IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදියා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

(ඉන්දිකා රාමනායක)

ඉතාලිය බලා යාත‍්‍රා කරමින්  තිබූ එම්.එස්.සී මැග්නිෆිකා නැමැති  මගී නෞකාවේ කාර්ය මණ්ඩලයේ  සුපවේදියෙක් වශයෙන් කටයුතු කළ අනුර බණ්ඩාර හේරත් නැමැති  ශ්‍රී ලාංකික තරුණයා  අදාල නෞකාවට අවශ්‍ය ඉන්ධන  ලබා ගැනීමට  කොළඹ වරාය ආසන්නයට  පැමිණි තිබියදී  නාවික හමුදාව සහ කොළඹ වරයායේ නිලධාරීන් එකව  අද (06)  පෙරවරු 6.00 ට පමණ තරුණයා අදාල නෞකාවෙන්  පිටතට ගෙන දින 21 ක කාලයක් සඳහා බූස්ස  නාවික හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට  යොමුකළ බව නාවික හමුදාව කියයි.

නෞකාවෙන් කළ දැනුම් දීමකට අනුව  එම නෞකාවේ රෝගීව සිටි ජර්මානු   ජාතික කාන්තාවක් ද බේරාගෙන ඇය කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

මෙම මගී නෞකාව  අද (06) අලුයම   ඉන්ධන  ලබා ගැනීම සඳහා  කොළඹ වරාය ආසන්නට පැමිණ තිබිණ.  ශ්‍රී ලංකා බලධාරීන්  මෙම නෞකාව කොළඹ  වරායට නාවික සැතපුම් 10 ක් පමණ දුරින් නවත්වාගෙන  ඇති අතර   කොළඹ වරයාට අයත් නියමු යාත‍්‍රාවක්   සහ නාවික හමුදා ඩෝරා යාත‍්‍රාවක් එම නෞකාව ආසන්නයට ගොස්  තරුණයා  සුභෝපභෝගී නෞකාවෙන්   පිටතට ගෙන කොළඹ වරාය වෙත  රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය  ප්‍රකාශක ලුතිතන් කර්මාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

ලෝව වටා සංචාරයක්  සඳහා පසුගිය  ජනවාරි මස  5 වැනිදා   පිටත් වු මෙම  නෞකාවේ ගමන   ඕස්ටේ‍්‍රලියාවේදී නතර කෙරිණි.  එහෙත්  ලෝකයේ කිසිම  වරායකින්  මෙම  නෞකාව බාර නොගැනීම නිසා  මෙම නෞකාව  අයත්  සමාගම  පිහිටි  ඉතාලිය බලා යාත‍්‍රා කිරීම ආරම්භ  කළේය.

ඕස්ටේ‍්‍රලියාවේ සිට    මෙම මෙම නෞකාව  ඉතාලිය බලා යාත‍්‍රා කරන  අතරේ  ඉන්ධන ලබා ගැනීම  සඳහා ශ්‍රී ලංකාවට ආස්න මුහුදේ පැය 3 ක කාලයක්  ගතකර කෙරිණි.

එම නෞකාවේ සේවය කරන එකම ශ්‍රී  ලාංකිකයා වන  අනුර බණ්ඩාර හෙරත්   නැමැති තරුණයා   නෞකාව කොළඹ වරයාට පැමිණ පසුව  තමන්  ලංකාවට බාර ගැනීමට  කටයුතු කරන ලෙසට  ආයාචනා කරමින්    ජනාධිපතිවරයාගෙන් සහ  ශි‍්‍ර ලංකා රජයෙන්  කළ ඉල්ලීමක් සහිත හඬ පටයක්  ඊයේ  (05)  සමාජ මාධ්‍ය ජාල  වලට මුදා හැර තිබුණේය.

තරුණයාගේ මෙම ඉල්ලීම  සැලවීමත් සමඟ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  උපදෙස් මත නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මෙම   තරුණයා රට තුළට  ගෙන ඒමේ මෙහෙයුම් කි‍්‍රයාත්මක  කර තිබිණි.

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (17)

මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදියා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

ඇන්තනි Monday, 06 April 2020 11:27 AM

මේ කෙනා යුද්දෙට ගියානම් එහෙම බයේ මියයයි. නාවිකයෝ කියන්නේ මේ වගේ බයගුල්ලෝද? පුයරබබා නාවික බබෝ ඉදිරි වැසි සහිත කාලගුනයේදී කඩදහි ඔරු සදා ගං දොලේ පාකරනු මැනවි ...

