IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බෙලිඅත්තෙන් කොළඔ එන්න එක මගියයි

(අනීෂා මානගේ සහ චන්ද්‍රසේන ගමගේ )

ඇඳිරිනීතිය අලුයම 5.00ට ලිහිල් කළද බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් එක් අයකු පමණක් අද දුම්රියෙන් ගමන් කිරීමට පැමිණ සිටියේය.

මාස එකහමාරක පමණ කාලයකට පසු අද අලුයම 5.10ට බෙලිඅත්තේ සිට කොළඹ බලා දුම්රියක් ගමන් කළේය. 
 
කාර්යාලවල සේවය කරන අය සඳහා කොළඹ බලා ගමන් කිරීමට මෙම දුම්රිය යොදවා තිබූ අතර බෙලිඅත්තේ සිට දුම්රියෙන් ගමන් කිරීමට ලියාපදිංචි වී සිටියේ තිදෙනකු පමණි.
 
කෙසේ වුවද මෙම තිදෙනාගෙන් දෙදෙනකුම පැමිණ නොසිටි අතර එක් අයකු පමණක් බෙලිඅත්තේ සිට ගමන් කළේය.
 
ලියාපදංචි නොවූ පුද්ගලයන් කිහිප දෙනකු දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි අතර ඔවුන් හරවා යැවීමට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරිහු ක්‍රියා කළහ. මගීන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර නියමිත පරිදි ආසනවල වාඩි වීමට අවස්ථාව සලසා දුන් අතර යුධ හමුදා නිලධාරීන් මගීන්ගේ ආරක්ෂාව සඳහා දුම්රිය මැදිරි තුළ යොදවා සිටි ආකාරය දක්නට හැකිවිය.

(ඡායාරූප - අනීෂා මානගේ)


(ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ)



අදහස් (15)

බෙලිඅත්තෙන් කොළඔ එන්න එක මගියයි

janahitha Monday, 11 May 2020 03:13 AM

මේ මනුස්සයා ටැක්සියකින් යවලා දුම්රිය අවලංගු කර නම් පාඩුව අවම කරගන්න තිබුනා.

:       0       92

සණත් Monday, 11 May 2020 03:29 AM

ඔච්චර පෙට්ටි ගොඩක් එක්ක කෝච්චිය යවන්නේ නැතුව ඔය මනුස්සයා ඩක්කුවක පටවලා යවන්න තිබුණා.

:       1       80

සෝම Monday, 11 May 2020 03:37 AM

ඒකත් රජයේ කන්තෝරු වගේ. නිලදාරීන් 15. සේවය ලබාගන්න එක්කෙනයි.. ඒකත් හරියට කරන්නේ නැහැ. ඉතින් අර ආපු අයගේ උෂ්ණත්වය බලලා එක්ක යන්න බැරිද ? ඒ මිනිස්සුත් අවශ්‍යතාවයකටනේ යනවා ඇත්තේ. ඒ මිනිස්සු මේ රටේ පුරවැසියෝ නෙවෙයිද ?

:       6       182

ass charya Monday, 11 May 2020 04:17 AM

එක්කෙනෙක් නෙමෙයි. මිනිස්සු හිටියේ නැතත් මේක යන්න ඕන. මේක අපේ ගම.

:       150       98

SAN80Monday, 11 May 2020 04:44 AM

රේල් පාරේ සිල්පර කොටන්වල යකඩ පවා ගලවාගෙන ගිය ගම නේද ඔය ?

:       2       88

HafeelMonday, 11 May 2020 08:58 AM

හරියට මහා කන්දක් කඩන්, මීයක් අල්ලන්න වගේ කතාව.

:       1       2

අතුල සෞදි Monday, 11 May 2020 04:50 AM

බෙලිඅත්ත-කොළඹ, දුම්රියට බෙලිඅත්තෙන් එක මගියයි කිව්වම සමහර අය හිතන්නේ දුම්රිය බෙලිඅත්තෙන් පටන් අරන් කෙලින්ම උඩින් කොළඹට එනවා කියලා.

:       47       79

Prasad Monday, 11 May 2020 05:13 AM

ගමේ මිනිස්සුවත් ලොක්කගේ අදහස්, නීති රෙගුලාසි ගණන් ගන්නේ නෑ වගේ.

