දින නියමයක් නොමැතිව ‘ලොක්ඩවුන්’ සීමා දීර්ඝ කරන බව සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් එම්නන්ගග්වා රට වැසියන් අමතමින් ප්‍රකාශ කළේය.
‘‘රට ලොක්ඩවුන් සීමා ඉවත් කළ යුත්තේ උපායමාර්ගිකව සහ ක්‍රමිකව’’ යැයි ද සිම්බාබ්වේ ජනාධිපතිවරයා කීවේය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා දින නියමයක් නොමැතිව දීර්ඝ කරන බවත් එසේ වුවත් සෑම සති දෙකකටම වරක් ‘ලොක්ඩවුන්’ සීමා විමසා බලන බවත් සිම්බාබ්වේ ජනාධිපතිවරයා කීය.
රූපවාහිනිය ඔස්සේ සජීවීව රට වැසියන් අමතමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.
සිම්බාබ්වේ නගර වීදිවල තිබෙන අවිධිමත් කඩසාප්පු වසා දමන් බවත් රට නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් අදහස් විමසන බවත් ඔහු කීය.
නගර වීදිවල තිබෙන මෙම අවිධිමත් කඩසාප්පු සිම්බාබ්වේ හි මිලියන ගණනකගේ ජීවනෝපාය වේ.
කෙසේ නමුත් සිම්බාබ්වේහි නිෂ්පාදන කර්මාන්ත යනාදී ව්‍යාපාර, සුපිරි වෙළෙඳසැල් සහ බැංකු විවෘතව තැබීමට ආණ්ඩුව අවසර ලබා දී ඇත. මුලදී පැය 6ක කාලයකට ඒවා විවෘතව තැබීමට දුන් අවසර තවත් පැය දෙකකින් දීර්ඝ කිරීමට ද බලධාරීහු පියවර ගෙන ඇත. ඒ අනුව ව්‍යාපාර, සුපිරි වෙළෙඳසැල් සහ බැංකු උදෑසන 8ට පැය 8ක කාලයක් සඳහා විවෘතව තැබිය හැක.
ප්‍රධාන වශයෙන් දකුණු අප්‍රිකාවේ සහ බොට්ස්වානාවේ සිට පැමිණෙන සිම්බාබ්වේ ජාතික සංක්‍රමණිකයන් දින 21ක නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන බව ජනාධිපතිවරයා කීවේය. ඒ සඳහා පාසල් සහ උසස් පාසල්වල ගොඩනැගිලි භාවිත කෙරේ.
පාසල් සහ විශ්වවිද්‍යාලවලට යා හැකි නමුත් ඒ සඳහා අවසරය ලැබෙන්නේ අවසන් වසරවල ඉගෙනුම ලබන සිසුන්ට පමණක් යැයි කී ජනාධිපතිවරයා පාසල් ආරම්භ කරන දිනයක් සඳහන් නොකළේය. පාසල් අදියර කිහිපයක් යටතේ විවෘත කිරීම සඳහා ආණ්ඩුව මේ වනවිටත් පියවර ගනිමින් සිටී.
දැඩි සීමා හේතුවෙන් දැනට වයිරසය පාලනය කරගැනීමට සිම්බාබ්වේ සමත්ව ඇති අතර මුලින් අපේක්ෂා කළ පරිදි ප්‍රජාව අතර පැතිර ගොස් නැතැයි ද එම මුලින් ඇස්තමේන්තු කළ අගයට වඩා ඉතා අඩු යැයි ද ජනාධිපතිවරයා කීවේය.
සිම්බාබ්වේ ‘ලොක්ඩවුන්’ සීමා පැනවූයේ මාර්තු 30 වැනිදා ය. එරටින් අද (15) පස්වරු වනවිට වාර්තා වී තිබූ ආසාදිතයන්ගේ ගණන 30ක් වූ අතර වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 4ක් විය.
සිම්බාබ්වේ වෙතින් හඳුනාගත හැකි ආසාදිත පොකුරු කිසිවක් හමු වී නැති බවත් වාර්තා වී ඇත්තේ අඩු ආසාදිතයන් ගණනක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.
එමෙන්ම එරටින් ආසාදිතයන් වාර්තා වන්නේ අක්‍රමවත් ක්‍රමවේදයකට යැයි ද එම සංවිධානය සඳහන් කර ඇත.
‘‘අපි කොවිඩ්-19 පරීක්ෂණ අඩුවෙන් කළත් රට තුළ වයිරසය පැතිර යෑම පාලනය වී ඇති බව එයින් අදහස් වෙනවා’’ යැයි ද සිම්බාබ්වේ ජනාධිපතිවරයා කීය.
අල්ජසීරා/රොයිටර්ස්
055
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිම්බාබ්වේ දින නියමයක් නොමැතිව ‘ලොක්ඩවුන්’ සීමා දීර්ඝ කරයි