IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනෑ නැතැයි ජනපති ලේකම් මැකෝට ලියයි

(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ ප‍්‍රශ්නයක් පැන නොනගින බව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

මහ මැතිවරණය මැයි මස 28 වැනිදා හෝ ඊට පෙර පැවැත්වීමට නොහැකි බව  ප‍්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහකැකි යැයිද ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් බැවින් මැතිවරණ කොමිසමේ කටයුතුවලට මැදිහත්වීමට ජනාධිපතිවරයා අදහස් නොකරන්නේ යැයි ද ජනාධිපති ලේකම්වරයා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ලිපිය යවනු ලැබ ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ඉත් මාර්තු මස 31 වැනිදා සහ අපේ‍්‍රල් මස 1 වැනිදා එවන ලද ලිපිවලට පිළිතුරු වශයෙනි.

ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට යවන ලද ලිපියේ මෙසේද සඳහන් වේ.

 



අදහස් (15)

ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනෑ නැතැයි ජනපති ලේකම් මැකෝට ලියයි

Achini Thursday, 09 April 2020 12:40 PM

කොහොම හරි චන්දය තියන්න අප්පා... මෙකටනේ අපි ඔක්කොම ලොක් ඩවුන් කරලා ඇදිරි නීති දාලා තියෙන්නේ...

:       793       765

RaveendraThursday, 09 April 2020 01:40 PM

ඔබ විසින් මෙම වාක්‍ය (මෙකටනේ අපි ඔක්කොම ලොක් ඩවුන් කරලා ඇදිරි නීති දාලා තියෙන්නේ...) ලිව්වේ හොද සිහි බුද්ධියෙන්ද යන්න නම් අවංකව අපට ගැටලුවකි. එක්කෝ ඔබ වෛද්‍ය විෂය පිලිබදව කෙල පැමිණි කෙනෙකු නොඑසේ නම් මෙම අවදානම් තත්වය නොව මුලික අරමුණ "කොහෙවත් යන බුරුවන් තෝරන තරගය " පිලිබදව ක්‍රියාකාරී කෙනෙකු විය හැකිය. කිනම් දෙයක් කිරීමට හෝ මිනිසුන් ජීවත්වී සිටිය යුතුයි යන්න ඔබ වැනි බුද්ධිමතෙකුට නොතේරිමත් ගැටලුවකි.

:       9       328

mahakande vijithasiri Thursday, 09 April 2020 01:02 PM

පණ්ඩිත මැකෝට හොද උත්තරයක් හම්බෙලා තියෙන්නේ.

:       410       114

Amal Thursday, 09 April 2020 01:09 PM

මෙයාට ආර්ථිකය කිව්ව මනුෂ්‍යයා දැන් ලංකාවෙ ඉන්නවද?

:       8       152

සනත් Thursday, 09 April 2020 01:10 PM

කොරෝනා නෙමෙයි මහසෝනා ආවත් මෙයාලට වටින්නේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි.

:       11       137

Dhanushka Thursday, 09 April 2020 01:34 PM

යන්නේ කොහොද මල්ලේ පොල් වගේ. කිවේ විසුරවලා මස 3ක් යනකන් ජන්ද තියන්න් වෙන්නේ නෑ.. ජුනි 1ට ජන්දේ තිබ්බේ නැත්තන් නොකියා කිවේ ඇය වැය ප්‍රශ්නය ගැන. එ ගැන අහන්න කියලා..

:       1       13

saali Thursday, 09 April 2020 01:43 PM

ඕනෑම කෙනෙකුට මැයි 28 ට පෙර තිබිය නොහැකි බව තේරෙන නමුත්, මෙවැනි උපදේශක තුමාලට නොතේරේ. මෙයත් යම් දේශපාලන ක්‍රීඩාවක් ද?

:       59       211

හරේන් Thursday, 09 April 2020 02:02 PM

අපි ඔක්කොම රටක් විදියට මවිතයට පත් වෙලා බලාගෙන ඉමු මෙයාල මොනවද කරන්නේ කියලා.

:       0       31

ධම්ම Thursday, 09 April 2020 02:12 PM

ඡන්ද එපා. 225 නඩත්තුකරන සල්ලි සංවර්ධන වැඩකට යොදවන්න. දියවන්නා දුපතේ ඇති බිල්ඩිම කොරෝනා රෝහලකට ගන්න.

