IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රූපලාවන්‍ය මධ්‍යස්ථාන යළි ඇරඹීමට මාර්ගෝපදේශන රැසක්

මැයි 11 වැනිදා ඇඳිරි නීති තත්ත්වය ලිහිල් කිරීමත් සමඟ හිසකෙස් කපන ස්ථානවල හා රූපලාවන්‍ය මධ්‍යස්ථානවල කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළව නව මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය සකස් කර තිබේ.
 
ඒ අනුව කොණ්ඩය කැපීම, හිසකෙස් වර්ණ ගැන්වීම, නිය අලංකරණ කටයුතු සහ අත් සහ පාදවල රෝම ඉවත් කිරීමේ කටයුතු සිදුකිරීම සඳහා පමණක් අවසර හිමිවේ.
 
රූපලාවන්‍ය මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට පෙර එහි හිමිකරු හෝ කළමනාකාරිත්වය විසින් ඒ සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු අතර ඒ අනුව එම නිලධාරීවරයා ඊට අදාළ අයදුම්පතක් මධ්‍යස්ථාන හිමිකරුට ලබා දෙනු ඇත.
 
එම අයදුම්පත මගින් ලබාගන්නා තොරතුරු අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විසින් රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ පවතින පහසුකම් පරික්ෂා කර ඒ පිළිබඳ නිර්දේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු රූපලාවන්‍ය මධ්‍යස්ථානය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තාවකාලිකව ලියාපදිංචි කර එහි කටයුතු පවත්වගෙන යාමට සහතිකයක් නිකුත් කරනු ලැබේ.
 
මෙම වලංගු ලේඛනගත සහතිකය නොමැති කිසිදු රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට අවසර හිමි නොවේ.
 
කරණවෑමිවරුන් සහ ඊට අදාළ කටයුතුවල නිරතවල පුද්ගලයින් පාරිභෝගිකයින් සමඟ කටයුතු කිරීමේදී මුඛ ආවරණ හා ඇස් ආවරණ පැළඳිය යුතුය.
 
පාරිභෝගිකයින් සේවා ලබා ගැනීමට පැමිණීමේදී මීටරයක දුර පරතරය පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.
 
පාරිභෝගිකයින් සමඟ මුහුණට මුහුණ සිටින පරිදි කටයුතු කිරීමෙන් වැලකිය යුතුය.
 
වායුසමන යන්ත්‍ර සේවා ස්ථාන තුළ භාවිත නොකරන ලෙසට ද නිර්දේශ කර තිබේ.
 
ඒ අනුව සෑම සේවාවක්ම මෙම සීමා යටතේ ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
 
-226-



අදහස් (13)

රූපලාවන්‍ය මධ්‍යස්ථාන යළි ඇරඹීමට මාර්ගෝපදේශන රැසක්

babar Friday, 08 May 2020 10:19 AM

මේ නියෝග දෙන අය ලංකාවෙ ජීවත් වෙන අය නෙමෙයි ද කියලත් හිතෙනවා. කිසිම ප්‍රායෝගිකත්වයක් නැති වැඩක්...

:       5       110

rana Friday, 08 May 2020 10:39 AM

මුඛ ආවරණ හා ඇස් ආවරණ පැළඳිය යුතුයි. බලාගෙන බෙල්ල කැපෙයි..., පේන්නේ නැහැනේ..!

:       0       0

Samitha Senaka Aluthgamage. Friday, 08 May 2020 11:54 AM

සියලුම සැලුන් වලට හැමදාටම බලපාන අයුරින් විෂබීජ නාශක යොදා පනා කතුරු ආදිය පිරිසිඳු කරවිය යුතුයි. එකඅයෙකුගේ සේවයෙන් පසු විෂබීජ නාශක යොදා දෙඅත් පිරිසිඳු කරවිය යුතුයි. මීට පෙර මහජන පරීක්ෂකවරුන් මේ ගැන සෙව්වේ නැහැ. වෙලාවට ඒ අයව කොරෝනා නින්දෙන් ඇහැරෙව්වා.

:       0       115

කරණවේමියා Friday, 08 May 2020 12:23 PM

මීටරේක පරතරය ඉන්දලා කොණ්ඩේ කපන්ඩ වෙයිද? අනේ මන්දා ..

:       1       1

Buddika Friday, 08 May 2020 12:51 PM

බාබර්ලා මොනවා කිව්වත් ඔය කියන මිනිස්සු කොණ්ඩේ නොකපා ඉන්නවද? මොනා උනත් ලොකු පොඩි බේදය නැතුව මිනිස්සු ලස්සනට ඉන්නේ සැලුන් නිසා.