:       1363       566

PrabhaMonday, 06 April 2020 12:31 PM

මෙ පුද්ගලයා සූපවෙදියෙක් මිස බෝට්ටුකාරයෙක් නොවෙ... ඇන්තනි...

:       14       314

raniMonday, 06 April 2020 04:29 PM

අන්තෝනි, මොනවාද මේ කියවන්නේ..? ඊයේ බීපුවා තවමත් බඩේද ..?

:       0       12

විජිත් Monday, 06 April 2020 11:30 AM

බටහිර රටවල" blood is thicker than water " කියලා කියනකොට අපි " ලෙයට ලෙය අදිනවා " කියලා කියන්නේ මෙයටයි. ලෝකයේ කොහේ හිටියත් උඹ අපේ එකෙක්... ආදරයෙන් පිලිගන්නවා.

:       117       1641

යාපා Monday, 06 April 2020 12:01 PM

රාජපක්ෂලාට මිනිස්සු මේතරම් ආදරේ මෙන්න මේ දෙවිකම නිසාමයි. ස්තුතියි අගමැතිතුමනි, ජනාධිපතිතුමනි....

:       1013       2192

maxMonday, 06 April 2020 12:23 PM

මැදපෙරදිග ඉන්න අපිට එන්න දෙන්නේ නැහැ. ගුවන්තොටුපල වහල තමුන්ගේ රටේ මිනිස්සුන්ට එන්න දෙන නැති එකම රට ලංකාවද? එතකොට අපේ සල්ලි විතරක් ඇතිද? දෙවිකම එක මිනිහෙකුට විතරද? ලක්ෂ ගණනකට නැති වුණාට කමක් නැද්ද? කෙහෙලිය මහතා මැදිහත් උනේ නුවර ලමෙක් හින්ද නේද? අපිට මොනාද වෙන්නේ ? විදේශ විනිමය විතරද ඕන...

:       26       660

suranimala pereraMonday, 06 April 2020 01:04 PM

මහත්තයෝ ,රාජපක්ෂලාට දෙවියෝ කියලා දෙවියන්ගේ දෙවිකම බාල්දු කරන්න එපා... මේ තීරණය ජනාධිපතිතුමාගේ තීරණයක් මිසක් අනිත් රාජපක්ෂලාගේ තීරණයක් නොවෙයි. ගොටභය කියන්නේ අනිත් රාජපක්ෂලාට වඩා වෙනස් විදිහට හිතන කෙනෙක්. ඒ එයා කාලයක් විදේශයක ජීවත්වුණා නිසයි. වහල් විදිහට හිතන මෝඩ මිනිස්සුන්ට නම් රාජපක්ෂලා දෙවියෝ වගේ පෙනේවි. එතකොට දෙවියන්ට යනකල කුමක්ද...? ඔය කියන විදිහට මැදමුලන ගෙදර කෝවිලක් කරමු.

:       0       0

fernando - ragamaMonday, 06 April 2020 01:09 PM

යාපා,අපි මෝඩයින් නොවෙයි...ඔයාගේ දෙවියෝ ගැන කොමෙන්ට් එකට 2130 හොඳයි කියලා දැම්මේ ඔයාම වගෙයි පෙනෙන්නේ.මොකද මේ වෙලාවේ මේ මාතෘකාව බලලා තියෙන්නේ 2012 දෙනෙක්.හොර වැඩක් කරද්දී අහුවෙන්න කරන්න එපා.අනික ඔයාගේ දෙවියන් ගැන ලංකාවේ මිනිස්සු විශ්වාස නොකරනබව අපි දන්නවා.

:       0       0

Asela Tharanga Monday, 06 April 2020 12:05 PM

ඒ විතරක් ද විජීත්, රෝගීව සිටි ජර්මානු ජාතික කාන්තාවක් ද බේරාගෙන ඇය කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත. කොච්චර හොද වැඩක්ද? මේ වෙලාවේ සියලු දෙන අසරණය... අපට හැකි පමණ අන් අයට හෙල්ප් කරමු. මේ අය බේරගන්න සහබාගි උන සියලු දෙනාට බොහොම පින්. තෙරුවන් සරණයි...!!!

