IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රාජිත රිමාන්ඩ්

රාජිත සේනාරත්න මහතා මැයි මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය.

‘‘සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව’’ සම්බන්ධයෙන් ඇප ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (13) අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

 


(නිමන්ති රණසිංහ)

‘‘සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව’’ සම්බන්ධයෙන් ඇප ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (13) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිද්ධියට අදාළව ඇප අවලංගු වු සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (13) රාත්‍රියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් භාරවී තිබිණී.

මෙහි තෙවැනි සැකකරු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද  (13) පස්වරුවේ නියෝග කර තිබිණී. 

 

 



අදහස් (36)

රාජිත රිමාන්ඩ්

jayath Wednesday, 13 May 2020 02:38 PM

හරි අර ගියපාර ලෙඩ වෙලා ගියපු තැන ලොකු මාර්ග බාධකයක් තියනවා එක හින්දයන්න නැතුව ඇති පව්. හැබැයි ඉතින් සිංගපූරු යන්න තිබුනා.

:       0       0

Siri Wednesday, 13 May 2020 02:48 PM

කොරෝන නිසා දැන් ගෙදර ඉදලා ඇතිවෙලා වෙන්න ඇති. පව්. බලන්න කොරෝනා මැව් වෙනසක අරුමේ.

:       0       0

Raveendra Wednesday, 13 May 2020 02:49 PM

මේ අර හිටපු සුව ඇමතිද කවුද නේද , අනේ ඇයි මේ අහිංසකයට වද දෙන්නේ හැබෑට??

:       0       0

ධම්ම Wednesday, 13 May 2020 03:10 PM

මේ රටේ ජනතාව ගල් මෝඩයෝය යන සිතින් යුතුව කල ඒ මාධ්‍ය සාකච්චාව අප හෙලා දකිමු.

:       0       0

SL Wednesday, 13 May 2020 03:29 PM

මේ වගේ බොරු විදින අය ඉන්න පාර්ලිමේන්තුවක් තියෙන රටක් ගොඩ යයි ද

:       0       0

lal Wednesday, 13 May 2020 03:32 PM

ගියපාර වගේ රෝහල් කාමර නැතෙයි?

:       0       0

අතපත්තු Wednesday, 13 May 2020 03:52 PM

උසස් පෙළ අසමත් සිසුන්ට පවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාකර දුන් ඔබතුමා නිදහස් වෛද්‍ය අධ්‍යාපනයේ පියා ලෙස ඉතිහාසගත වනු ඇත.

:       0       0

Rohana Wednesday, 13 May 2020 04:16 PM

වැරදි කරන්නැතුව ඉන්න එපායැ....

:       0       0

Sanjeewa Wednesday, 13 May 2020 04:19 PM

"හොදට නරකට දෙකම කටමය "කියල කියන්නෙ නිකන් නෙමෙයි.

:       0       0

Prabha Wednesday, 13 May 2020 04:42 PM

බන්ධනාගාර රෝහල තාම වහලා නැහැ නේද?

:       208       770

Raveendra Wednesday, 13 May 2020 04:44 PM

ඇතුලට ගිය තිරිසන්නු වැඩි දෙනෙකුට හැදුන "කුර ලෙඩේ " මොහුටද ඉතාමත්ම කෙටි කාලයකදී සෑදෙනු ඇත. එවිට වසුරු පිටකරන පැත්තෙන් හුස්ම ගැනුමට අපහසු බව ලගම ඉන්න ගම් කබරයා මෙන්ම පවුලේ වෙද උන්දෑ පවසනු ඇත. එවිට ඔලුවෙන් හිට ගැනුමට ලගම තිබෙන ආරෝග්‍ය ශාලාවට සියලු සැපපහසුකම් සහිතව දින 14 ම මහජන මුලින්ම ගතකරනු ඇත. කාටද ආඩම්බර..?

:       540       1852

pradeepa Wednesday, 13 May 2020 04:54 PM

සුජාතා අක්කේ බිය නොවන්න රාජිත අයියා මෙවරත් බෙර ගන්නා හැටි මම පෙන්නමි.... මීට වංස මල්ලී

:       240       1627

නිම්මිThursday, 14 May 2020 04:38 AM

ඊයේ සවසම කෝල් කරලා. ඊට පස්සේ තරු පංතියේ නිරෝධායනයට කියලා හෝටලයකට යවලා.

:       0       123

Shan Wednesday, 13 May 2020 05:59 PM

මදුරුවෝ කයිද දන්නේ නැහැ.

:       0       0

පර්සි රාජපස්ස Wednesday, 13 May 2020 06:15 PM

රාජිත, බය නැතිව ඉන්නකෝ ටිකක්.

:       0       0

කුමාර Wednesday, 13 May 2020 06:21 PM

චිත්‍රපටි පෙන්වීම ඇරබුනා...

:       0       0

Rasika Wednesday, 13 May 2020 06:22 PM

ඔබ තුමාගේ තීන්දුවට ගරු කරමු.

:       0       0

Perera Wednesday, 13 May 2020 06:25 PM

ඔය නීතිය රවී කරුණානායකට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද???

:       0       0

නන්නාදුනන හාදයා Wednesday, 13 May 2020 06:28 PM

කුඩුවේ ඉන්දැද්දී...සිහිවේවි...88-89 ප්‍රා කියන මිනීමරු සංවිධානය හදලා අහිංසක කොල්ලෝ, කෙල්ලෝ මරපු හැටි...

:       0       0

Raveendra Wednesday, 13 May 2020 06:50 PM

දශක ගණන් අපි කිව්වේ බොරුමයිනේ. හැමදාමත්ම රැවටුනේ අපේ මිනිසුන්නේ. දැන්වත් තේරුනාද හැමදේම කෙරුවේ බලයෙන් අපි මත්වීලානේ....

