හිරාන් ප්‍රියංකර ජයසිංහ
මන්නාරම මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා සිය පුත්තලම 4 කනුව ප්‍රදේශයේ නිවස තුළ පවුලේ පිරිස සමග නිරෝධායනයට ලක් කල බව (22) පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ 4 කනුව වේප්පමඩුව ප්‍රදේශයේ පවුලේ සාමාජීකයින් සමග නිරෝධායනයට ලක් කර ඇත්තේ මන්නාරම මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති අබ්දුල් ගපුර් මොහොමඩ් සුපිහාන් නැමති අය බව කියයි.
මුසලි ප්‍රාදේශීය සභාවට අයත් කැබ් නිළ කැබ් රථයෙන් මෙම සභාපතිවරයා දිනකට පෙර නිවසට පැමින ඇති බවත් මේ පිළිබදව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයට හා පුත්තලම පොලිස්ථානයට ලැබුන විශේෂ තොරතුරක් මත අදාල නිවසට (22) දින අදාල කණ්ඩායම් ගොස් තිබුනී.
කෙසේ නමුත් අදාල සභාපතිවරයා සෞඛ්‍ය අංශ හා පොලිස් නිළධාරින් සභාපතිවරයා නිවසට පැමිනි ස්ථානය හා පැමිනි දිනය පිළිබදව විමසා ඇතත් එය නිවැරදිව සනාථ කිරිමට අපොසත් වි ඇති බව කියයි.
ඒ හේතුවෙන් සභාපතිවරයාගේ ජෛව පටල සාම්පල ලබා ගෙන එය පරික්ෂාවට යැවිමට කටයුතු කර ඇති බවත් එම වෛද්‍ය වාර්තා එන තුර සභාපතිවරයා ඇතුළු අදාල නිවසේ පිරිස නිරෝධායනයට ලක් කල බවත් පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසිය .
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුසලි ප්‍රා. සභා සභාපති නිවෙසේම නිරෝධායනයට
lalithm Thursday, 23 April 2020 03:09 AM
ඒ කියන්නේ දැන් ලංකාවේ කොහේ හරි පළාතක ජීවත් වෙලා තමාගේ ගෙදරට ආවත් නිරෝධායන ක්‍රියාවට යටත් වෙන්න ඕනේ කියන එකනේද. මිනිසුන්ට මේ පණිවුඩය හරියට තේරිලා නැහැ තවම. මොන විදියකින් හරි පදිංචිය වෙනස් කලොත් නිරෝධායනය වෙන්න වෙනවා කියල පණිවුඩය හරියටම යන්න ඕනේ. දුර පළාතක රැකියාවට ගිහින් නිවාඩු ආවත්?
chinthana Thursday, 23 April 2020 07:47 AM
පාර්ලිමේන්තු මන්ත්‍රීලා තමන්ගේ කොට්ටාශයේ පදිංචි නෑ. ඉන්නේ කොළඹ. දැන් ප්‍රාදේශීය සබා මන්ත්‍රීලත් කොට්ටාශයේ පදිංචි නෑ... ඔක්කොම පැරෂුට් කාරයෝ තමන්ට ජිවත්වෙන්න පුළුවන් තරමටවත් තමන්ගේ කොට්ටාශය දියුණු කරගන්න බැරි මුන්ගෙන් ජනතා සේවයක් බලාපොරොත්තු වෙන්න බෑ...