කොරෝනා වයිරසය පැතිර යෑමේ අවදානම හේතුවෙන් රුසියාවේ මොස්කව් අගනුවර වසා දැමීමට නගර බලධාරීහු අද (30) පියවර ගත්හ.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු සියලු කටයුතු අකර්මන්‍ය කෙරෙන ‘ලොක්ඩවුන්’ ක්‍රමවේදය අනුගමනය කරන බව නගර බලධාරීහු ප්‍රකාශ කළහ.
මොස්කව් නගරාධිපති සර්ගේ සොබියනින් හදිසියේම මෙම දැඩි නියෝග නිකුත් කළ අතර එම ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නැයි රුසියානු අග්‍රාමාත්‍ය මික්හයිල් මිස්හුස්ටින් අනෙකුත් ප්‍රාදේශීය බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
මෙම සතිය ‘වැඩ-නොකරන’ සතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය සතියේදී පියවර ගත් අතර ඊට වඩා තවත් පියවරක් ඉදිරියට තබමින් මොස්කව් අගනගරය ‘ලොක්ඩවුන්’ කිරීමට එනුවර පුරපතිවරයා පියවර ගත්තේය.
යුරෝපයේ විශාලතම නගරය ලෙස සැලකෙන මොස්කව් නගරය මෙලෙස හුදෙකලා වීමේ නව සහ දැඩි නියෝග පැනවූවද නගර වැසියන් ඒවා නොතකා සති අන්තයේදී උද්‍යානවලට යන අයුරු දක්නට ලැබිණි.
කෙසේ නමුත් සඳුඳා, එනම් අද මොස්කව් නගරයේ මාර්ග පාළුවට ගොස් තිබූ අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් කඩසාප්පු, අවන්හල්, ආපනශාලා වසා දමා තිබිණි. එහෙත් නගර මධ්‍යයේ තරමක වාහන තදබදයක් දක්නට තිබිණි.
‘‘මොස්කව් නගරයට හඳුන්වා දී තිබෙන ආකාරයේ නිරෝධායන සහ දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි මම අනෙකුත් ප්‍රාදේශීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා’’ යැයි ආණ්ඩුවේ රැස්වීමකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මිස්හුස්ටින් කීය.
රුසියානු ජනාධිපතිවරයා රූපවාහිනියේ පෙනී සිටින්නේ ඉතාම කලාතුරකින් වන අතර පසුගිය සතියේ බදාදා එසේ පෙනී සිටි රුසියානු ජනාධිපතිවරයා මේ සතිය ‘‘වැඩ නොකරන’’ සතියක් ලෙස නම් කරන බව ප්‍රකාශයට පත් කළේය. එසේ නමුත් සේවකයන්ට අදාළ වැටුප් ගෙවන බව ද හෙතෙම කීය.
අද පස්වරුව වනවිට රුසියාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 1,534ක් වූ අතර එරටින් වාර්තා වන මරණ ගණන 8කි. රුසියාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ 64 දෙනකු සුවය ලබා ඇත.
වයස් සීමාවකින් තොරව පැනවූ සීමා හා නියෝග නගරයේ සියලු දෙනාට අදාළ වන බව මොස්කව් බලධාරීහු කීහ.
හදිසි වෛද්‍ය/සෞඛ්‍ය තත්ත්ව, අත්‍යවශ්‍ය යැයි සැලකෙන රාජකාරී හා සේවා සහ ආහාර හෝ ඖෂධ හෝ ලබාගැනීමට පමණක් මොස්කව් නගර වැසියන්ට නිවසින් පිටතට යෑමට අවසර ලැබෙන බව ඔවුහු පැවැසූහ.
නගර වැසියන්ට කසළ බැහැර කිරීමට සහ ඔවුන්ගේ සුනඛයන් ඇවිදීමට යා හැක්කේ නිවස සිට මීටර 100ක් දුරට පමණක් යැයි ද ඔවුහු කීහ.
මොස්කව් නුවර සවි කර තිබෙන කැමරා මඟින් මේ සියල්ල අධීක්ෂණය කෙරෙන බව ද ඔවුහු ප්‍රකාශ කළහ. රුසියාව ඔවුන්ගේ දේශසීමා සියල්ල වසා දමා තිබෙන අතර කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පියවරෙන් පියවර දැඩි සීමා හා නියෝග පනවමින් සිටී.
ඒ.එෆ්.පී.
055
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මොස්කව් නුවරටත් අගුළු දමයි