IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රත්නපුරේ නාවික සෙබළා කොළඹ අයි.ඩි.එච්.රෝහලට

සමිපත් ප්‍රියනන්දන  සහ නාලක ජේ හෙට්ටිආරච්චි

වැලිසර නාවික හමුදා කදවුරේ සිට  නිවාඩු  ලබාගෙන ගොස් රත්නපුර  රෝහල් මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා ⁣නැවියකු  පි.සි.ආර් පරික්ෂණයෙන්  පසු අද  (24)   සවස  කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට  අනාවරණය  වි ඇති බව සෞඛ්‍ය අංශ  පවසයි.

රත්නපුර හිදිල්ල  කන්ද ප්‍රදේශයේ පදිංචි  33  හැවිරිදි  නාවික  සෙබළකුට මෙලෙස කොරෝනා වයිරසය ආසාදනය වි  ඇත. 

වැලිසර නාවික හමුදා කදවුරේ සිට  නිවාඩු ලබා පැමිණි සිටි  මොහු  ඊයේ (23) රාත්‍රියේ  රත්නපුර මහා රෝහලට ඇතුළත් කර තිබෙි.

අද දිනයේ සිදුකල පි.සි.ආර්  පරික්ෂණයෙන් පසු  මෙම ⁣නාවික සෙබලාට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙි.

පසුව එම නාවික සෙබලා  කොළඹ  අයි.ඩි.එචි. රෝහල වෙත මාරැකර යවා ඇතැයි ආරක්ෂික අංශ  කියයි.



අදහස් (6)

රත්නපුරේ නාවික සෙබළා කොළඹ අයි.ඩි.එච්.රෝහලට

Mahesh Friday, 24 April 2020 04:59 PM

මේ යන විදිය නම් ඉතාම ගැටලුකාරීයි. තව මාසයක්වත් රට සම්පුර්ණයෙන්ම වහන්න තියෙන්නේ.

:       0       18

lalithm Friday, 24 April 2020 07:17 PM

අන්තිමේදී ජා ඇල කුඩ්ඩන් නාවික හමුදාව අත්අඩංගුවට ගත්ත වගේ වැඩක්. රටම අනතුරේ වැටීමක්.... දැන්වත් ඇස් ඇරලා කුඩ්ඩන් සමාජයෙන් තුරන් කරමු. උන්ට උදව් දෙන දේශපාලුවොත් එක්කම. මතකනේ ඉස්සර හිටිය කට්ටිය.

:       34       71

Samithadhammateroa Friday, 24 April 2020 07:18 PM

තත්ත්වය භයානකයි...!!!

:       0       10

Saminda Saturday, 25 April 2020 02:01 AM

ඔවුන්ට අවශ්‍ය ආරක්ෂික ඇඳුම නොදීමේ වරද තමයි මේ.මේක හින්දා තමයි කලින් සෞඛ්‍ය පරික්ෂකවරුත් මේ නිරෝධායන වැඩවලින් අයින් වෙන්න හැදුවේ. වෛද්‍යවරු මුළු ශරීරයම ආවරණය කරගෙන හසුරුවන රෝගීන්ව මුලින්ව හොයාගන්න යවන සෙබළුන්ට තියෙන්නේ නිකන් මුඛ ආවරණයකුයි අත්වැසුමයි. විතරයි

:       0       58

jayath Saturday, 25 April 2020 02:36 AM

ජා ඇල පැත්තේ මීගමුව පැත්තේ කුඩුවල ලොක්කා කව්ද කියලා පාරේ ඉන්න බලු කුක්කොත් දන්නවා. මේ ව්‍යසනයට මුල එතන. හැබැයි මෙතැන නාවික හමුදාව අතිනුත් බරපතල නමුත් සමාව දියයුතු අත්වැරැද්දක්. මේකට medical mistake කියලා කියන්නත් පුළුවන් .මොකද මෙතක් කලක් phi ලා, පොලීසිය, හමුදාව තමයි මේ අයව කළමනාකරණය කළේ. නමුත් කවදාවත් ඔහොම දෙයක් උනේ නැහැ. ඒක ඔවුන්ගේ ගෞරවයට ලියා තියන්න ඕන. මින් ඉදිරියට මේ වගේ දේවල් නොවෙන්න වග බලාගන්න එකයි වගකීම.

:       0       14

nimali Saturday, 25 April 2020 04:33 AM

අපේ රටට මහා පවුරක් බදුවූ විරෝදාර රණවිරුවනි, රටේ ජනතාවට මහා අස්වැසිල්ලක් මෙන්ම ආරක්ෂාවක් ලබාදුන් ඔබලා සැමට සියලු දෙවි රැකවරණ සමග ඉක්මන් සුවය ලැබේවා ! ජාතියේ මුර දේවතාවන් ඔබලයි.ඉක්මන් සුවය ලැබී නැවතත් අප සියලු දෙනා රැක ගැනීමට ඔබලාට ශක්තිය ලැබේවා!ඔබ සැමට ත්‍රිවිද රත්නයේ පිහිට සහ ආරක්ෂාව ලැබේවා!

:       0       12

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1139 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 927 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 802 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site