ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘හුස්ම හිරවන’ බවට බියක් තමන්ට ඇති වී ඇතැයි එරට හිටපු ජනාධිපතිවරයකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අමානුෂික හා කෲර මරණය සම්බන්ධයෙන් මමත් ලාරාත් මහත් සංවේගයට පත්වුණා’’ යැයි ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් නිකුත් කළ නිවේදනයේ දැක්විණි. ලාරා බුෂ් යනු ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ බිරිඳ ය.
‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සිදු වූ අසාධාරණය අප හද කම්පා කරනවා. අපේ රටේ හුස්ම හිරවෙනවා කියලා මට බයක් දැනෙනවා’’ ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපති බුෂ් ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් නොකළ නමුත් අප්‍රිකානු-ඇමෙරිකානු ජාතිකයන් ඉලක්ක කරගනිමින් සිදුවන තර්ජන සහ හිරිහැර ‘‘දැවැන්ත අසමත්කමක්’’ යැයි පෙන්වාදුන්නේය.
විරෝධතාකරුවන් වඩාත් යහපත් අනාගතයක් වෙනුවෙන් පාගමනේ යද්දි ඔවුන් ආරක්ෂා කිරීම නීතිය ක්‍රියාත්මක කරවන්නන්ගේ වගකීමක්. විරෝධතාකරුවන්ගේ හඬ නිහඬ කරන්න උත්සාහ කරන අය ඇමෙරිකාවේ හෝ ඇමෙරිකාව වඩාත් හොඳ තැනක් වීමේ අරුත දන්නේ නැහැ. ඔවුන්ට එය තේරෙන්නේ නැහැ’’ යැයි ද ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් වැඩිදුරටත් සඳහන් කළේය.
අල්ජසීරා
055
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රට ගැන බියක් දැනෙන බව හිටපු ජනපති ජෝර්ජ් බුෂ් කියයි
Kumar (Gulf) Wednesday, 03 June 2020 11:26 AM
බුෂ් ඉරාකයේ මිනිසුන්ගේ "හුස්ම විතරක් නොවේ, සමාජය, ආර්ථිකය, සංස්කෘතිය ඇතුළු සියලු දේ හුස්ම හිර කෙරුවා" ඒ වාගේම හුසේයින් ඔබාමා, මුළු ලිබියාවේම "සමාජය, ආර්ථිකය, සංස්කෘතිය ඇතුළු සියලු දේ හුස්ම හිර කෙරුවා"
රවින් Wednesday, 03 June 2020 11:59 AM
ඇත්තද ඈ !! එතකොට ගල් පැලෙන බොරු කියලා ඉරාකේ මිනිස්සු මරණකොට බියක් දැනුනේම නැද්ද..?
Gamage Wednesday, 03 June 2020 12:08 PM
ඔව්, ඉරාකය, සිරියාව, ලිබියාව විනාශ කරනකොට ඒ මිනිස්සුන්ගේ සම්පත් කොල්ල කනකොට ඔය මර බිය දැනුනේ නැද්ද?
de silva Wednesday, 03 June 2020 12:21 PM
ට්‍රම්ප් ගියෙත් බුෂ්ගේ පාරේ...
Asanka Wednesday, 03 June 2020 12:29 PM
කුමාර් ලියපු එක හරියටම හරි.. ඇමරිකාවේ භයානක රාජ්‍ය මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. එහි හසුරවන්නේ සී.අයි.ඒ. එක මගින්... වර්තමාන මේ වසර අග එළඹෙන ජනපතිවරණයෙන් දේශීය සුදු ජාතික ඇමරිකානුවන්ගේ ආදරයට පත් ට්‍රම්ප් ව එළවීමට සී.අයි.ඒ. සංවිධානයට සහ හිලරි ඇතුළු නඩයට මේක නියම අවස්ථාවක්. ඔබ ජාත්‍යන්තර ප්‍රවුර්ති බලන්න.. වාමාංශිකයින්ගේ සහාය ලබන ඇන්ටිෆා නම් වූ සංවිධානයක් තමයි ඔය සාමකාමී පා ගමන් අතරතුර ඊට මුවාවෙලා කඩ සාප්පු කොල්ල කන්නේ.., වාහන ගිනි තියන්නේ... මෙය දේශපාලන උගුලක්...!!!
