IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හිටපු පොලිස්පති ගොනු කළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම කල් යයි

( තිළිණි  ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම  කරුණු තහවුරු කිරීම සදහා ලබන සැප්තැම්බර් 10 වැනිදා තෙක් කල් තැබීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය.

මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු   , එස්.තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ  යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවුණි.

අධිකරණය හමුවේ අද පෙත්සම කැදවූ අවස්ථායේදී  පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ විරාන් කොරයා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වෙනත් නඩුවක පෙනී සිටිම හේතුවෙන් මෙම පෙත්සම සලකා බැලීම එදිනට කල් තැබීමට විනිසුරු මඩුල්ල නියම කළේය.

2019 වසරේදී එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය , එහි සාමාජිකයින් වන හිටපු අගමැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , මහින්ද රාජපක්ෂ ,ආර්.සම්බන්ධන් , ජාවේඞ් යූසුෆ් , එන්.සෙල්වකුමරන් , බිමල් රත්නායක , හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු , ජාතිත රහස් තොරතුරු සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඇතුළු හයදෙනෙකු නම් කරනු ලැබ සිටිති.
 
 විදානපතිරණ නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ  මෙසේද සඳහන් විණි.

“ පෙත්සම්කරු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 34ක කාලයක් සේවාවක් ගත කර ඇත.2018 වසරේ මැද භාගයේදී අගමැති සහ ජනාධිපති අතර මතභේදකාරී තත්ත්වයක් ඇති විය.

වගකිව යුතු සිවිල් සේවකයෙකු හැටියට මෙම තත්ත්වය තුළ පෙත්සම්කරු කිසිදු පක්ෂයක් නොගෙන සිටියේය.

මෙම තත්ත්වය තුළ  පසුගිය 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ජනාධිපතිවරයා විසින් පෙත්සම්කරු ජාතික ආකරක්ෂ කවුන්සිලයට සහභාගී කර නොගත්තේය.

පසුගිය 2019 අප්‍රේල් 09 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශ රැස්වීමේදී ජාතික තොරතුරු අධ්‍යක්ෂවරයා විසින්    ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාරයන් එල්ල වීමේ ඉඩකඩ ඇති බවට තොරතුරු අනාවරණය කළත් ඒ පිළිබඳව හිදිසි පියයවර ගැනීමේ අවශ්‍යතාවයක් ඔහු සඳහන් නොකළේය.කෙසේ නමුත් මේ පිළිබඳ තොරතුරු ඉහළ ප්‍රමුඛත්වයෙන් ලබා දෙන ලෙසට බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු අදාළ බලධාරීන්ට පෙත්සම්කරු ලිපි මඟින් දැනුම් දුන්නේය.

ඊට අමතරව පළාත් 9 බාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයන් සිදුවිය හැකි බවට 2019 අප්‍රේල් 09 වැනි දින පෙත්සම්කරු දැනුම් දුන්නේය.

ඉකුත් වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව අප්‍රේල් 23 වැනිදා ජනාධිපතිවරයා විසින් තමන්ට ජනාධිපති නිල නිවසට පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.

එලෙස කළ දැනුම් දීමට අනුව ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී තමන් මේ පිළිබඳ දැනුම්වත් නොකළ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. , මේ පිළිබඳව සොයා බැලීම සඳහා තමන් ජනාධිපති කොමිසමක් පත් කළ බවත් , වගකීම බාර ගෙන පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පෙත්සම්කරුට දැනුම් දුන්නේය.

පෙත්සම්කරු ඉල්ලා අස්විය යුතු බවත් , එසේ නොවුනහොත් ජනාධිපති පරීක්ෂණ කොමිසමට අහිතකර වන බවත් , තමන් ඉල්ලා අස්වුවහොත් තානාපති ධූරයක් ලබා දෙන බවත් ජනාධිපතිවරයා තමන්ට පැවසූ බව පෙත්සම්කරු කියා සිටී.

එසේ තිබියදී පසුගිය වසරේ  අප්‍රේල් 29 වැනි දින තමන්ව අනිවාර්ය නිවාඩු යැවූ බව සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ අත්සනින් යුත් ලිපියක් පෙත්සම්කරුට ලැබිණි.මෙම තීරණය නීතිවිරෝධී බවත් , එමඟින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , එය නිලධාරීන් ඉවත් කිරීමේ පනතට පටහැනි බවත් පෙත්සම්කරු කියා සිටී.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , ජනාධිපතිවරයා විසින් තම මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ප්‍රකාශ කරන ලෙසද , තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය අවලංගු කිරීමට නියෝග කරන ලෙසද , දෙවැනි වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න වැඩබලන පොලිස්පති ලෙස පත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු , තමන් පොලිස්පති ධූරයේ ඉවත් කිරීම වළකාලමින් ජනාධිපතිවරයාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
 

 



අදහස් (1)

හිටපු පොලිස්පති ගොනු කළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම කල් යයි

Raveendra Tuesday, 26 May 2020 12:05 PM

අපරාදේ කියන්න බැහැ..., මොනවා වුණත් හරිම කඩවසම් හාදයා. ඇතුලාන්තය අන්ත අසරණ අවලස්සනට තිබුණත් පිටතින් නම් හැන්සම් බෝයි තමයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 530 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 105 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 786 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 796 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1198 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1089 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site