IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලොක්ඩවුන් කර තිබියදී සාද දැමූ ලාංකිකයින් 11 දෙනෙකුට පොලිස් දඩ

( තිළිණි ද සිල්වා )

කොරෝනා  වසංගතය හමුවේ ඉතාලිය සම්පූර්ණයෙන්ම වසා දමා  (ලොක්ඩවුන්) තිබියදී ඉතාලියේ ෆිරෙන්සි නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් තුළදී සාදයක් පැවැත්වූයේ යැයි චෝදනා යටතේ වැරදිකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකුට එරෙහිව ඉතාලි පොලීසිය   එරට මුදලින් යූරෝ 400 සිට යූරෝ 3000 ක් දක්වා වන පොලිස්  දඩ මුදල් නියම කර ඇතැයි ඉතාලියේ තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. 

මෙලෙස දඩ මුදල් නියම කරනු ලැබ ඇත්තේ කලක් තිස්සේ එරට වාසය කනෙ ලාංකිකයින් පිරිසකට යැයද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

මෙම ලාංකිකයින් 11 දෙනා ඉකුත් 19 වැනිදා රාත්‍රියේදී ෆිරෙන්සි නගරයේ ජනාකීර්ණ තට්ටු නිවාස සංකීර්ණය පිහිටි නිවසක් තුළදී මෙම සාදය පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් අසල්වැසි නිවෙසියන් ඉතාලි පොලීසියට කළ පැමිණිල්ලකට අනුව එම ප්‍රදේශයේ හදිසි වැටලීමක් කර ඇත.

එහිදී ලාංකිකයින් 11 දෙනා සාදය පවත්වමින් සිටයදීම තට්ටු නිවාස සංකීර්ණයේ නිවස තුල කඩා වැදුනු ඉතාලි පොලීසිය විසින් ඔවුන් එකිනෙකාට අදාල වැරදි අනුව යූරෝ 400 (රුපියල් 80,000) සිට යූරෝ 3000 (රුපියල් ලක්ෂ හය) දක්වා වූ දඩ මුදල් පැනවූ  බව ද එම
තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.

මෙම පිරිසට වෙනත් නිවසක අය තම නිවසට ගෙන්වා ගැනීම, තම නිවසෙන් පිට වෙනත් නිවසකට යාම නිසා ස්වයංනිවාසි අඩස්සි නීතිය කඩ කිරීම, එකම ස්තානයක සිටිය යුතු ප්‍රමාණයට වඩා රැස්වීම, රත්‍රී අන් අයට කරදරකාරී ලෙස ශබ්ද කිරීම සහ සාද පැවැත්වීම යන එරට නීති උල්ලංඝනය කිරීම යටතේ මෙම දඩ මුදල් පනවා ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.

ඉතාලියේ මේවන විට පවතින රට සම්පූර්ණයෙන්ම වසා දැමීමේ නීතියට අනුව උපන්දින සාද ඇතුලුව සියලුම ආකාරයේ සාද පැවැත්වීම මෙවැනි අවස්ථාවක මියගිය අයට සහ සමස්ත ඉතාලියට කරන අවමානයක් ලෙස සැළකෙන අතර මෙලෙස මෙම පිරිස්ට එරෙහිව පොලීසියට පැමිණිලි කරන්නට අසල්වැසියන් කටයුතු කරන්නට ඇතැයිද
පැවසේ.

සියලුම දඩ වල මුළු එකතුව එරට පොලීසිය  සඳහන් නොකරන ලද අතර එරට මාධ්‍ය වලින් එම දඩ මුදල සමස්තයක් වශයෙන් "සුපිරි දඩයක්" බව වාර්තා කර තිබූ බවද තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.



අදහස් (28)

ලොක්ඩවුන් කර තිබියදී සාද දැමූ ලාංකිකයින් 11 දෙනෙකුට පොලිස් දඩ

Italyidiots Thursday, 23 April 2020 03:14 AM

රටට ගමට මොනතරම් නම් ආඩම්බරයක්ද...?

:       1       123

SLThursday, 23 April 2020 06:09 AM

අර සුමන්තිරන් කියන කෙනත් ලංකාවේ ඇඳිරිනීතිය ව්‍යවස්ථානුකුලව දාල නැහැ කියලා කීව නේද. මේ මිනිස්සු ප්‍රයෝගික වෙනවා ට වඩා මෝඩයි

:       236       186

මහිල් Thursday, 23 April 2020 03:17 AM

ආදරේ ගති නෑරේ. හදවතින්ම සිරි ලාංකිකයි. ඉන්න තැන අදාල නෑ.