Ajith NissankaWednesday, 03 June 2020 03:06 PM
ට්‍රුම්ප් එලවන්න වෙනම කුමන්ත්‍රණ අවශ්‍ය නැහැ ! ඔහු අනුගමනය කරන වර්නවාදී පිළිවෙත නිසා ඇමෙරිකානු ජනතාවගේ දැඩි විරෝදයක දැනටම ඇවිල්ල තියෙනවා ! ඇමරිකාව සුදු ජාතිකයන්ට පමණක් පාලනය කරන ආණ්ඩුවක් හැටියට පැවැත්මක් නැහැ ! අවාසනාවකට මේ රටේ ජීවත්වන සමහර ලාංකිකයන් තේරුම් ගන්නේ නැහැ ඔවුනට සුළු ජාතින් හැටියට ආත්ම ගව්රවයක් තියාගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කළු ජාතිකයන් ජීවිත පරිත්‍යාගයෙන් දින ගත්ත අයිතිවාසිකම් නිසා බව ! සමහර විට ඇමෙරිකාව අනික් රටවල් වලට කරපු අපරාද පාරාවළල්ලක් වෙලා තමන්ගේම විනාශය කර ලගා වෙනවා වෙන්න ඇති ! ඇමෙරිකාව ලවා තමන්ගේ මවුබිම විනාශ කරන්න එම රටවල සිට පැමිණ දේශපාලන රැකවරණ බොරු හේතු පෙන්වා ලබා ගත් කට්ටිය පෙරමුණ ගත්ත ! ඔවුන් තමන්ගේ මවු රටේ ප්‍රජාතත්‍රවාදය විනාශ වෙනවා කියමින් ගතු කියලා තමන්ගේම මවුරට විනාශ කරන්න කුමන්ත්‍රණය කළා !
Dasa P Wednesday, 03 June 2020 12:54 PM
ඒ දෙන්නම ඉන්න කාලේ... ඇමෙරිකන් කට්ටිය නිදහසේ හුස්ම ගත්තා...
Bamunuarachchi Wednesday, 03 June 2020 01:43 PM
ලෝකේ නිදහස්ව තිබූ රටවලට ඔබ කළ හානියට ‘හුස්ම හිරවන’ නොවෙයි හිරකරවන තත්වයට ආවත් අපි කණගාටු වෙන්නේ නැත. ඔබට එසේ විය යුතුයි..
සිරා Wednesday, 03 June 2020 02:48 PM
ඔබාමා,බුෂ් ,හිලරි ,කියන්නේ ලංකාවේ රනිල් චන්ද්‍රිකා මංගල ට සමාන සෙට් එකක්... මෙලෝ රහක් නැති මීඩියා වලින් පුම්බපු සෙට් එකක්... තමන්ගේ ජාතියට වඩා පිට අය ලොකු කරන් ඉන්න සෙට් එකක්..එක නිසා තමා ඇමරිකන් මිනිස්සු ට්‍රම්ප් ට ඡන්දෙ දුන්නේ..
Ajith NissankaThursday, 04 June 2020 04:57 PM
ඔබාමා වගේ දක්ෂ නායකයෙක් රනිල් වගේ කෙනෙක්ගේ මට්ටමට දාන්න ඔබ හිතුව මදි ! අදටත් අමෙරිකානු ජනතාවගේ ජනාදරය දිනාගෙන තියෙන්නේ ඔහු ! ඇමෙරිකාවේ ආර්ථිකය පතුලටම වැටිච්ච වෙලාවක බලයට පැමිණි ඔහු ඉතාම ප්‍රබල ආර්ථිකයක් ගොඩ නැගුවා ! ඔහු බලයට එනකොට කොටස් වෙළද පොළ දර්ශකය 13000 සිට 6800 දක්වා පහල වැටුන නමුත් ඔහු ජනාධිපති ධුරයෙන් යනකොට එය 19000 දක්වා වර්ධනය වුණා! මිලියන 4ක් පමණ නිවාස නය ගෙවාගත නොහැකිව පාරට වැටිලා හිටපු අයට සහන දීල ඔහු ගොඩ ගත්ත ! දැන් ඉන්න සුදු සල්ලි කාරයන්ට විතරක් උදව් කරන ඩොනල්ඩ් ට්‍රුම්ප් වගේ අමන නායකයෙකු පුම්බන්න හදන ඔබ වගේ කට්ටිය ලජ්ජා වෙන්න ඕන !
