IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ශ්‍රී ලාංකිකයෝ 27,000 ක් ආපසු එන්න කැමැත්තෙන්

( තිළිණි ද සිල්වා )

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 27,000 කට අධික සංඛ්‍යාවක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමේ කැමැත්තෙන් පසුවන බව විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා අද (26) පැවසීය.
 
මෙම පිරිසට ලාංකික ශ්‍රමිකයන් හා යැපෙන්නන් 17,000 කට අධික සංඛ්‍යාවක් ද, සිසු සිසුවියන් 6,000 ක් සහ කෙටිකාලීන වීසා බලපත්‍ර දරන්නන් හා සංචාරකයින් 3,000 ක් පමණ ද ඇතුළත් වන බවද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

විදේශ සබදතා අමාත්‍යාංශය යටතේ පිහිටවු " කන්ටෑක්ට් ශ්‍රී ලංකා නැමැති සජීවි අන්තර්ජාල ප්‍රවේශය  සහප වෙනත් මාධ්‍යයන් හරහා මෙම පිරිස් යළි දිවයිනට පැමණීමට කැමැත්තෙන් සිටින බවට දන්වා ඇතැයිද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙයි. 

මෙම පිරිස් නැවත දිවයිනට ගෙන්වීමේදී රජයේ අවධානය මේ වන විට යොමු වී ඇත්තේ ශිෂ්‍යයන් සහ රජයේ පුහුණු වැඩසටහන් සඳහා දකුණු ආසියා රටවලට ගොස් සිටින අය කෙරෙහි බව ලේකම් ආර්යසිංහ මහතා  පැවසීය. 

ඉන්පසුව වෙනත් රටවල වර්ධනය  වෙමින් පවතින මෙවැනිම තත්වයන් පිළිබඳව විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් සමීපව අධීක්‍ෂණය කරනු ලබන අතර, නැවත සියරට පැමිණවීම සඳහා තීරණ ගැනීම සහ පහසුකම් සැපයීමට ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සලකා බැලීම සඳහා සුදුසු නිර්දේශ ලබා දෙන බවද විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

පීඩාවට පත්ව සිටින එතෙර ලාංකිකයින් ගෙන්වීමේ ක්‍රියාවලිය විදේශ සබදතා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ ඒ ඒ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හා කොවිඩ්-19 කාර්ය සාධක බලකාය සහ තවත් ජාතික ආයතන රාශියක් සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
 
බොහෝ අවස්ථාවල දී, එතෙර සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන අවදානම අවම කිරීමට ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට හැකි වූ බවත් ,සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM), කැරිටාස් සහ රතු කුරුස වැනි ජාත්‍යන්තර සංවිධාන විසින් සපයනු ලබන ආධාර එම දූත මණ්ඩලවල කාර්යයන්  වැඩිදියුණු කිරීමට ඉවහල් වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.



අදහස් (10)

ශ්‍රී ලාංකිකයෝ 27,000 ක් ආපසු එන්න කැමැත්තෙන්

jiwa Sunday, 26 April 2020 11:12 AM

ජනාධිපතිවරණයට පොලියට සල්ලි අරන් අතින් ටිකට් අරන් එ් මුදල්වල පොළී තවම ගෙවනවා... ඉතින් මේ පාරත් එන්නද කියන්නේ සිංහ කොඩි අරගෙන?

:       0       0

kamal koriya Sunday, 26 April 2020 11:14 AM

සිංහ කොඩි අරන් මේ මැතිවරණයේදීම එන්නම් ඡන්දෙ දෙන්න අනික් පැත්තට...

:       0       0

kamalani ithali Sunday, 26 April 2020 11:16 AM

අපිට ගහන්න ඕනේ සිංහ කොඩි අරගන ආවට...

:       0       0

Ravi Dubai Sunday, 26 April 2020 11:23 AM

සිසුන් විතරක් ගෙන්වා ගන්නේ රැකියා කරන අපිවත් ගෙන්න ගන්නකෝ...

:       0       0

SARATH R Sunday, 26 April 2020 11:27 AM

කොයි ලෝකේ ගියත්, අන්තිමට එන්නේ අම්ම ළඟට... මෙය සදාකාලික නියතයක්...!

:       0       0

rama Sunday, 26 April 2020 11:41 AM

අපි මෙච්චර කලක් රටට විදේශ විනිමය හොයලා දුන්නා. බලමු මේ සැරේවත් අපට එන්න අවස්ථාවක් ලබාදේවිද කියලා. මම සෞදි එම්බසි එකට කතා කළාම ලියාපදිංචි වෙන්න... ඒ අය අහනවා ඔයා වැඩකරන තැනින් පැනලා ගිහිල්ලද කියලා.. ඔන්න එයාලා අපගැන හිතන විදිහ..

:       0       0

Priyantha Sunday, 26 April 2020 12:32 PM

ඉතාලියේ අය නීත්‍යානුකූලව රැකියාව කළා නම් ඔවුන්ට ඉතාලි අාණ්ඩුවේ සියලු දීමනා ලබාගත හැකිය.. හොරට වැඩකර වැඩි මුදල් හොයන්න ගිය අය කබලෙන් ලිපටය. තිත්ත වුණත් ඇත්ත එයයි...

:       0       0

Samitha Senaka Aluthgamage. Sunday, 26 April 2020 12:50 PM

අපේ රටේ අය අපට වටිනවා. ඒකට තමයි අපේකම කියන්නේ. ඒත්, රට ගිය සමහර දෙනා මේ රටට බොහෝවිට කලේ අවමන් සහ මදි පුංචිකම්. සිංහල බස කතා කිරීම ගැන ඔවුනට තිබුනේ ලැජ්ජාවක්. එවන් අය මින්පසු හෝ නිවැරදි ලෙස සිතත්වා...!!!

:       0       0

siri Sunday, 26 April 2020 01:18 PM

එක වතාවක් "ඡන්දෙට ආමි " කියලා බෝඩ් අල්ලාගෙන ආව කට්ටිය මතක් වෙනවා.

:       0       0

Rata Perata Sunday, 26 April 2020 01:25 PM

නිකම් බොරු සංදර්ශන දාන්නේ නැතුව ඉන්නවා හලෝ - රවිනාථ. ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාව සලසාගන්න බැරුව, හරක් පට්ටියක් වගේ මිනිස්සුන්ව ගෙවල්වල හිරකරලා. ආධාර දෙන්නේ තමන්ගේ පක්ෂේ අයට විතරයි. එන්න ඉන්න 27000ගේ මොලේ පරීක්ෂා කරන්න වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 23 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 104 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 924 1

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 221 2

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1924 2

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 842 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 291 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1655 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site