(අප්සරා යෝසිත් විජේසූරිය සහ අජිත්ලාල් ශාන්ත)
රත්නපුර මුද්දුව ප්‍රදේශයෙන් හමුවූ කොවිඞ් 19 වයිරසය ආසාදිත මැණික් ව්‍යාපාරිකයාගේ 15 හැවිරිදි පුතුට සහ 62 වියේ පසුවන එම ව්‍යාපාරිකයාගේ මවටත් කොරෝනා වැළඳී ඇතිබවට පීසීආර් යන්ත්‍ර මගින් කළ රෝගීන්ගේ සෙම පටල පරීක්ෂණ මගින් තහවුරුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මාර්තු මස මුල් භාගයේදී කොරෝනා රෝගය වැළඳුණ බවට තහවුරු වූ මැණික් ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳත් දියණියත් මේවනවිට කොළඹ අයිඞීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.
එසේ පළමු වරට රත්නපුර මුද්දුව ප්‍රදේශයේදී කොවිඞ් 19 අාසාදිත රෝගීන් හමුවූ පසුව, ඔවුන්ගේ සමීප ඥාතීන් සහ සමීපව ඇසුරු කළ අය 71 දෙනෙකු නිවෙස්වලම නිරෝධානයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ ක්‍රියාත්මකව කටයුතු කර තිබුණි.
රත්නපුර මහ රොහලේ මේ මස 07 දින සිදුකළ පීසීආර් යන්ත්‍ර මගින් සිදුකළ සෙම පටල පරීක්ෂණයෙන් සහ අයිඞීඑච් රෝහල වෙත යොමුකළ සෙම පටල පරීක්ෂාවෙන් පසුව මෙසේ දෙවන වරට රත්නපුරයෙන් හමුවූ කොවිඞ් 19 වයිරස ආසාදිත රෝගීන් දෙදෙනා හඳුනාගත් බව රෝහල් බලධාරීන් පවසයි.
මෙම කොවිඞ් 19 ආසාදිතයින් දෙදෙනාම කොළඹ අයිඞීඑච් රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරන බව රත්නපුර ශීක්ෂණ රොහල් බලධාරීන් පවසයි.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ පුතාට-මවටත් කොරෝනා
Nimal Thursday, 09 April 2020 12:00 AM
ඉක්මන් සුවපතමු ...
චමින්ද Thursday, 09 April 2020 01:21 AM
සමහරක් මැණික් මුදලාලිලා මේ මගේ අම්මද? අප්පද? නැත්නම් දරුවෝද? කියා බලන්නේ නැහැ. ප්‍රධාන මාර්ගයේ වත් පදිකයින්ට යාමට ඉඩක් දෙන්න තරම්වත් සැලකිල්ලක් නැහැ. ඔවුන්ට වටින්නේ ගල් මිස වෙනත් කිසිවත් නොවේ. රටට, ජනතාවට කුමක් වුවත් මොවුන්ට ගානක් නැහැ. රත්නපුරේ සමහර මැනික් මුදළාලිලා සිඟාලෝවාද සූත්‍රයේ සිගාලක වගේ උදේම නාගෙන තෙත ඇදුම් පිටින්ම අටදිසා වන්දනා කරන බව මම දැකල තියෙනවා. එවැනි උන්ට වසංගත ගැන මොන හැගීමක්ද?
rana Thursday, 09 April 2020 02:40 AM
මොහු තැන තැන ගොස් නැද්ද ? බොරුවෙන් රට පිරිහේවී කියලා... ඇත්ත කට කහනවට නොවේනේ.
RaveendraThursday, 09 April 2020 04:12 AM
ඔබ නිවැරදියි මෙම " කාලකන්නියා " විසින් වපුරපු දෙයින් කොටසක් තමන්ද යහමින් නෙලාගෙන ඇති බව පැහැදිලිය.. අප අවන්කවම කිසිවෙකු මියනවාට හෝ කිසිවෙකුගේ ප්‍රාණය නැති කරනවාට අකමැතිය. ඒ ඔබට, අපට මෙන්ම ඔහු හෝ ඇයටද මෙලොව ජීවත්වීමේ අයිතියක් තිබෙන බැවිනි. එනමුත් කෙනෙකු සමාජයේ වැඩි පිරිසකගේ ජිවිතවලට හානි සිදුවෙන පරිදි හැසිරෙනවා නම්, ක්‍රියා කරනවා නම් " ඒකා " මියයනාවට හෝ " ඒකාව " මරා දමනවාට අපගේ නම් කිසිදු විරුද්දත්වයක් නොමැත.
Saman Thursday, 09 April 2020 12:24 PM
රවීන්ද්‍ර මයා... ඔබගේ අදහස සමග එකග වෙමි... එසේම වෙවායි පතමි...