:       10       44

රවින් Monday, 11 May 2020 05:26 AM

වරදවා වටහා ගන්න එපා. නමුත් , අර හරවා යවපු මගින් හා ලංකාවේ මුල්බැසගත් සිරිත් , මොන දේ කිවත් කළත් තම පුරුද්ද අත හැරලා නැහැ. මෙච්චර මාධ්‍යයෙන් කියලත් තම ගමන ගැන තැකීමක් නොකර අපිට කොහොමත් ඒගොල්ලෝ යන්න දෙයි අපි උත්සහකරලා බලමු කියලා හිතලා වෙන්නැති එන්න ඇත්තේ? අනික තමා, ලංකාවේ ඉන්නා වැඩිහිටි උදවියගෙන් කින් කීදෙනාටද ජංගම දුරකතනවල ඇති නවීන තාක්ෂනය උපයෝගී කරගෙන තම කාර්යයන් ඉටුකරගත හැකි වෙන්නේ? දෙවෙනි කාරණාව තමා දුම්රිය නිලදාරීන්ගේ ක්‍රියා කලාපය. කියලා තියනදේ මිස වැඩිපුර මොලේ පාවිච්චි නොකරපු එක. විනාඩි පහක් ඇතුළත මගීන්ගේ හා දුම්රියේ ගමන ඔයිට වැඩිය කාර්යක්ෂමව නිමකරගන්න තිබුණු එක. උණ බම්බු ගිල්ලාවගේ නිතිය මේකයි, අපිට කියලා තියෙන්නේ මෙච්චරයි කියන්නේ නැතිව නවීන දුරකථනයකින්ම අර හරවා යවපු කට්ටියව යවන්න තිබුනා.

:       0       49

ashana Monday, 11 May 2020 05:45 AM

ඔබ හරි.

:       0       11

Deepal Nirosh Monday, 11 May 2020 05:35 AM

දුම්රියේ ප්‍ර‍මාණවත් ඉඩ පහසුකම් තිබේනම් අහඹු ලෙස පැමිණි මගීන් පරීක්ෂා කර බලා රැගෙන ගියානම් නේ ද හොඳ ? ධාවන කි.මි. 1කට ඉන්ධන ලීටර 3-4ක් පමණ ක්ෂය කරන ප්‍ර‍වාහන මාධ්‍යයක් නිකරුණේ ධාවනය කරවීම මොන ජාතික අපරාධයක් ද? අනික ඒ මගීන් අනිවාර්යයෙන්ම සේවා අවශ්‍යතා මත පැමිණි අය විය යුතුයි.

:       1       7

eresh S kumara Monday, 11 May 2020 07:06 AM

අයියෝ සල්ලි...

:       0       4

de silva Monday, 11 May 2020 07:13 AM

අනේ අපේ සල්ලි , ඔය කෝච්චිය මාතර ඉඳන් පටන් අරන් මේ මගියව ආරක්ෂක අංශ සතු වාහනයකින් බෙලිඅත්තේ ඉඳන් මාතර අරන් ගියා නම් මේ වැඩේ ලේසි නැද්ද? මේ දිනවල සාමාන්‍ය මනුෂ්‍යයන්ට යන්න තහනම් නිසා හැමදාම මාතරින් 2-3 වැඩිය යන්නේ නැහැ

:       1       6

වික්‍රමසිංහ Monday, 11 May 2020 09:56 AM

ඔය ඈත පලාත්වල තියෙන එළවලු පලතුරු ආදිය විකුණාගන්න බැරිව ලොරි කාරයන්ට නිකම් වගේ දෙන අවස්ථා එමටයි. මේ වගේ කෝච්චියක එවැනි එළවලු ආදිය ගෙන ඒමට පහසුකම් සලසන්න ඕන. එතකොට මිනිසුන් ගියා හෝ නොගියා කියලා ලොකු වෙනසක් නැහැ. දුම්රියේ ආදායමත් ලැබෙනවා, කොළඹ පැත්තේ මිනිසුන්ට අලුත් එලවලුත් ලැබෙනවා.

:       0       0

vidya Monday, 11 May 2020 05:20 PM

දැන් බෙලිඅත්තේ ගොඩක් දෙනෙක් කොලොඹට පැනල ඉන්නේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 443 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 819 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 488 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1344 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 71 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 19 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site