IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වැටුපෙන් මුදල් අය කරගත්තැයි ලංකා ගුරු සංගමය නඩු කියන්න යයි

(දයාරත්න ඇඹෝගම)

තම වැටුපෙන් මුදල් අය නොකර ගන්නා ලෙසට ලිඛිතව ඉල්ලා සිටියදි විදුහල්පතිවරුන් ගෙන් සහ ගුරුවරුන්ගේ වැටුපෙන් මුදල් අයකර ගැනිමට විරුද්ධව ජනාධිපති ලේකම්වරයා ඇතුළු බලධාරින්ට විරුද්ධව ඉදිරි සතියේ නඩු පවරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසිය.
 
අනුරාධපුර නගරයේ පිහිටි ඒ මහතාගේ නිවසේ අද (24)දින පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව පැවසිය.
 
එම මාධ්‍ය හමුවේදි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේද පැවසිය.
 
ජනාධිපති ලේකම්වරයා විසින් ලිපියකින් කර තිබු ඉල්ලිමක් පරිදි කොවිඩ් සහන අරමුදලට කියා මෙම විදුහල්පතිවරැන් ගෙන් සහ ගුරුවරුන් ගෙන් බලහත් කාරයෙන්  මැයි මාසයේ වැටුපෙන් දිනක වැටුප අයකර ගෙන තිබෙනවා බලහත් කාරයෙන්.ඔවුන් තමන්ගේ වැටුපෙන් මුදල් අයකර නොගන්නා ලෙසට අදාල බලධාරින්ට ලිඛිතව දැණුම්දි තිබියත් මෙලෙස වැටුප් අය කිරිම නිති විරෝධියි.
 
රජය පලමුවෙන්ම කිවේ කැමති අයෙකුට පමනක් සිය වැටුප කොවිඩ් සහන අරමුදලට පරිත්‍යාග කරන්න පුලුවන් කියලයි.ඒ වුනාට මේ වන විට පළාත් කිහිපයක රජයේ සේවකයන් ගෙන් වැටුප් මුදල් අයකර ගෙන තියෙනවා. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ගුරු විදුහල්පතිවරුන් ගෙන්.
 
මේවන විට ලබන වැටුපත් මදි රජයේ සේවකයන්ට ජිවිත්විමට.ඒ අතර රජය අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා තිබු බදු ඉහල දමා තිබෙනවා.ඒ නිසා ඉදිරියේදි භාණ්ඩ මිල ඉහල යන්න පුලුවන්.එහෙම 

තියෙද්දි ලබන වැටුපත් රජයේ සේවකයන් ගෙන් ආණ්ඩුව මංකොල්ල කනවා.නැගෙනහිර පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ නියෝගයක් මත සියළුම ගුරු විදුහල්පතිවරුන්ගේ දිනක වැටුප අයකර තිබෙනවා.

මේක අසාධාරණයක්.ඒ නිසා නැගෙනහිර පළාතේ තත්වය පදනම් කර ගෙන අධිකරණයට යාමට කටයුතු සුදානම් කොට තිබෙනවා.අපි ලබන සතියේ අනිවාර්යෙන්ම බලහත් කාරයෙන් වැටුප අයකර ගත් කිහිප දෙනෙකු සමග අධිකරණයේ නඩු පවරනවා.මේවන විටත් මේ සම්බන්ධ නීතිමය කටයුතු අපි අවසන් කොට තිබෙනවා.ඉදිරියේදිත් රජයේ සේවකයන් ගෙන් විවිධ විවිධ කාරනා වලට වැටුප් අයකර ගන්න නියමිතයි.බලහත් කාරයෙන් වැටුපෙන් මුදල් අයකර ගැනිම නිති විරෝධියි.මේක වහාම නතර කරන්න.
 
ඒ වාගේම අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා බදුවැඩි කිරිම වහාම අත් හිටුවන්න.මේවන විට රටේ ඉන්ධන මිල අඩු කිරිමේ හැකියාව තිබියදි රජය විසින් මහජනයාට සහනයක් ලබා නොදෙන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදි පැවසිය.
 
