( පුෂ්පකුමාර මල්ලවආරච්චි )
කෝවිඩ් - 19 වයිරසයේ බලපෑමෙන් පසුව ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මීරිගම දුම්රිය ස්ථානයේ සිට සේවා ස්ථාන සඳහා යාමට මගින් 84 දෙනකුට පහසුකම් සලසා තිබුණා ද එයින් 50 ක් පමණ දෙනා පැමිණ සිටියේ නැත.
මගින් 35 දෙනෙකු නියමිත පරිදි අවසර පත්‍ර ලබා ගත් අතර ගම්පහ ප්‍රදේශයේ සේවා ස්ථාන සඳහා යන මගීන් වෙනුවෙන් එම දුම්රිය නොනැවැත්වීම හේතුවෙන් මගීන් කිහිප දෙනෙක් ආපසු ගියහ. මීරිගමින් ආරම්භ කළ දුම්රිය ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබුණේ දෙමටගොඩ මරදාන සහ කොළඹ කොටුව යන දුම්රිය ස්ථාන වල පමණි
දුම්රිය මගීන් නිසි ක්‍රමවේදය මත දුම්රිය ස්ථානයට ඇතුළු කර ගැනීම දුම්රිය බලධාරීන්ගේ හා පොලීසිය මැදිහත් වීම මත අද( 11 ) උදේ සිදු කෙරිණි. දුම්රිය මගීන්ට ලැබී ඇති දුරකථන පණිවිඩය පරීක්ෂාකර බලා අදාල අවසර පත්‍රය ලබාදී ලබා ඔවුන් දුම්රියපළට ඇතුළත් කරගනු ලැබිණ.
තවත් මගීන් පිරිසක් රාජකාරි ස්ථාන සඳහා ගමන් කිරීමට අවස්ථාව සලසා ගැනීම සඳහා දුම්රිය පලට පැමිණියද ලැබී ඇති නාම ලේඛනයේ නම සඳහන් නොවීම හේතුවෙන් ඔවුනට දුම්රිය ගමන් කිරීම අවස්ථාව ලැබුණේ නැත .
මෙම දුම්රිය ද නියමිත වේලාවට වඩා විනාඩි විස්සක පමණ ප්‍රමාදයකින් යුතුව ධාවනය කරනු ලැබිණි .
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මීරීගමින් ආ කොළඹ කෝච්චියේ මගීන් 35 යි
Prasad Monday, 11 May 2020 07:10 AM
මෙක දුවවන්න අපේ මහරජතුමාට කීයක් වියදම් ගියාද කියලා හොයන්න...
chandanaMonday, 11 May 2020 06:02 PM
කවදා හරි දුම්රිය සේවය පටන් ගන්න අවශ්‍යයි. ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් කිරීම අවශ්‍යයි. අද පාඩු පිට හරි පටන් ගත්තොත් හෙට අනිද්දා දවසින් දවස මගීන් වැඩි වෙලා සාමාන්‍ය තත්වයට පත්වෙයි. ලාභ පාඩු ගැන හිතලා දුම්රිය නැවැත්තුවොත් ඒකත් ප්‍රයිවට් බස් කාරයොන්ගේ තත්වයට පත් වෙනවා. අද නියමිත මගී සංඛ්‍යාවේ නීතිය නිසා තමන්ට ලාභ නොලැබෙන බව දැනගෙන ප්‍රයිවෙට් බස් කාරයෝ බස් දුවන්නේ නැහැ. ඒකෙන් අසරණ වෙන්නේ ජනතාව. දුම්රිය එහෙම නෙවෙයි. ඒක සාමාන්‍ය ජනතාවට සහනදායී ගමනාගමන සේවයක්. මගීන් දැනට තාවකාලිකව අසරණ වෙන්නේ මේ ක්‍රමය හඳුනාගෙන ඒකට හුරු වෙනකම් විතරයි. හැම දෙයක්ම දවසින් දවස පියවරෙන් පියවර හොදින් සිදුවෙයි. ලෝකයටම බලපාන, මහ බලවතුන් පවා හෙම්බත් කරපු මේ වසංගතය හමුවේ සුභවාදීව, ජනතාවාදීව ඒකට මුහුණ දෙන විදිය, ඒකෙන් නැගිටීමට උත්සාහ කරන විදිහ අතිශයින් ප්‍රශංසනීයයි. ඔබ වැන්නන්ට ඒවා දකිද්දී ඇහේ කටු ඇනෙනවා වගේ වේදනාවක් ඇති. ඒත් අතිබහුතරයක් ඒ දිහා සුභවාදීව බලාගෙන සිටිනවා.