:       0       348

Painted Thursday, 09 April 2020 04:38 PM

වෙන රටවල් එක්ක බලද්දී ලංකාවේ මුල් පුරවැසියාගේ සිට ඇප කැප වෙලා ලංකාවේ මිලියන 21කගේ ජීවිත වෙනුවෙන් නොකඩවා සටන් කරන මේ උතුම් ජීවිත වලට වචනයකින් හෝ සහයෝගයක්, ස්තූතියක් නොකර ගෙදර ආරක්ෂිතව ඉඳගෙන කකා බිබී නිකන් අනිත් අයගේ හිත් දූෂණය කර කර වයිරය වපුරන කාලකන්නි ජීවිත. ඇමරිකාවේ දවසකට මරණ දෙදාහයි. ලංකාවේ මාසෙකටම මරණ හතයි. මේ නිකන් ඉඳලා ලබපු ප්‍රතිපලයක් නෙවෙයි. කාලකන්නි මිනිසුනේ දැන්වත් ඇස් ඇරපියව්...

:       826       726

MalaviThursday, 09 April 2020 09:31 PM

ඇමරිකාව සහ ලංකාව මරණ වලින් පමණක් සංසන්දනය ෙනාකරන්න.

:       3       0

SamanFriday, 10 April 2020 01:52 AM

ඔබට ස්තුතියි. මී හරක් ඇස් හැර බලන්නේ තණකොළ පමණයි.

:       0       2

chandana Thursday, 09 April 2020 08:37 PM

01. 2018 වර්ෂයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී වුයේ ජනමත විචාරණයකින් තොරව සම්මත කළ නොහැකි කරුණුද ජනමත විචාරණයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමෙන් ඇති වූ විපරීත තත්වය නිසා බව මා අසා ඇත. එසේ නම් අපගේ පරමාධිපත්‍ය රැක ගැනීමට නොව අපගේ පරමාධිපත්‍යය වන ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය එම අවස්ථාවේදී අහිමි කිරීම සඳහා ක්‍රියාකළ සාමාජිකයෙක් සිටින කොමිසමකින්. අපට ඡන්දය ලබා දිය හැකි මාර්ග අහුරා නැවත පරණ තත්වයටම රට ඇද දමන ක්‍රම විනා ඡන්දය පැවැත්වීමේ ක්‍රම සොයනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. 02. කොරෝනා වසංගතය තවත් පාස්කු ප්‍රහාරයක් නොවූයේ එකල නායකත්වයට වඩා වත්මන් නායකත්වය සියදහස් වාරයකින් නිවැරදි සහ කාර්යක්ෂම නිසා බවත් නිවැරදි දැක්මක් සහිත නායකත්වයක් ඇති නිසා බවත් මා හට පැහැදිලි වන අතර අතීතය මතක කිසිවකුත් මාගේ අදහස ප්‍රතික්ෂේප නොකරනු ඇත. 03. මෙම වසංගතව අවසන් වූ පසු යම් යම් කණ්ඩායම් ඊනියා මානව හිමිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වගන්ති ගෙනහැර දක්වමින් කලඑළි බසිනු ඇත. (තිස් වසරක ත්‍රස්තවාදය පරාජය කල පසුද වූයේ එසේය) 04. අපේ රට, රටේ පවතින නායකත්වය සහ විරුවන් රැකගැනීම එක අධිෂ්ඨාන කර ගන්න.

:       0       0

Ariyapala Friday, 10 April 2020 03:18 AM

කොහොමටත් මොන වංගුවක් දාලා හරි බලන්නේ උසාවිය මග හරින්ට. උසාවිය තහන්චි දැම්මනේ. රාජ්‍ය සේවය තහනම් කළානේ. ඉතින් බය නොවී තියේයැ.

:       0       1

Ariyapalabenthota Friday, 10 April 2020 03:25 AM

කොහොමටත් පී.බී ජයසුන්දර වගේම එයාගේ ලොක්කත් උසාවි කීවොත් බයයිනේ. පී.බී ජයසුන්දරට උසාවිය තහංචි දැම්මනේ ජීවිතේ කිසි දිනක නැවත රාජ්‍ය සේවය පැත්ත පළාතක එන්න එපා කියලා. ඒක මතක නැතිවෙන්ට බෑනේ. ඒක නිසා උසාවිය කියන වචනයත් ඇලජික් ලොක්කටයි ගෝලයටයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1138 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 926 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site