IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වන්දනාකරුවන් නැතිවත් ශ්‍රී පාදයේ තේවාවන් එලෙසම 

(රංජිත් රාජපක්ෂ)                      
 
වන්දනාකරුවන් නොමැති වුවත් ශ්‍රී පාද උඩමළුවේ දිනකට සිව්වතාවක්  තේවාවන් සහ පුද සිරිත් පවත්වන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක , ඌව පැල්මඩුල්ල ශ්‍රී රජමහ විහාරස්ථානයේ විහාරාධිපති  ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසූහ.
 
අද (10) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් මේ බව සඳහන් කළහ.
 
පුර පසලොස්වක පොහෝ දිනයන් වල පෙර සිට සිදුකළ පරිදී  විශේෂ පුජාවන් හයක් සිදු කරන බවද උන්වහන්සේ කියා සිටියහ.
 
ශ්‍රී පාද වන්දනාවාරය අවසන් වන තෙක්ම ශ්‍රී පාද උඩමළුවේ පැවැත්වෙන තේවාවන් සහ පුද පුජාවන් අතිතියේ සිට පවත්වාගෙන පැමිණි ආකාරයට සිදු කරන බවත් වෙසක් පොහෝ දිනට පසු දින ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඩුව , සමන් දේවප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහ විහාරස්ථානය දක්වා වැඩමකරවන බවත් ශ්‍රී
පාදස්ථනාධිපති හිමියන් පැවසූහ. කොරෝනා වයිසරය පැතිර යන මෙම අවස්ථාවේ ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගත් අභිත රණවිරුවෙකු වු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව තොරාපත් කරගෙන ඇත්තේ රටේ භාග්‍යයට බවත් මේ රට තුළ කාලයකට මැතිවරණ නොපවත්වා නීතිය සහ සාමය පවත්වාගෙන යාමට ගෝඨාභය රජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආරක්ෂක කමිටුවක් ඇති කර වසර කිහිපයක් මේ රට පාලනය කල
හොත් රට ගොඩ ගැනීමට හැකි බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් සඳහන් කළහ.
 
2019 - 2020 ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනට පසු දින (08) දින අවසන් කරන බවත් උන්වහන්සේ පැවසූහ



අදහස් (5)

වන්දනාකරුවන් නැතිවත් ශ්‍රී පාදයේ තේවාවන් එලෙසම 

රටවැසියා Friday, 10 April 2020 11:14 AM

මැතිවරණ නොපවත්වා සිටින්න යැයි අනුසාසනා කරන්න හාමුදුරුවන්ට අයිතියක් නෑ.

:       0       0

Champa Friday, 10 April 2020 12:50 PM

ශ්‍රී පාදස්ථානයේ විතරක් නෙමෙයි බැතිමත්තු නැතිවුනත් අනිත් ප්‍රධාන පන්සල් දළදා මාලිගාව ජයශ්‍රී මහා බෝධින්වහන්සේ වෙනුවෙන්ද නියමිත පුද පූජා පැවැත්වෙනවා කියල හිතනවා. හැබැයි හාමුදුරුවනේ, කොරෝනා පිටින් දාල හමුදා පාලනයක් ගේන්න කියපු එක සම්පූර්නයෙන්ම වැරදියි. ජනාධිපතිවරයා ජනාධිපතිවරණෙට ගියේ සිවිල් දේශපාලකයෝ එක්ක මිසක් හමුදා නිලධාරීන් පිරිවරා ගෙන නෙමෙයි. එයාව දිනවන්න චන්දෙ දුන්නේ 2015 ඉඳන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එක්ක හිටපු මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව වුනේ මහින්දට ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්න බැරි හින්ද ඔහුව අගමැති කිරීම. ජනාධිපතිවරණෙට ඉස්සෙල්ල හමුදා පාලනයක් ගේනවා කියලා කිව්වා නම් කිසි කෙනෙක් ජනාධිපතිවරයාට චන්දෙ දෙන්නේ නැහැ. දැක්කද ඊයේ ආණ්ඩුවේ ඇමති මැති රැස්වීම? කතා කරන්න බයයි මන්ත්‍රීවරු. දැනුත් මෙහෙම නම් හමුදාව ඉන්න ආරක්ෂක කමිටුවක් රට පාලනය කලොත් කොහොමට හිටීවිද? අගමැතිතුමා ලොකු උගුලක අහුවුනා. පේනවනේ.

:       103       2

ලසන්තSaturday, 11 April 2020 01:25 AM

චම්පා මහත්මියගේ අදහස නිවැරදියි. හමුදා පාලනයක් පවතින විටක ජනතාවට සිදුවන පීඩාව මුන්නාන්සේ දන්නේ නැහැ. බොහෝ දෙනෙකුට අමතකව නැතිව ඇති 1983 දී ඇතිවූ කළු ජූලිය. එම කාලයෙත් වැදගත් රාජ්‍ය ආයතනවලට හමුදාව යෙදෙව්වා. නිළධාරීන්ට හා සේවකයින්ට වැඩකරන්න වුනේ බියෙන ගැහිගැහී සිටය. ඒ වගේම මුන්නාන්සේ නොකිව්වාට සිරිපා වන්දනා කාලයෙන් පසුව අවාරයේද සිරිපා මළුවේ පුදපූජාවන් නොකඩවා කරන බව කියන්න වෙනවා...

:       0       0

හරේන් Friday, 10 April 2020 01:42 PM

උඩමලුව තාවකාලිකව වහන්න කිව්වම බෑ කිව්ව. තමුන්ට කලහැකි වගකීම ඉටු නොකර දැන් ජනාධිපති තුමාගෙ ගුණ ගායනා කරනව. හාමුදුරුවෝ මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕන.

:       0       1

Ranjith Friday, 10 April 2020 02:32 PM

සාදු.. සාදු .... සාදු ... ආශීර්වාදයක්ම වේවා මුළු රටටත් ..මුළු ලෝකයටත් ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1088 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 218 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1204 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1225 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1467 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1330 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site