:       17       489

Wlater White Monday, 06 April 2020 12:32 PM

ඒ මනුස්සයාගේ ඉල්ලීම මානුෂීය එකක් වෙන්න ඇති..., ඒත් නැවේ රාජකාරිය දාල ආවේ ඇයි? මට හිතෙන්නේ එක ලැජ්ජාවක් බයගුලුකමක් කියලා... අර නැවේ ඉන්න මිනිසුන් ආහාර සපයා ගන්නේ කොහොමද? නැවේ තවත් සූපවේදීන් ඇති, නමුත් ව්‍යසනයක් ආවාම අමාරුකමක් ආවාම ඒ අභියෝගෙට මූණ දුන්නා එක කොයිතරම් වටිනවාද? දැන් කොයි තරම් දක්ෂ වැඩකාරයෙක් වුනත් රාජකාරිය මග දාල ගියපු එකෙක් , ඉතින් මට කියන්න තියෙන්නේ ඔහු කල දෙය හරි නැහැ. ලාංකිකයන් කියාගත්තාට අපි හරි නිර්භීත ජාතියක් කියල, මට දැනෙන්නේ නම් එකේ සම්පූර්ණ අනිත් පැත්ත කියලයි. නියම තත්වේ නොදැන අපි හාන්සි පුටු විවේචන කරනවා කියාවි, නමුත් ඇත්ත කටුකයි එය වෙනස් වෙන්නේ නෑ....

:       784       74

පුජා Monday, 06 April 2020 01:00 PM

Wlater White - , සමහර විට එම ළමයාගේ පවුලේ අයගේ බලකිරීමකුත් ඇති නොවුනා කියලා හිතන්න බැහැ නේද? නැවේ ඉන්න කාර්ය මණ්ඩලයේත් කැමැත්ත ඇතුව නේ මෙයා ඇවිත් ඉන්නේ....

:       0       0

PrabhaMonday, 06 April 2020 02:50 PM

මෙකත් අර යුද්දෙ වගේ තමයි... අතේ තියෙනකොට හරිම ලස්සනට විග‍්‍රහ කළ හැකියි. නමුත් තමන්ගේ දොරකඩට ආපුවම එතරම් සුන්දර නැහැ.මමත් මෙ බිහිසුණු අත්දැකීම් විසින් දැන් මාසෙකට වැඩිය කොටුවෙලා ඉන්න නිසා තේරෙනවා.

:       0       2

චුට්ටා Monday, 06 April 2020 11:23 PM

නට් ලුස්ද ...?

:       0       0

පලිහක්කාර Monday, 06 April 2020 12:54 PM

මේ වගේ නිවට ලෙස පලා ආ මෙවැනි අය නිසා ඉදිරියේදී ලාංකිකයන්ට වගකීම් සහගත රැකියා ලබාදීමට ජාත්‍යන්තර සමාගම් දෙවරක් සිතා බලාවි. නාවිකයෝ කියන්නේ නිර්භීත මිනිස්සු. මේ කෙනා මුළු රටේම දැලි ගෑවා ලෝකෙම ඉස්සරහ.

:       0       0

max Monday, 06 April 2020 01:17 PM

මෙම නිව්ස්එක දිගටම තියන්න පුලුවන්ද ? මැදපෙරදිග වැඩකරන ශ්‍රී ලංකීක ශ්‍රමිකයන්ගේ අදහස් වලට තැනක් දෙන්න

:       0       0

ජයන්ත Monday, 06 April 2020 01:39 PM

දුෂ්කර අවස්ථාවේදී තමන්ගේ සගයන් අතහැර පලා ඒම බියගුළු ක්‍රියාවක්. මොහුව ගෙන ඒම සදහා නාවික හමුදාවට ලක්ෂ ගණනක් මුදල් වැය උනා. එම මුදල් මොහුගෙන් අයකර ගත යුතුය.

:       0       0

de silva Tuesday, 07 April 2020 11:14 AM

මැක්ස්, ලංකාව අසල මුහුදේ කොරෝනා පිරුණ ඉතාලියට යන නවුකාවක සිටින ශ්‍රමිකයකුත් සවුදියේ සිටින ශ්‍රමිකයෙකුත් අතර විශාල වෙනසක් තිබෙනවා.මැදපෙරදිග සහ යුරෝපයේ ඉන්න මිනිස්සුන්ට සාධාරණ කාලයක් දුන්නා. නමුත් නැවක ඉන්න මනුස්සයකුට එහෙම හිතුන ගමන් එන්න බැහැ.මේක ක්ෂණිකව ගත්ත හොඳ තීරණයක්.

:       0       7

ඔබේ අදහස් එවන්න

Covid19

රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 6 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1138 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 718 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 925 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site