මෙම මාධ්‍ය හමුවට ලංකා ගුරු සංගමයේ අනුරාධපුර දිසා ලේකම් සරත් ගුණතිලක,දිස්ත්‍රික් කමිටු නියෝජිත ප්‍රසන්න සිරිසේන යන මහත්වරුද එක්ව සිටියහ.
 

 



අදහස් (16)

වැටුපෙන් මුදල් අය කරගත්තැයි ලංකා ගුරු සංගමය නඩු කියන්න යයි

සෑම් Sunday, 24 May 2020 10:21 AM

දැන් සැපද? 3% කට්ටිය මාධ්‍ය විසින් පුම්බන ලද රූකඩයක් රටට එපාඑපා කියද්දී තැපැල් ඡන්ද පොහොට්ටුවට පූජා කළ හැටි මතකද? තවදුරටත් බොටුව හිරකර ගන්න අවශ්‍ය නැත්තන් ලබන සැරේවත් මොලේ පාවිච්චි කරලා 3% න් 30% කරන්න. හොර පාදඩයින් නැතුව මිනිස්සුන්ගේ ප්‍රශ්න අඳුනන විසඳුම් ඇති අය තීරණ ගන්න තැන්වලට වැඩියෙන් යවන්න...

:       1204       2165

ශාන්ත පද්මකුමාරSunday, 24 May 2020 03:31 PM

ඔබ හරි, දැන් මිනිස්සුන්ට වැටහිලා තියෙන්නේ ටිකක්. මේ ගොල්ලෝ පසුගිය රජය කාලයේ ගෙනෙන්න හදපු mcc ගිවිසුම විවේචනය කරලා, මිනිස්සුන්ව බය ගන්වලා ඡන්දය දිනලා සතියකින් කිව්වේ මොකක්ද...? mcc 20%යි නරක" කියලා. ඇමෙරිකාවට බයේ දැන් ගිවිසුමට අත්සන් කරන්න වගේ යන්නේ. හැබැයි සජිත් පමණක් එදත් කැබිනට් එකේදී මේ ගිවිසුමට විරුද්ධ වුණා. සජිත් අදත් කියන්නේ එයා ඒ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. එ් නිසා දැන් ඉතින් අපි ඔක්කොම ගුරුවරු, රජයේ සේවකයින් සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමට ඡන්දය ලබාදෙමු.

:       2       160

lalSunday, 24 May 2020 11:11 PM

ගුරුවරුන් හෝ වෙනයම් සේවකයෙකු ගෙදර සිටියේ ඔවුන්ගේ වුවමනාවට නොවේ. අනික මෙසේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පඩියෙන් කොටසක් ඉල්ලන්න වුනේ රටේ මුදල් නිසි ලෙස කලමනාකරණය නොකර හොරාකමින්, නාස්ති කරමින් වැයකර ඇති නිසයි. රට ආර්ථික වශයෙන් මෙතරම් අගාධයකට පත්ව ඇති විටෙක පවා අන්තර්ජාතික ක්‍රිඩාංගණ වැනි අනවශ්‍ය දේ හදන්න යනවා. මෙතනයි වැරැද්ද තියෙන්නේ....

:       0       13

nisha Sunday, 24 May 2020 10:44 AM

3% වෙන්න ඇති නඩු දන්නේ? වෙන කරන්න දේකුත් නැහැනේ මාස දෙකක් ගෙදරට වෙලා ඉඳලා. කිසිම සාධාරණයක් නැති, උගත්කමක් නැති මනුස්සකමක් නැති තව කෙනෙක්ගේ අමාරුව දකින්නැති මිනිස්සු. වැටුපක් ගන්නේ තමන් සේවාවක් සපයපුවාම... නමුත් මේ කාලය තුළ මේ ගොල්ලෝ කරපු දෙයක් නැහැනේ. ඊට අමතරව රැකියාව වෙනුවෙන් වියදමක් දරන්න වුනෙත් නැහැනේ. ඉතින් අැයි මේ දවසකට අඬන්නේ... දියුණු රටවලත් දුන්නේ වැටුපෙන් 80%යි. දැන් එ්ක 60%. මස් රාත්තලම ඉල්ලා අඬන අපි ගරුකරන සමහරක් ගුරුවරුන්...

