(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම කිම්මන්තුඩාව ප්‍රදේශයේ බොල්ගොඩ ජලාශයේ මන්නයා නැමැති මත්ස්‍යයන් පමණක් හිටි හැටියේ මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .
අඩියකට වඩා දිගින් යුත් විශාල ප්‍රමාණයේ මෙම මත්ස්‍යයන් කිම්මන්තුඩාව පාලම ආසන්නයේ සිට දෙපසට ගළා බසිනා බොල්ගොඩ ජලාශයේ තැන තැන මැරී සිටින අයුරු දැක ගත හැකි විය .
මියගිය මත්ස්‍යයන් සියල්න්ගේම ශරීරයේ තැනින් තැන කළු පාට ලප ආකාරයෙන් දක්නට ලැබෙන බවත් ජලාශයේ සිටින මත්සයින් අතරින් මෙම මත්ස්‍යයන් පමණක් මිය යාම සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බලන බවත් මිය ගිය මත්ස්‍යයන් කිහිප දෙනෙක් සහ ජල සාම්පල් රජයේ රස පරීක්ෂක වෙත යැවීමට කටයුතු කරන බව බණ්ඩාරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.කේ රුවන් මහතා වැඩිදුරටත් පැවසීය.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘මන්නයා‘‘ නැමති මත්ස්‍යයා හිටිහැටියේ මියයයි
jayath Tuesday, 07 April 2020 09:43 AM
බලන්න පොඩියක් මොකද ඔය බොල්ගොඩ ගඟේ අලුත් කට්ටියක් පහුගියද සැරිසැරුවා නේද?
Nuwan Tuesday, 07 April 2020 09:46 AM
පිටරටින් මත්ස්‍ය ආනයන කරුවන් ලංකාවට හදුන්වා දීපු මේ මාළුවා අන්තිමට අපේ වැව් වල ගංගාවල නතර උනේ. මේ ආක්‍රමණශීලී මාළුවා අපේ අවේනික මාළුන්ගේ ගහනය විනාශ කරලා දාලා. හිතුමතේට වෙනත් රටවල predatory මාළු ලංකාවට ආනයනය කරනවා. කිසිම පාලනයක් නැහැ.අන්තිමට රටේ ආවේණික මසුන් පින්තුර වලින් බලන්න වෙන්නේ.
kamalTuesday, 07 April 2020 10:07 AM
ගංගාවල ෆිෂ් තෙරපි වලින් වෙන්නේ ඕක තමයි. එක ගං වතුරකින්න් දහස් ගණන් පිරට මාළු අපේ ගංගාවලට එකතුවෙනවා. අවසානේ ආවේනික මාළු විනාස වෙනවා.
ranaTuesday, 07 April 2020 10:29 AM
ඕක ඒ තරම් දරුණුවට ගන්න එපා. මේ යන ආකරයට ගියොත් අපේ සිංහල ජාතියටත් වෙන්නේ ඕකම තමානේ ?
SLTuesday, 07 April 2020 10:39 AM
පුලුවන්නම් පුලත් සෙට් වෙමු... මුන් ටික අල්ලලා එක තැනකට ගාල් කරන්න සහ පරණ මාළු අලුතෙන් නැති තැන වලට ගිහින් දාන්න. හැම අතු ගන්ගාවකම ඔය තත්වේ. ඉස්සර හිටපු සාරි ගප්පි, පෙතියෝ දැන් හොයාගන්නවත් නැහැ,
kamal Tuesday, 07 April 2020 09:59 AM
දිලීර ආසාදනයක් වගෙයි.
malal Tuesday, 07 April 2020 10:39 AM
ලඟදී අපට පෙනුන කරුණක්නම් - කැලෑ ගිනි ගැනීම් සහ ස්වභාවධර්මයට හානි කීරීම - මෙය brazeel සහ australia වල සිදුවුණා - කගේ හරි වැඩක්...
Amal Tuesday, 07 April 2020 10:52 AM
ගගෙ ඉතිරි වෙලා හිටියෙ මෙ මාලු වර්ගය විතරක් වෙන්න පුලුවන්.
Kumar Wednesday, 08 April 2020 06:40 PM
මෙසේ මත්සයන් මැරෙන්නේ ජලයේ මුසුවී ඇති ඔක්සිජන් වායුව හිඟ වීමෙන් විය හැක. මත්සයන් මුලින්ම ජලයේ මතුපිට වාතය ගැවෙන මටමට පැමිණ මුකයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න පටගන්නවා. ඉන්පසුව මරණයට පත්වෙනවා.