:       1       1

Dinesh Friday, 08 May 2020 01:34 PM

ඒසී දාන්න එපා කියනවා දෙන්න තුන්දෙනා ඇතුල් වෙන සැලූන් වලට. එතකොට තුන් හාරසීය වැඩ කරන ගාමන්ට් ෆැක්ට්‍රි ඇතුලෙ ඒසී දාගෙන මීටරේ දුරින් මැශින් තියාගෙන මහන්න එන්න කියනවා.ඒවාට අනුමැතිය දෙනකොට ගැටළු නැද්ද? කවුද මේ නීති හදන්නේ අපේ රටේ ?

:       0       4

Deepal Nirosh Friday, 08 May 2020 01:43 PM

කොන්ඩා කැපීමට එන අයට මුලින් පහසු දිනයක් / වේලාවක් වෙන් කරගෙන ගොස් පසුව නියමිත වේලාවට පැමිණ කාර්යය ඉටුකර ගැනීමට ක්‍ර‍මවේදයක් සැකසුවා නම් මීට වඩා ප්‍රායෝගිකයි. පහසුයි. ඒ වගේම ආරක්ෂාකාරීයි. මොකද කරණවෑමියාට ප්‍ර‍මාණවත් වේලා පරතරයක් තබාගෙන පාරිභෝගිකයින් කැඳවීමට අවස්ථාව ලැබෙනවා. විශ්ව විද්‍යාල වැනි ආයතනවල දැනටමත් බොහෝ කාලයක සිට මේ ක්‍ර‍මය ක්‍රියාත්මක වෙනවා.

:       0       1

Champa Friday, 08 May 2020 01:58 PM

මොනවාද මේ කියන්නේ? මීටරයක පරතරය පාරිභෝගිකයන් අතර විතරක් නෙමෙයි කොන්ඩේ කපන්නා සහ පාර්භෝගිකයා අතරත් තියා ගන්න එපෑය. එහෙම කොන්ඩේ කපන්න නම් කොසු මිටක කතුර හරි අනිත් කොණ්ඩ කපන උපකරණ හරි සවි කරගෙනනේ කපන්න පුළුවන් වෙන්නේ. නිය අලංකරණ කටයුතු අත් ආවරණ දාගෙන මීටරයක් දුර ඉඳන් කරන්නේ කොහොමද කියලා කාර්ය සාධක බලකායෙන්ම තමයි අහන්න වෙන්නේ. තමන්ගේ ශරීර සෞඛ්‍යට වඩා බාහිර ඔපය ගැන හිතන අයට මීටරේ පරතරය අවශ්‍ය නැති වෙයි. කොරෝනා ලෝකෙටම කියලා දුන්නු පාඩම තේරුම අරන් නැහැ තවම.

:       1       1

සෑම්Saturday, 09 May 2020 12:33 PM

හරියට කියවා අවබෝධ කරගෙන අදහස් දක්වන්න. කොලපාට කන්නාඩිය ගලවා ඔලුවෙන් හිටගන්න. මොලේ නිසි තැනට එයි.

:       0       0

Kumar Friday, 08 May 2020 02:40 PM

කැලිෆෝනියාවේ පළමුවෙනි කොරෝනා අාසාධිතයාට එම රෝගය සෑදී ඇත්තේ රූපලාවන්‍ය ස්ථානයකින් බවයි රජය පවසන්නේ...

:       0       0

Mehesh Friday, 08 May 2020 04:01 PM

කිසිම අවබෝධයක් නොමැති අය වගේ මේවා ගැන තීරණ ගන්නේ. සිරිසේනගේ වගේමයි වැඩත් දැන් නම්...

:       0       0

Charitha Saturday, 09 May 2020 11:52 AM

ගමේ සැලුන් වල අයත් ගෙන්නන්න ඔය මීටින් වලට.... නීතිරීති ස්ටාර් ක්ලාස් සැලූන් ඒව අපිට හරියන්නේ නෑ.

:       0       0

Rohana Sunday, 10 May 2020 01:28 AM

මීටරයක් දුරින් සිටීම ප්‍රායෝගික නැතත් එසේ කරන්න කියන්නේ මේ වසංගතය මීටරයකට අඩු දුරක් තුළ පැතිරීමේ ඉඩකඩ වැඩි නිසයි. කොණ්ඩ කපන්න ගිහින් කොරෝනා හදාගත්තොත් කවුරුත් කරදරේ වැටෙන්න පුලුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1140 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 719 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 928 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 803 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site