:       1046       1062

karuSunday, 24 May 2020 11:44 AM

මස් රාත්තලක කතාවක් නොවෙයි.. මේ කතාකරන්නේ සාධාරණය ගැනයි. ගුරුවරුන් ගෙදර සිටින කාලයට ෆුට් බෝල් ගහගහ ඉන්නේ නැහැ. ශිෂ්‍යයන්ගේ අධ්‍යයන වාර්තා සැදීම, යාවත්කාලීන වීම... ඇතුළු දහසක් දේ ඒ අය කරනවා. ගුරුවරුන් තමයි රටේ උගතුන්ගේ ජීවනාලිය. දරුවන්ගේ ඇස්.... ඒ නිසා කරුණාකරලා ගුරුවරුන්ට දොස් කියන්න එපා නිකරුනේ. කෙසේවෙතත් ගුරුවරුන් විකාර කරනවා නම් ආණ්ඩුව කැමතියි. මොකද එතකොට උගතුන් බිහිවීම අඩුවෙනවා. නූගතුන් වැඩිවෙනවා. නූගතුන්ට නොතේරෙන්න ආණ්ඩුවට පුළුවනි හොරකම් කරගන්න. ඇත්තටම කියන්න මහත්තයෝ.. ඔබතුමා පාසල් ගිහින් තියෙනවද..? අඩු ගානේ වැස්සකටවත්..?

:       71       861

LakshanSunday, 24 May 2020 02:07 PM

ගුරුවරු ගෙදරට වෙලා නිකම් හිටියේ නැහැ. රාජකීය විද්‍යාලයේ ගුරුවරු ගෙදර ඉඳන් වීඩියෝ තාක්ෂණයෙන් ළමයින්ට ඉගැන්නුවා. වාරවිභාගය අන්තර්ජාලයෙන් පැවැත්වූවා. මම දන්නා තරමින් දේවි බාලිකා එකෙත් අන්තර්ජාලයෙන් ඉගැන්වූවා.

:       0       1

ධනුෂ්ක Sunday, 24 May 2020 02:36 PM

නීසා, රටක් පාලනය කරද්දී ආණ්ඩුවට වුණත් අනුගමනය කළයුතු පටිපාටියක් තියනවා. කැළෑ නීතියට, තමන්ට හිතන විදියට රටක් පාලනය කරන්න බෑ. කෙනෙකුට කැමැත්තෙන් මේකට දායක වෙන්න පුලුවන්. හැබැයි ගොඩක් අය තමන්ගේ වැටුප දෙන්න කැමතියි. හැබැයි ආණ්ඩුවට නෙමේ. මොකද ඔතන ඉන්න පාලකයින්ගේ කෙරුවාවල් අපි දන්නවා. ආණ්ඩුව පඩි ගෙවනවා තමා. හැබැයි ඒ පාලකයින්ගේ මුදල් නෙමේ, මහජන මුදල්....

:       0       9

sandunSunday, 24 May 2020 04:18 PM

ඔබට මොනවාද දුන්නේ...? රුපියල් 200 ක්, ටකරමක්, සිල් රෙදි කෑල්ලක් , අරක්කු වීදුරුවක්....?

:       0       11

BamunuarachchiThursday, 28 May 2020 01:53 PM

ජෝන් එෆ් කෙනෙඩි කිව්වා "අහන්න රටෙන් ඔබට කරන්න පුළුවන් මොකක්ද නොවෙයි ඔබෙන් රටට කරන්න මොකක්ද කියලා". එහෙව් ලෝකේ මේ ගොල්ලොත් ජීවත් විය යුතු මිනිස්සුද කියා සිතෙනවා. අර පළාත් සභාවක කම්කරුවන් දින දෙකක වැටුප් පරිත්‍යාගකර තිබෙනවා. " ඔබට මොනවාද දුන්නේ..." කියනටික ලියන්න අධ්‍යාපනය දුන්නෙත් මේ රටෙන් බව හිතාගන්න.

