ප්‍රසන්න පත්මසිරි
බිබිල "රතුගල ආදිවාසින්ට ආහාර අර්බුදයක්" මැයෙන් පසුගිය දිනක ලංකාදීප වෙබ් අඩවියේ පලවු ප්‍රවෘත්තිය දැක ඌව ආණ්ඩුකාර අධිනිතිඥ රාජා කොල්ලුරේ මහතාගේ උපදෙස් මත අද (29) ගම්මානයටම රුපියල් ලක්ෂ එක හමාරක වියළි ආහාර හා එළවලු නොමිලයේ ලබාදීම සිදුවිය.
ඌව පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්මියගේ සහ ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂිකා විනීතා දිසානායක මහත්මියගේ අධීක්ෂණය යටතේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සංවර්ධන බල මණ්ඩලයේ මුල්‍ය දායකත්වයෙන් ආහාර බෙදාදීම සිදුවිය.
ඔවුහු ගම්මානයේ ජීවත් වන ආදිවාසි පවුල් 100 කට අවශ්‍ය වියළි ආහාර හා එළවලු මෙහිදී ලබාදුන්හ.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රතුගල ආදිවාසීන්ට වියළි ආහාර පරිත්‍යාග කරයි
රවින් Sunday, 29 March 2020 05:58 PM
මොලේ කචල්ද? කරන්නන් වාලේ නොකර පල ප්‍රයෝජනයක් ඇති වැඩක් කලොත් නරකද? නියම ආදිවාසි අය කැලේ ගහකොළ ගැන හොඳින් දන්නා අයයි. ඒ අයවලුන්ට ටින් මාළු නැතිවට ඇලේ දොලේ ගඟේ වැවේ ඉන්නා මාළු හා අනිකුත් සත්තු ගැන හොඳ වැටහීමක් ඇත. දේශීය එළවලු වර්ග ගැනද පුටුවල ඉන්නා උදවියට වඩා වැඩි දැනුමක් ඇත. මේ අවස්ථාවේදී වැඩි සෝබන නොමැතිව පුටු වලටද නිවාඩු දුන්නානම් හොඳ නැද්ද?
GamageMonday, 30 March 2020 02:11 AM
මොලේ කචල්ද ඔබේ? නොදන්නා මගුල් නොකියා ඉන්න. මමත් කාලයක් රතු ගල ආදිවාසී ජනතාව සමඟ ජීවත් වුණා. කොළඹ ඉන්න ඔබ වැනි අයට වඩා හොඳ දැනුම් තෙරුම් ඇති ජනතාවක්. ඔවුන්ගේ බොහෝමයක් උසස් පෙළ සමත් අය. ඔවුන්ට මාලු අල්ලන්න මේ කාලෙට ඇලේ දොලේ වතුර නැහැ.
අබිලින් මාමාMonday, 30 March 2020 04:34 AM
රවීන්ගේ අදහස හරි... කොළ එළවළු වියලි ආහාර වෙන්නේ කොහොමද? කොළ වර්ගනම් මොවුන් කෙසේ හෝ සොයාගනීවි. සහල්, පොල්, පරිප්පු, අර්තාපල්, කරවල, ළුෑණු වැනිදේ දුන්නා නම් මෙයට වඩා හොඳයි. අපිට කණගාටුව මෙම ලොකු ලොක්කියන් වියළි දේ නොදන්නාකම ගැනයි. කවුරු හෝ පසුව බලන්න වේවාට දමපු බිල්පත් කොහොමද කියලා...
Champa Sunday, 29 March 2020 07:08 PM
හොඳ වැඩක්. බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට මොනවා දුන්නත් කමක් නැහැ බඩගින්න නිවෙන... ලංකාදීපෙටත් ස්තුතියි. ඡන්ද කාලෙට නම් දේශපාලකයෝ වැහි වැහැලා මේ පැතිවල... කොළඹ ඉඳනුත් යනවා හොයාගෙන.