්තේ ළමා මානසික වෛද්‍යවරුන්.

:       0       1

Lakmal Friday, 24 April 2020 02:16 AM

බබාලට කියාපු කෙනා...

:       0       29

Walter White Friday, 24 April 2020 02:18 AM

වැරදි කෙනා තෝරාගෙන තියෙන්නේ, ශිරන්ති රාජපක්ෂ ආර්යාවනේ ගන්න තිබ්බේ. එතුමිය ළමා මානසික සෞඛ්‍ය විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක් කියල මම කොහේදෝ කියෙව්වා, එහෙම නැත්නම් අර බේබිල තුන්දෙනාත් හොඳයි.

:       0       41

Du Friday, 24 April 2020 04:28 AM

ළමා මනෝ වෛද්‍යවරු මේකට සුදුසු උනේ නැත්තේ ඇයි?

:       0       15

Nandalal DE SILVA - France Friday, 24 April 2020 08:10 AM

ලෝකයේ වෙන දියුණු රටවල නම් මෙවැනි භාරදූර කටයුතු පවරන්නේ ළමා මනස පිලිබඳ විශේෂ දැනුමක් ඇති වෛද්‍ය හෝ අධ්‍යාපනික අතින් උසස් මට්ටමක සිටින අයට පමණකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 712 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 135 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 922 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 955 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1293 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1157 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site