IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රුසියාවේ කොරෝනා ආසාදිතයන් 10,000 ඉක්මවයි

රුසියාව අද(09) කොරෝනා ආසාදිත රෝගීන් 10 000 සීමාව පසු කළේය.

ඒ රෝගීන් 10 131ක් වාර්තා කරමිනි.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 1 459ක් වූ අතර එය මෙතෙක් එක් දිනක් තුළ තහවුරු වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
රුසියාවේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 76ක් මියගොස් තිබේ.

එළඹෙන සති කහිපය කොරෝනා වයිරස සටනේ තීරණාත්මක කාළය වනු ඇතැයි රුසියානු ජනපති ව්ලද්මීර් පුටින් පවසා ඇත.

රුසියාවේ වඩාත්ම බලපෑමට ලක්වූ කළාපය වන්නේ මොස්කව් අගනුවරයි. එය ඇතුළු කවත් බොහෝ කළාප අර්ධ වශයෙන් අගුලු දමා ඇත.
මහජනතාවට අහාර මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය කරුණු සඳහා හැර නිවසින් බැහැර වීම තහනම් කර තිබේ.

වයිරස ව්‍යාප්තියේ මුල් අවධියේදී බොහෝ බටහිර රටවලට වඩා රුසියාවේ අඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ නමුත් මේ මාසයේ රෝගීන් සංඛ්‍යාව තියුණු ලෙස ඉහල යෑමට පටන් ගත්තේය.

රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ වයිරසය මේ වනවිට මොස්කව් නගරයෙන් ඔබ්බට ද ව්‍යාප්ත වී ඇති බවයි.

කෙසේ වුවද පසුගිය මාසයේ අග වනතෙක් රුසියානු බලධාරීන් පවසා සිටියේ තත්ත්වය පාලනය කර ඇති බවයි. රුසියාවේ වසංගත තත්ත්වයක් නොමැති බවද ඔවුහු පැවසූහ.
මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් මොස්කව් නගරාධිපති සර්ජි සුබයිනින් සංඛ්‍යාලේඛණ වලනිරවද්‍යතාව සම්බන්දව සැක පහල කළේය.  

ඔහු පැවසුවේ නිල සංඛ්‍යාලේඛණ වලට වඩා සත්‍ය රෝගීන් ප්‍රමාණය බෙහෙවින් වැඩි විය යුතු බවයි.

මෙම ප්‍රකාශයෙන් පසු රුසියානු බලධාරීන්ගේ ඇස් ඇරුණු බව මාධ්‍ය සඳහන් කරයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (2)

රුසියාවේ කොරෝනා ආසාදිතයන් 10,000 ඉක්මවයි

Uk citizen Thursday, 09 April 2020 04:52 PM

ඊයේ දිනයේ පමණක් එක්සත් රාජධානියේ , මරණ 936 කටත් වැඩියි. ආසාදිතයින් සහ මැරෙන අය දිනෙන් දින ඉහළ යනවා. සෞක්‍ය සේවාවන් වලට දරා ගන්නට බැරි පීඩනයට පත් වෙලා තියෙන්නේ . එයාලව දිරිමත් කිරීමට සහ ස්තුතිය පල කිරීමට ,ගෙවල් වලට වෙලා අත්පුඩි ගහන්න කියනවා.. ව්‍යාපාර බිඳ වැටිලා . රැකියාවලට යන්න විදිහක් නැහැ. කවදා මේ ව්‍යවසනය නිමක් දකීදෝ. රුසියාව ඇතුළු සියලුම රටවල් මේ ඛේදවාචකයෙන් හැකිතාක් ඉක්මනටම මිදෙත්වා !

:       0       101

විකුම් රංගන Thursday, 09 April 2020 08:25 PM

රුසියාව හා ඇමරිකාව අතර සීතල යුද්ධයක් තිබේ යයි අප අසා තිබුනත් රුසියානුවන් අද ඇමරිකාව මුහුණපා සිටින මේ දරුණු වසංගත තත්වයේදී කිසිදිනෙක ඇමරිකාවට පරිභව කළේ නැත. එහෙත් මේ දියුණු ජාතීන් අසලට හෝ පය තැබිය නොහැකි ලෝකයේ සිටින මිලේච්ජ අමන ලෝකෙන් හිඟමන් යදිමින් ජාමේ බේරාගන්නා ජාතිය ලෝකෙටම සරදම් කරමින් සිටින මොහොතක මම නම් මානව හිතවාදියෙක් ලෙස රුසියාව ඇතුළු යහපත් ජාතීන් වෙසෙන සියලු රටවලට ශුභ පතනවා. චීන කොළණිවල අයිතිය දැනටමත් ලබා ඇති චීනුන් ඔවුන්ගේ යටත් විජිත වලට තවම කොරෝනා සංග්‍රහය කිරීමට පළමු පියවර පමණක් ගෙන ඇති බව තේරුම් ගෙන සෙසු රටවල කොරෝනා රෝගීන්ගේ දර්ශක වල සිරි නරඹමින් ස්වයං වින්දනයේ යෙදෙන මනස නොමෙරූ ජාතියට ඉදිරියේදී ඔවුනට සිදුවෙන ව්‍යසනය තේරුම් ගැනීමට ප්‍රඥාව ලැබේවා යයි පතමි !

:       42       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 57 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 97 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 130 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 151 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 136 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 369 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 297 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site