:       0       0

Hafeel Wednesday, 13 May 2020 07:03 PM

ගිය පාර ඇප ලැබුණ පසු තාම පපු අමාරු හැදුන නැහැ. ඔහොම නිරෝගී වේවා.

:       0       0

banda Wednesday, 13 May 2020 07:16 PM

අපේ රාජිත මහත්තයාගේ වැඩ කොහොමද කියලා ඔයාලා බලාගෙන ඉන්නකෝ...

:       0       0

ජනක Wednesday, 13 May 2020 07:19 PM

ඡන්දයක් ලගදි තියෙනවද?

:       0       0

Kumara Wednesday, 13 May 2020 09:21 PM

මෙන්න ලංකාවට ආපු වටිනා අවස්ථාව. රජයේ බලපුළුවන්කාර කමින් මහජන මුදල් මංකොල්ල කාපු හැමෝම හිරේ දාන්න මෙතැනින් පටන් ගන්න ඕනෑ. කරන කලට පව් මිහිරිය මී සේ.., විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ...

:       0       0

Jaya Wednesday, 13 May 2020 10:37 PM

දැන් ඉතින් එජාප කාරයෝ ටික කුලප්පු වෙයි... පොහොට්ටුකාරයෝ ටික උඩ පනියි. දැන් අපි අපෙන්ම අහන්න ඕන ප්‍රශ්නය, ඇත්තටම මේ වගේ පුද්ගලයන් දේශපාලනයේ සිටිය යුතුද? යන්නයි.

:       0       0

Nihal Thursday, 14 May 2020 12:41 AM

මේ වගේ රට කෑව හිවලුන් බලු කූඩුවේ ලගින එක අහන්නත් සතුටුයි. හැබැයි ලෙඩ වෙලා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයිද දන්නේ නෑ.

:       0       0

මුණසිංහ Thursday, 14 May 2020 01:40 AM

කලින් ඇප ගන්න ඉදිරිපත් කරල තිබුණේ අවු. 2ක් පරණ මෙඩිකල් එකක්ලු! සාමාන්‍ය මිනිහෙකුටත් එහෙම කරන්න පුලුවන්ද?

:       0       0

Buddika Thursday, 14 May 2020 03:22 AM

පල් හොරු පරපුරක් එළියේ ඉද්දි මාධ්‍ය සාකච්ඡාවක් නිසා මොහු දෙවනි වරටත් ඇතුළට. කොරෝනා අස්සේ දේශපාන දඩයම පටන්ගෙන.

:       1001       686

jayalathThursday, 14 May 2020 05:52 AM

පච කීමයි, මාධ්‍ය සාකච්ඡාවයි කියන්නේ 2ක්... හරිනම් මොහුව ගන්න ඕනෙ 87-89 කරපු අපරාධවලට....

:       0       0

SL Thursday, 14 May 2020 04:11 AM

තමන්ගේ කටින් පිටවෙන දෙයට වගකීමක් ගන්න හැමෝටම හැකි වියයුතුයි. විශේෂයෙන් දේශපාලකයින්. රාජිතගේ ටොන් 7000 රත්තරන් ප්‍රවාහනය කරපු හැටි ,කිඹුලා කතාව වැනි කතා කටින් පිටකිරීමට පෙර නුවණැසින් විමසලා කරානම් .. දැනට රජයේ සිටින අය අතරින් තම වචන භාවිතය හරියට භාවිතා කරන්නේ ජනාධිපතිතුමා පමණයි. අනුන්ගේ ඇද කුඩා නොසොයා තමන්ගේ රාජකාරි වැඩ පමණක් හොයන අය පාර්ලිමේන්තු යැවිය යුතුයි ! බොරු පච අතාරින උන් නිසා රට වසර 70 වක් තුල වළපල්ලට.

:       29       879

senaThursday, 14 May 2020 05:32 AM

ඔය කියන විදියට මොන පක්ශෙන්ද ටිකට් එක දෙන්නේ.

:       0       25

නෙවිල් Thursday, 14 May 2020 06:26 AM

මොනවා වුණත් රාජිත ඇමතිතුමාව සිටියදී බෙහෙත් මිළ අඩු කරලා, සමහර එවා මිළෙන් නිදහස් කරලා බහු ජාතික සමාගම්වල ජීවිත තර්ජන මැද්දේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයන්න ගත් උත්සාහය අමතකකරන්න බැහැ. මට තේරුම් ගන්න බැරි එවන් පුද්ගලයෙක් මේ තුට්ටු දෙකේ දේශපාලන මගඩි කරන්නේ කොහොමද කියලයි.

:       551       532

විජේThursday, 14 May 2020 01:27 PM

නෙවිල්ගෙ ගම කොහෙද නෙවිල්?

:       39       71

විජේ Thursday, 14 May 2020 01:24 PM

කොරෝනා දෙයියන්ගෙම පිහිටයි ඔබට ශ්‍රිමතානනි.. !!!

:       0       43

Bamunuarachchi Friday, 15 May 2020 03:08 AM

අත්දෙකට මාංචු වැටිලා තියනකොට තිබෙන ලස්සන... මුකවාඩම අයින් කලානම් මුහුණේ ලස්සනත් බලා ගන්න තිබුනා.

:       0       0

Naf Sunday, 17 May 2020 07:46 AM

බේරුවල අපි ඔබතුමාව තනිකරන්නේ නෑ කවදාවත්. මේවා දේශපාලන පළිගැනීම්. ඔබතුමාට දෙවි පිහිටයි !

:       53       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1429 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site