(නිමන්ති රණසිංහ)
උද්ගතවී ඇති කොරෝනා තත්ත්වය හේතුවෙන් ඉකුත් පෙබරවාරි මස සිට විදුලි බිල ගෙවීමට නොහැකි වූ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලිය විසන්ධි නොකරන ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.
එම කාලසීමාවට අදාළ විදුලි බිල්පත් ගෙවීමට ඇති සහන කාලය ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කිරිමටද අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නොරොච්චේල ගල් අගුරු තාප බලාගාරයේ සේවක මණ්ඩලයේ සාමාජිකයින් අසීරු අවස්ථාවේදී අඛණ්ඩව විදුලිය සපයමින් මහජනතාවට සපයන සේවාව ඇගයීම වෙනුවෙන් අමාත්‍යවරයා ඉකුත් 07 වැනිදා එහි කළ සංචාරයකදී ය.
ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල වෙනස්වීම් සිදුවුවද, නොරොච්චෝල ගල් අගුරු බලාගාරය මගින් අඛණ්ඩව විදුලිය උත්පාදනය සදහා අවශ්‍ය ගල් අගුරු තොග මේ වසරේ නොවැම්බර් මාසය තෙක් පවතින බැවින් කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමේ හැකියාව මේ වන විට විදුලි බල මණ්ඩලය සතුව ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
නොරොච්චොල ගල් අගුරු බලාගාරයේ තෙවන අදියර කඩිනමින් ආරම්භ කිරීම මගින් තවත් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කිරීම රජයේ අපේක්ෂාව බව කී අමාත්‍යවරයා විදුලි ඒකකයක් රුපියල් 10 ක් 12 ක් වැනි මිලකට මහජනතාවට ලබාදීමට එමගින් හැකියාව ලැබෙන බවද ප‍්‍රකාශ කළේය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විදුලි බිල ගෙවන්න අප්‍රේල් 30 දක්වා සහන කාලයක්