ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනා වයිරසය වැළඳීමෙන් සුවය ලබා ඇතැයි වාර්තා වේ
මාරියා බ්රන්යාස් නම් මෙම කාන්තාවගේ වයස අවුරුදු 113කි.
ඇයට කොවිඩ් - 19 වැළඳී ඇත්තේ මාර්තු මාසයේදී ස්පාඤ්ඤය අගුලු දැමීමෙන් පසුවය.
නමුත් සති කිහිපයක් ස්වයං හුදකලා වීමෙන් පසු ඇය සුවය ලැබීය. ඇයට පෙන්නුම් කළේ සුළු රෝග ලක්ෂණ බව වෛද්‍යවරු පවසති.
මාරියා 1918 - 1919 කාලයේ ඇතිවූ උණ වසංගටය ද 1936 - 1939 ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය කොරෝනා වසංගතයට ද සාර්ථකව මුහුණ දුන් කාන්තාවක් බව මෙයින් පැහැදිලි වන්නේ යැයි මාධ්‍ය සඳහන් කර තිබේ.
"ඇයට දැන් සනීපයි. ඇය හරිම අපූරුයි, ඇගේ අතීතාවර්ජනාවන් සම්බන්දව පැහැදිලි කිරීමට ඇය කැමතියි." යැයි ඇගේ දියණිය පවසයි.
1907 වර්ෂයේදී මෙක්සිකෝවේ මාරියා උපත ලැබූවාය.
එයින් වසර දෙකකට පසු ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ වෙත ගොස් පළමු ලෝක යුධ සමයේදී ස්පාඤ්ඤයේ ගිරෝනා පළාත වෙත පැමිණ ඇත්තේ ඇගේ මාධ්‍යවේදී පියා සමගිනි.
මාරියා දරුවන් තිදෙනකු වැදුවාය.
ඇගේ වැඩිමල් දරුවාට මේ වනවිට වයස 86කි. මාරියාට මුනුබුරු මිනිබිරියන් 11ක් සිටින අතර ඔවුන්ට ද දරුවන් 13 දෙනකු සිටියි. එනම් මාරියා මුනුබුරු මිනිබිරියන් 13කගේ මී මිත්තනියකි.
මාරියා පසුගිය දශක දෙක පුරා රැකවරණ නිවාසයක ජීවත් වූවාය.
පසුගිය වසරේ මාධ්‍යට අදහස් දක්වමින් මාරියා පවසා තිබුණේ තමාට ජීවත් වීම හැර වෙන කිසිවක් අවශ්‍ය නොවන බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනාවෙන් සුවය ලබයි
ලසන්ත Wednesday, 13 May 2020 03:23 AM
වයස අවුරුදු 113ක් වන දරුවන් තිදෙනෙකුගේ මවක්, මුනුබුරු මිනිබිරියන් 11 දෙනෙකුගේ මිත්තනියක්, පසුගිය දශක දෙක පුරා වැඩිහිටි රැකවරණ නිවාසයකයි ජීවත් වෙන්නේ. ඔන්න ඕකයි ලෝකයේ තත්වය.
Samitha Senaka Aluthgamage. Wednesday, 13 May 2020 04:23 AM
වාසනාවන් !!! දීර්ඝායුෂ වේවා !!! මේ වාසනාවන්ත කාන්තාව ලෙඩෙන් බේරීම සතුටට කරුණක්...