(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට්නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද (21) හතර වැනි දිනයටත්ප ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම සිදු කෙරෙමින් පවතී.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලේ.
එහිදී මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් පී .බී.ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කරමින් කියා සිටියේ මෙම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් එබැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළ යුතු බවය.
කොරෝනා වසංගතය බව පවසමින් දිගින් දිගටම මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කිසියම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් සකස් කොට ඒ යටතේ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කල යුතු යැයිද කියා සිටියේය..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව එම පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන බවත් එය විසුරුවා හැරීමෙන් පසුව මැතිවරණය පවත්වන දිනය වෙනස් වූ පමණින් එම විසුරුවා හැරීමේ නියෝගය බල ශූන්‍ය නොවන බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මස 02 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2) වගන්තිය යටතේ සිදුකර ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එය ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවත් එය අභියෝගයට ලක් කළ නොහැකි යැයිද කීය
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ දේශනය අවසන් වීමෙන් පසුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මියගේ දේශන ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පෙත්සම සලකා බැලීම තවදුරටත් සිදු කෙරේ.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම සිව්වැනි දිනටත්
දුටුගැමුණු Friday, 22 May 2020 06:12 AM
මුලු ලෝකේම දන්නවා.. ලංකාවේ මැතිවරණ කොමිසම රනිල් හැදුවේ මැතිවරණ තියන්න නොවෙයි කියලා. පොලිස් කොමිසම හැදුවේ රාජකාරි මගහැරලා ත්රස්තවාදීන්ට බෝම්බ ගහන්න කියලා... එතකොට රාජ්‍ය සේවා කොමිසම හැදුවේ විරුද්ධවාදීන්ගෙන් පලිගන්න කියලා.... අඟහරු ලෝකෙන්ද ආවේ?