:       0       0

de silva Sunday, 24 May 2020 10:51 AM

රජයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු කරන්න ජනපති ලේකම්ට අයිතියක් නැහැ... ආණ්ඩුව සමෘද්ධි ලාභීන්ට රුපියල් 5000 බැගින් දෙනවා... ව්‍යාපාරිකයින්ට අඩු පොලියට ණය සහනාධාර දෙනවා. මධ්‍යම පන්තිකයට මොකවත් නැහැ.. ඒ මදිවට ඔහුගේ වැටුපත් කප්පාදු කරනවා.. පොදු ප්‍රවාහනය හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පුද්ගලිකව යතුරුපැදියකින් හෝ ත්‍රිරෝද රථයකින් ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරගන්න. ලෝක වෙළඳපලේ තෙල් මිල වාසියවත් අපට දෙන්නේ නැහැ. ලබන ඡන්දේදි මේ ආණ්ඩුව වෙනස් කිරීම හැර වෙන විකල්පයක් මධ්‍යම පන්තිකයට නැහැ...

:       104       1269

චමින්දMonday, 25 May 2020 01:09 AM

සමහර පළාත් සභාවල බලධාරීන් හිතුමතයට පළාත්සභා අරමුදලින් මුදල් ගෙවා නිළධාරීන්ගේ වැටුපෙන් අයකර ප්‍රථිපූර්ණය කර ගැනීමට තීරණය කළ බව පසුගිය දිනක දැනගන්නට ලැබුනා.එහිදී කැමැත්තක් ගැන සදහනක් තිබුනේ නැහැ.නොදුන් කෙනාට විනය කටයුතු හෝ අන්ත දුෂ්කර පෙදෙසකට මාරුවක් ලැබෙන්න පුළුවන්. මෙවැනි දේට කුමක්හෝ කළ යුතුයි. සුදුසුම දේ ලෙස මම දකින්නේ ජනාධිපතිවරණයට දුන්නාටත් වඩා බලයක් ඉදිරි මැතිවරණයේදී ලබාදීමයි.

:       37       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 24 May 2020 02:54 PM

වැටුප් කැපීම ගැන, හරි වැරදි ගැන මං කතා කරන්නේ නැහැ. ගුරුවරු කියන්නේ දෙවිවරු. අප අද කිසියම් මට්ටමක සිටින්නේද ඒ අපට ශිල්ප දුන් දෙවිවරුන් නිසයි. ඒත්, ඒ ගුරුවරුන්ගේ ගෞරවය කෙලෙසුවේ මෙවැනි සංගම්ය. වෛද්‍යවරුද දෙවිවරුය. ඔවුන්ගේ ගරුත්වය කෙලෙසුවේද වෛද්‍ය සංගම්ය. හෙද වෘත්තියේ ගරුත්වය කෙලසුවේ හෙද සංගම්ය. ඒකට දේශපාලනයට ගැති චීවරධාරියෙකුද සම්බන්ධයි. බොහෝවිට මේ සංගම් බලන්නේ අයිතිවාසිකම් ගැනයි. තමන්ගෙන් රටට, ජනතාවට වියයුතු යුතුකම් ගැන සිතන්නේ හෝ කතා කරන්නේ නැත. මේ සංගම් ඒ තරමටම රට, දැය, සමයට ආදරය ඇති හිතැත්තෝය.

:       0       35

Rohana Sunday, 24 May 2020 05:10 PM

බලෙන් වැටුප් කැපීම නීති විරෝධියි. වැටුපෙන් ශතයක් හරි ගන්නවා නම් සේවක කැමැත්ත අනිවාර්යෙන් අවශ්‍යයි.