:       1       70

Nihal Thursday, 23 April 2020 03:29 AM

රෝමය ගිනි ගනිද්දී කරපුවා දැන් බැහැ...

:       0       21

sam Thursday, 23 April 2020 04:00 AM

ගිය තැනත් ඉවරයි, තමන්ගේ රටත් ඉවරයි

:       0       92

Walter White Thursday, 23 April 2020 04:03 AM

ලක්ෂ ගානක් මිනිස්සු මැරිලා ඉද්දී පාටි දාන්නේ මොන මිනිස්සුද? ලංකාවේ මිනිස්සු බඩගින්නේ ඉද්දී අවුරුදු සමරන්නේ කොහොමද කියල කල්පනා කරලා. මෙහෙ මිනිස්සු අවුරුදු සමරන්නේ නැතිව හිටිය, දඩ ගහල මදි කොරෝනා ලෙඩ්ඩුන්ට සාත්තු කරන්න දාන්න ඕන. එතකොට තේරේවි අමාරුව

:       0       273

RaveendraThursday, 23 April 2020 08:30 AM

සහතික ඇත්ත. අපේ මිනිසුන් වැඩිදෙනෙකු හිතාගෙන ඉන්නේ නීතියට අවනත නොවී ක්‍රියා කරන එක මහා වීරකමක් ලෙසය. ඇත්තෙන්ම එය" ගොන්, පොල්බූරූ මෝඩයන්ගේ සිරිතකි. ලංකාවෙත් එවන් ගොන් පිරිසක් ඉන්නවා අප හොදින් දැක ඇත. පැරණි කියමනකුත් තියෙනවනේ " බුද්ධිමතුන් පය නොතබන තැන්වල බුරු ගොන් වස්සන් තප්පුලන " බව... එය මෙවන් හාරත බුරුවන්ට මනරම් ලෙස ගැළපෙනවා නොවේද ?

:       0       33

Sandaruwani York Thursday, 23 April 2020 04:12 AM

ඔය ඉතාලි ඉන්න ශ්‍රීලන්කන් පිරිස ගැන මම නොදන්නවයැ. කෙරුවොත් ඔය වගේ අසමත් ජාති වැඩ කරන්නේ. අපිටත් එක්ක ලැජ්ජයි....

:       233       425

Dayan Thursday, 23 April 2020 04:13 AM

හොඳ දඩුවමක්. ඇතැම් ලාංකිකයන් පිටරටදී හැසිරෙන්නේ ඔය ලෙසයි. අදාල රටේ සංස්කෘතිය, ආගමික වටිනාකම් ගැන කිසිම තැකීමක් නැහැ. ඉතා අධික ශබ්දයෙන් බජව් දානවා. කෑකෝ ගහනවා. හූ තියා ගන්නවා. ගහ ගන්නවා.

:       0       183

Thinini wijeratne Thursday, 23 April 2020 04:15 AM

ඉතාලි කට්ටිය ගැන කුමන කතාද? බෙනිෆිට්ස් ගන්න තමා යන තැනක දගලන්නේ. ඔය මිනිස්සු ගිය තැන ඉවරයි...

:       149       199

de silva Thursday, 23 April 2020 04:20 AM

ලංකාවේ වගේ නොවේ එම රටවල අනවසරයෙන් ලවුඩ්ස්පිකර් දමාගෙන අසල්වැසියන්ට කරදර කරන්න බැහැ. ලංකාවේ උදේ 4ට 5ට පන්සල්වල පිරිත් සහ පල්ලිවල අගමැ කියවීමත් වහාම නතර කල යුතුය... ඒවටත් රුපියල් 100000 ක විතර දඩයක් පනවන්න ඕනේ... බුදු හාමුදුරුවෝ අද පහල වෙලා සිටියානම් නිදාගෙන ඉන්න සතුන්ට සහ මනුෂ්‍යයන්ට කරදර වෙන විදිහට ලවුඩ්ස්පිකර් දමාගෙන පිරිත් කියන එක අනුමත කරන එකක නැහැ. නගරවල සමහර කඩවල් ගෝෂාකාරී ලෙස ලවුඩ්ස්පිකර් භාවිත කර ශබ්දය දුෂණය කිරීම අද සුලබ දෙයක්...

:       359       321

singapuliFriday, 24 April 2020 03:24 AM

පන්සල්වල පිරිත් දේශනා පැවැත්වීම ගැන කතා කරන්න ඔබ වැනි ඩොලර් කාක්කෙකුට අයිතියක් නැත.

:       0       0

ධම්ම Thursday, 23 April 2020 04:27 AM

එහෙ මෙහෙ කියලා වෙනසක් නැහැ. බෝට්ටු සංස්කෘතියට කොහෙත් එකයි.