මුණසිංහ Wednesday, 03 June 2020 03:25 PM
අපිට දැනෙන්නේ ලෝකයේ බොහෝ රටවලට හුස්ම ගන්න ඉඩ ප්රස්ථා ලැබෙන හැඩක් පෙන්වන බවයි.
බද්රානි Wednesday, 03 June 2020 04:21 PM
ලෝකයේ සිටි එකාධිපතියෝ දන ගැස්සුවේ ඇමරිකාව තමයි. කවුරු කෙසේ සිතුවත් එය එසේ විය යුතුයි. ඒකාධිපතියන් මර්ධන ක්‍රියාව මේ වනතෙක්ම ඇමරිකාවට ආශිර්වාදයක් වුවා. අවාසනාවට, ජාතිවාදය ඉස්මතුකරමින් බලයට පැමිණි වර්තමාන ජනාධිපති ට්‍රම්ප් මහත්මයා ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කරන්න පටන් ගත්තා. ඉතින් අර පෙර තිබු ආශිර්වාදයම පෙරලා ශාපයක් වෙන එක අහන්නත් දෙයක්ද? පළමුව ඇමරිකානුවන් හා ඇමරිකාව ලෝකයේ බලවත්ම රට ලෙස කයිවාරු ගැසූ නායකයා අද ඇමරිකාවෙන් බිහිවූ අසාර්ථකම හා දුර්වලම පාලකයා වෙලා. ඔහු එදා අවුලවපු ජාතිවාදී ගින්නෙන් අද ඔහුවම පිලිස්සෙන්න පටන් අරගෙන. .
මුණසිංහThursday, 04 June 2020 01:57 AM
ඇමරිකාව කළේ එයාලට අවශ්‍ය පරිදි නටපු නැති රටවලට එරෙහිව කළ හැකි සියල්ල කළා මිස එම රටවලට යහපත් කිසිදු දෙයක කළේ නැහැ. ඇමරිකානු මැදිහත්වීම සිදුකළ මොන රටද අද ස්ථාවරව තියෙන්නේ? සියලු රටවල් විනාශයි. නියම ඒකාධිපතිත්වය තියෙන්නේ ඇමරිකාවේ. එයාලට ඕන දේ කරනවා මුලු ලෝකයටම.
Pradeep Wednesday, 03 June 2020 04:25 PM
තමන්ගේ රටේ ප්‍රශ්න ටික විසඳා ගන්න බැරි වූ මේ ඇමරිකන් ජනාධිපති වරුන් වෙනත් රටවල සිදුවන සුළු ප්‍රශ්න ගැන මහා ඉහලින් කතාකරමින් එම රටවල් වල මානව හිමිකම් කඩවීම් ගැන උනන්දුවන අපූරුව..
Asanga Wednesday, 03 June 2020 05:34 PM
අනේ මගේ කට කිව්වලු... එතකොට මම සුදනනේ...
Kumar Wednesday, 03 June 2020 06:05 PM
අපි ඉන්න පැත්තේ විරෝධතා පෙළපාලි තිබුනට කොල්ල කෑමක් තිබුනේ නැහැ. මැදපෙරදිග ගැන සෑමදෙනාම ඇමෙරිකාවට බනිනවා. කවුරුවත් මේ සියල්ලටම මුල්වුන සදාම් හුසේන් කුවේට් ආක්‍රමණය කල එක ගැන කතා කරන්න කැමති නැහැ. සදාම් හුසේන් පලවා හරින්න ගිහිල්ල තමයි ඇමෙරිකාවට නැවත වරක් වියෙට්නාම පරාජයෙන් පසු ශක්තිය ලැබුනෙ. කුවේට් යුද්ධයට සම්පුර්ණ වියදම දැරුවෙ සෞදියයි ඒ අසල අරාබි නායකයොයි. ඉරාකේ තුල යුද්ධයට යන්න බොරු තොරතුරු ගෙතුවේ බ්‍රිතාන්‍යයේ අගමැති ටෝනි බ්ලෙයා. ලංකාවේ ඉන්න අය මොනතරම් බැන්නත් ලංකාවේ නිෂ්පාදන බොහොමයක් අලෙවිකරන්නෙ අමෙරිකාවටයි. ලංකාවේ පොලිසියෙන් අත්අඩංගුවට ගත් අය මරන්නේ ඉතාම රහසිගතව. වීඩියෝ කලොත් එක කලකෙනත් පරලොව යනවා.