:       0       30

චන්දන Sunday, 24 May 2020 07:12 PM

වැටුප් ගෙවන්නේ කරන රාජකාරියටයි. ඒ අනුව ගෙදර හිටියත් රාජකාරිය කරනවනම් වැටුප් හිමියි. පාසැල් නිවාඩු කාලෙටත් ගුරුවරුන්ට වැටුප් ගෙවන්නෙ ඒක නිසයි. නමුත් ගෙදර ඉන්න නිසා බස් ගාස්තු නැත්නම් ඉන්ධන ගාස්තු ඉතුරුයි. ගෙදරින් පිට යන්නෙ නැති නිසා ඇඳුම් පැළඳුම් වියදම ඉතුරුයි. අතිරේක ආහාරයකට යන වියදම ඉතුරුයි. කෙටියෙන්ම කියනවා නම් ජීවන වියදම් දීමනාව අනවශ්‍යයි. අපේ රටේ හිඟන්නන්ට නිකම්ම දෙන කිසිම දෙයක අගයක් නැති නිසා ඒක තමන්ගෙ අයිතිවාසිකමක් කියලා හිතනවා. බොහෝ දියුණු රටවලවත් ගෙදර හිටියට සම්පූර්ණ පඩි දෙන්නෙ නැහැ. අපි වගේ දුප්පත් රටවල් එච්චර ඒ ගැන නොහිතා හැම දෙයක්ම දෙන නිසා ඒකෙත් දොස්ම හොයනවා. ගුරුවරයායි පුද්ගලයායි අතර ලොකු වෙනසක් තියෙනවා. ඕනෑම වෘත්තියක පුද්ගලයන් ඉවත් වන විට ඒ හිස් තැන පුරවන්න තව පුද්ගලයො පිරිසක් එනවා. ඒක නිසා ගෞරවනීය වන්නේත්, උගතුන් බිහි කරවන්නේත් ඒ ගුරු වෘත්තිය මිස පුද්ගලයන් නොවේ. එබැවින් වෘත්තියට නොගැලපෙන පුද්ගලයන් එළවා දමා වෘත්තීයේ ගරුත්වය ආරක්ෂා කළ යුතුයි.

:       68       102

sas Sunday, 24 May 2020 10:54 PM

මේ ආණ්ඩුව මධ්‍යම පාන්තිකයින්ට එලව එලවා පහර ගහනවා. මුලින්ම රජයේ සේවකයින්ගේ පඩිය උදුරා ගත්තා. දැන් අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට බදු පනවලා ඒවායේ මිල වැඩි කළා. හැබැයි පොහොසත් පන්තියට දීපු බදු සහන අඩු කලේ නැහැ.

:       0       40

Bamunuarachchi Tuesday, 26 May 2020 03:49 AM

2015 ආර්ථික වර්ධනය 7.5 % තිබුන රටක් 2019 නොවැම්බර් බාර දුන්නේ ආර්ථික වර්ධනය 1.5 % බස්සලා බිලියන 8 තිබුන ණය ප්‍රමාණය බිලියන 12 නග්ගලා. එහෙම රට අගාතයකට දාලා දුන්න එජාප නායකයා අහනවා රටේ ආර්ථිකය කොහොමද කියලා. මේ අය ද පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියන්නේ. ඒ අතරතුර ලෝකයේම අවාසනාවකට කොරෝනාව කඩාගෙන වැටුනා. ලෝකයේම ආර්ථිකය කාඩාගෙන වැටුන වෙලාවේ ලංකාවේ ද ආර්ථිකය කඩාගෙන වැටුනා. එහෙම වෙලාවක වැටුපෙන් කොටසක් රජයට පරිත්‍යාග නොකර මුලු වැටුප ඉල්ලන්න රජයේ සේවකයාත් මස් රාත්තලම ඉල්ලු ෂයිලොක් අතරත් වෙනසක් නැත. අපිට හමුවෙන දුගියෙකුට රු 20 දෙන්නේ අපි සල්ලි වලින් සම්පූර්ණ වී ඉන්න නිසා නොවෙයි. අතේ තිබෙන මුදලින් සුළු ප්‍රමාණයක් දෙනවා. එහෙමවත් නැති රජයේ සේවකයාට ජනතා මුදලින් වැටුපට අමතරව සතයක් ලැබෙන්න සලස්වන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 28 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 46 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 188 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 145 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 580 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 456 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site