:       0       121

rana Thursday, 23 April 2020 04:30 AM

කොහේ ගියත්, පේනවා නේ ?

:       0       111

විජේ Thursday, 23 April 2020 04:36 AM

රට බබලවන්න මාර කැපකිරීමක්නෙ කරන්නෙ අපේ ඉතාලි සෙට් එක.

:       0       91

wimal Thursday, 23 April 2020 05:06 AM

ලංකාවේ මෝඩ මිනිස්සු සහ පණ්ඩිත බව එයාල දැනගන්න ඇති.

:       0       67

Pradeep Thursday, 23 April 2020 05:07 AM

අපේ අය ගිය තැන ඉවරයි.. හොදම වැඩක් දඩ ගහපු එක..

:       0       60

Narada milan Thursday, 23 April 2020 05:10 AM

කැලේ මාරුකලාට කොටියාගේ පුල්ලි මාරු කරන්න බැහැ

:       0       127

Ruhunu Thursday, 23 April 2020 06:09 AM

ඔය ඉතාලියේ ඉන්න අය තමයි ලංකාවටත් කොරෝනා ගෙනාවේ.

:       247       273

බද්රානි Thursday, 23 April 2020 06:41 AM

ඔය පිටරටවල සිටින බොහෝ ශ්‍රී ලාංකිකයින් ඒ රටවල නීතිය හා සංස්කෘතිය සදාචාරය ගැන කිසිදු වැටහීමක් නැහැ.

:       0       19

WCA Thursday, 23 April 2020 06:57 AM

ඔය බුරුවො ටිකක් තමයි දැන් මාසෙකට ඉස්සෙල්ල ආවේ....

:       0       0

Don Thursday, 23 April 2020 07:35 AM

අපේ රටේ මහජනතාව අවුරුදු නොකෑවට, දේශපාලුවෝ, අයිය මල්ලිලා අවුරුදු කෑවා ලෝකෙටම පේන්න. ඉඳල හිටලා අපේ අය ජොලියක් දැම්මම මොකද? මැරිච්චවුන් දිව්‍ය ලෝකේ හරි, ස්වර්ගයට හරි ගිහින් පාටි දානවා ඇති, එහෙ කොවිඩ් නැහැනේ....

:       22       1

beau Thursday, 23 April 2020 07:47 AM

යන යන තැන්වල ජරාකරනවා. පුරුද්ද නැතිකරන්න බැරිය.

:       0       5

Swarna Thursday, 23 April 2020 08:49 AM

සදාචාරයක් නැති ශ්‍ර්‍රී ලාංකිකයින් ලෝකයේ සෑම රටකම ඉන්නවා.ඉතාලියට විතරක් සීමා වෙලා නැහැ. .ඒ සදාචාරයක් නැති අය තමා තාමත් ඉතාලියට මඩ ගස ගසා ඉන්නේ.අද ලංකාවේ සම හරක්ට කොච්චර කිව්වත් ඔය නීතී රීති පිළිපදිනවද ? බීරි අලින්ට විණා වාදනය කරනවා වගේ අය තමයි ලෝකයේ විසිරිලා ඉන්නේ. ඒ අයට ඕනේ තමන්ගේ සතුට විතරයි. කොහේ සිටියත් අපි නීතියට ගරු කරන්න ඕනෑ.

:       0       0

Sanath Thursday, 23 April 2020 09:00 AM

ඇමරිකාවේ නිව්යෝර්ක් ස්ටාටන් අයිලන්ඩ් ඉන්න ලංකාවේ අයත්, ඉතාලියේ ඉන්න බෝට්ටු ලාංකිකයොත් දෙගොල්ලම එකම කුලකයකට අයිතියි. චාටර්ම කට්ටිය.

:       0       3

පිටිගල මිලානෝ Thursday, 23 April 2020 09:08 AM

මේ ලුම්පන්-පාදඩ සංස්කෘතියට අයිති මිනිසුන්.....

:       2       0

anuruddha Thursday, 23 April 2020 09:11 AM

මේ සමහර පුද්ගලයෝ මීහරක් වගේ හැසිරෙන්නේ.

:       0       1

Bamunuarachchi Friday, 24 April 2020 03:18 AM

ලංකාවට විදේශීය විනීමය එවන විරුවොනේ අපි ලංකාවෙන් ඒ මුදල ගෙවා දාමු නේද? ඔහොම ගොබ්බයයෝ ලංකාවේ ඕනෑතරම් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 662 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2055 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1501 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 853 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2059 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 102 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site