( තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගතයෙන් බිද වැටුනු සංචාරක කර්මාන්තය අදියර කිහිපයකින් යළි ඉහල නැංවිමට ඉදිරි වසර පහ සදහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී. කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය අද (23) පැවසුවාය .
සංචාරක කර්මාන්තයේ ලියාපදිංචි ආයතන සහ පුද්ගලයින් 11,071 ක් සහ මීටපඅමතරව කාමර 39,253 ක් සහිත නවාතැන් පහසුකම් ස්ථාන 2,669 ක් සදහා මෙම වැඩසටහන හරහා පහසුකම් සැලසීමට අපේක්ෂා කරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය .
මෙම සංචාරක ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ මෙරට සංචාරක කර්මාන්තය යළි ඉහල නැංවීම සඳහා තත්ත්ව තක්සේරු කිරීම, බලපෑම් තක්සේරු කිරීම සහ මාර්ග සිතියම්ගත කිරීම යන අදියර තුනක සැලැස්මක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය හිමි වන බවත් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය .
මෙම සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ කටයුතු වලට පූර්ණ සහාය ලබා දෙන්නැයිද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි සභාපතිනිය බැංකු හා මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නීය.
වර්තමාන තත්වය තුල සියලුම සංචාරක සංවිධානවල දායකත්වය හා සහයෝගිතාව ඉතා වැදගත් වන බව පෙන්වා දෙන කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් අනාගතයේදී සංචාරකයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳව සංචාරක බලධාරීන්ගේ වැඩි අවධානයක්
සංචාරය සදහා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් 12,329 ක් තවමත් ශ්‍රී ලංකාවේ සිටින බවද ඇය පැවසුවාය.
වෛරසය නිසා දේශසීමා වසා දැමීම සහ පුළුල් ලෙස සමාජීය ඈත් වීම සමග සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් වඩාත්ම බලපෑමට ලක්වුවදප. සංචාරක කර්මාන්තය යළි ඉහල නැංවීමට මෙරට සුන්දර සංචාරක අත්දැකීම්, හෙළ වෙදකම, ස්වදේශික ආයුර්වේදය, සාමප්රදායික කුළුබඩු, ඖෂධ පැළෑටි සහ සංස්කෘතික සම්ප්‍රදායන් අනුව අපට බොහෝ දේ ඉදිරියේදී සංචාරකයින් ආකර්ෂණය සඳහා ලබා දිය හැකි බව සභාපතිනිය පෙන්වා දෙන්නීය.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සංචාරක කර්මාන්තය නගා සිටුවීමට පස් අවුරුදු ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක්
rana Thursday, 23 April 2020 04:28 AM
සිංදුවක් ගැහුවොත් නරකද.?
සමන් Thursday, 23 April 2020 05:52 AM
ඉතාමත් කාලෝචිත අදහසකි... කොපමණ මුදලක් වියදම් කර හෝ මෙය ප්‍රවර්දනය කරමු. මේ අවස්ථාවේ ගොඩ ඒමට නම් සියලු විසා බාදක ඉවත්කර ඕනෑම කෙනෙකුට ඒමට රට විවෘත කරමු.
කපිල Thursday, 23 April 2020 06:08 AM
ලංකාවට මුලින්ම කොරෝන ආවේ සංචාරක කර්මාන්තය නිසා.
Sisili Bisili Thursday, 23 April 2020 06:15 AM
සංචාරකයින්ට යන තැන වල වැසිකිලි ටිකවත් හදල වැඩේ පටන් ගන්න.
de silva Thursday, 23 April 2020 06:33 AM
ආණ්ඩුව ලංකාවේ සංචාරක කර්මාන්තයට කරන්න පුළුවන් ලොකුම උපකාරය ඔය" ටුවරිස්ට් බෝර්ඩ් "එක කියන සුදු අලියා වහලා දැමීම , දැන් හෝටල් සහ සංචාරක කර්මාන්තයේ යෙදෙන්නෝ අතරමන් වෙලා ඉන්න කොට ඔය නිලධාරී පැත්ත පළාතක එන්නේ නැහැ , නමුත් සංචාරකයෙක් දෙන්නෙක් එන්න ගත්ත පටන්ගත්ත ගමන් ඇවිත් , අරක නැහැ මේක නැහැ නඩු දමනවා කියලා , අල්ලස් මුදල් ඉල්ලීමත් පිනට කෑම බිම ගැනීමත් නම් කරාවී.
upali Thursday, 23 April 2020 10:30 AM
ඔබතුමියට මෙරටට පැමිනෙන සංචාරකයන්ගේ සමාජ මට්ටම් ගෙන අවබෝධයක් තිබෙනවද ?
de silva Thursday, 23 April 2020 01:30 PM
ඔය ඔක්කොටම ඉස්සෙල්ල සංචාරක මර්මස්ථානවල අලුතින් ගුවන් තොටුපලේ තිබෙන තත්වයට වැසිකිලි කිහිපයක් ඉදිකරලා ඒවගේ නඩත්තුව පුද්ගලික පිරිසිදු කිරීමේ සමාගමකට පවරන්න. කොළඹ නගරයේ විවිධ ස්ථානවල සිට ගුවන් තොටුපලට , කොටුවට , ආගමන විගමන දෙපාර්තමේන්තුවට , කටුගෙට යන මාර්ග දිශාවන් සහ දුර ප්‍රමානය සදහන් පෙන්වන පුවරු 300-400 වත් අලුතෙන් ස්ථාපනය කරන්න , ඉන්පසු අනෙක් පළාත්වලට මේක ව්‍යාප්ත කරන්න ,