නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය රටතුළ පරාජය කිරීමේ සටනේ ඉදිරිපෙළ සිටි මෙරට වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ස්තුතිය පිරිනැමීමේ අරමුණින් සිය හෝටල්වල සියලු පහසුකම් සහතිව රාත්‍රී දෙකක් නොමිලේ ගත කිරීම සඳහා ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගම පියවර ගෙන ඇත.
ඒ අනුව ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගමට අයත් හෝටල් නවයක සියලු පහසුකම් සහිතව රාත්‍රී දෙකක් නොමිලේ ගත කිරීම සඳහා එම සමාගම පැකේජ 1,000ක් හඳුන්වා දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම් කිරීම් පදනම් කරගනිමින් මෙම පැකේජ පිරිනැමෙන අතර ඒවා ජූලි මස 1 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා වලංගු වේ.
‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගමේ ‘සිනමන් සුවවිරු ප්රණාම’ වැඩසටහනේ යටතේ මෙය ක්‍රියාත්මක වන මේ සඳහා නම් කරන පිරිසට ‘සිනමන් ග්‍රෑන්ඩ් කලම්බු, සිනමන් ලේක්සයිඩ් කලම්බු, සිනමන් රෙඩ් කලම්බු, සිනමන් බේ බේරුවල, සිනමන් වයිල්ඩ් යාල, සිනමන් ලොජ් හබරන, සිනමන් සිටඩෙල් මහනුවර, හබරන විලේජ් බයි සිනමන් සහ ට්‍රින්කෝ බ්ලූ බයි සිනමන්’’ යන හෝටල් නවයෙන් එකක් තම නිවාඩු ගත කිරීම සඳහා තෝරාගැනීමට අවස්ථාව හිමි වේ.
මේ අවස්ථාව සනිටුවහන් කිරීම සඳහා ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගම අයත් ‘ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්’ සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ‘සිනමන් සුවවිරු ප්රණාම’ ප්‍රකාශය අද (16) පිළිගැන්වූයේ ය.
055
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිනමන් ප්රණාම වෙතින් සුවවිරුවන්ට සත්කාර
Narada Tuesday, 16 June 2020 03:18 PM
හොඳ වැඩක්...
de silva Tuesday, 16 June 2020 04:59 PM
ගියවසරේ දේශප්‍රේමයේ බටර් පාර ගාලා රටවිරුවෝ කියලා පිරිසකට අන්දවලා, කට්ටියම කොඩි අරන් රට ඉඳන් අතින් ටිකක් අරන් ඇවිත් පෝලිමේ ඡන්දෙ දමලා ගියා. දැන් කට්ටියම අනාථ කඳවුරුවල කන්න නැතිව අඳෝනා නගමින් ඉන්නවා. මෙදාපාර තව කට්ටියකට සු විරුවෝ කියලා අන්දවලා පෙරහරේ ගෙනියන්න හදනවා.
kamalWednesday, 17 June 2020 07:28 PM
ඇයි ? රටවිරුවන් දැන් කොරෝනා බෝම්බ වෙලාද?