IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

( තිළිණි ද සිල්වා )
 
කොරෝනා වයිරසය ආසාදනය වීමෙක්   බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි තවත් ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
 
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උතුරු ලන්ඩනයේ එඩ්මන්ටන් ප්‍රදේශයේ පදිංචිව සිටි අනුර ගාල්ලගේ නැමැති පුද්ගලයෙකි.
 
මොහු කොරෝනා ⁣වයිරසය ආසාදනය වී සිය නිවසේම
ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී   ඊයේ  (06) රාත්‍රියේදී ඇති වූ ස්වසන අපහසුතා හේතුවෙන් සිය නිවසේ කාමරය තුලදීම අවාසනාවන්ත ලෙසික් ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
 
කොරොනා අසාදනයෙන් මිය ගිය තෙවැනි ලාංකිකයා මොහු වේ.මියගිය අනුර ගාල්ලගේ මහතා කල පටන් සිය පවුලේ අය සමග බ්‍රිතාන්‍යයේ ජීවත්වන අතර  ඔහු. එරට එන්ෆීල්ඩ් සහ  එඩ්මන්ටන් බෞද්ධ විහාරස්ථාන  පන්සලේ ප්‍රදාන දායකයෙකු ලෙසින්ද කටයුතු කළ බැව් සදහන් වේ.
 
 
මීට දින කිහිපයකට පෙර ගාල්ලගේ මහතා  වයිරසය අසාදිතව බව වෛද්‍ය පරිකෂනයෙන් තහවුරැ විමෙන් පසු පවුලේ අයගෙන් වෙන්ව  නිරෝධායනය වෙමින් සිටයදී   ඔහුට උන තත්වය වර්දනය වි හුස්ම ගැනිමෙ අපහසු තාවය ඇති විමෙන් තිබූ බවද පැවසේ.
 
ඔහු විසින් ඊයේ (06) බ්‍රිතාන්‍ය  වෛද්‍ය සේවය අමතා කිහිප අවසථාවකදීම ප්‍රතිකාර ලබා දෙන්නැයි  ඉල්ලා සිට ඇති අතර එම සෙවය විසින් ඔබට අමාරැවක් නැ හුමාලය අල්වා , උණු ජලය පානය කරන ලෙසට උපදෙස් ලබා දී සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවද එරට තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.
 
මේවන විට එරට වෙසෙන බොහෝ ලාංකිකයින් පිරිසක් ලංකාදීපයට පැවසූයේ  එරට පවතින නීතිය අනුව  දී යම් අයෙකුට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්නම් ඔහු රෝහලට පැමිනීම අනවශ්‍ය වන අතර 999 යන එරට සෞඛ්‍ය සේවය ( එන්.එච්.එස්.) හි කොවිඩ් 19 කණ්ඩායම අමතා ඊට අදාළ වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර සේවා ලබා ගත යුතු බවය , නමුත් මෙම වයිරසය නිසා ඇතිවන සංකූලතා එකිනෙකට වෙනස් හෙයින් රෝහලගත නොකිරීමෙන් යම අවදානමක් රෝගීන්⁣පවතින බවද එම ලාංකිකයෝ පෙන්වා දෙති.
 
මෙම නීති හා රෙගුලාසි හේතුවෙන් වයිරසය ආසාදනය වූ ලාංකිකයින් කිහිපදෙනෙකුම සිය නිවෙස් වල ස්වයං නිරෝධායනයේ නිරත වන බව එම ලාංකිකයෝ කියා සිටිති.
 
 



අදහස් (30)

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

Lanka Tuesday, 07 April 2020 02:58 AM

එරට පවතින නීතිය අනුව යම් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්නම් ඔහු රෝහලට පැමිනීම අනවශ්‍ය වන අතර 999 යන එරට සෞඛ්‍ය සේවය ( එන්.එච්.එස්.) හි කොවිඩ් 19 කණ්ඩායම අමතා ඊට අදාළ වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර සේවා ලබා ගත යුතු බවය. පෙනේද වෙනස ?

:       5       97

lalithm Tuesday, 07 April 2020 03:06 AM

රට ගිහින් සිරිසැප හෙව්වට සියරට දේ සිරි සැපදේ කියලා ඔක්කොටම දැන් තේරෙනවා වගේ. ලෙඩ පැතිරෙන කොට ඔක්කොම රටගිය ඇත්තෝ මෙහෙට පනින්න උත්සහ කලේ ඒ හින්දා නේද? එහෙම ඇවිල්ලත් මුලදී දමපු ගොන්පාට්. උවදුර ඉවර වුන ගමන් ආයිමත් ගඟෙන් දියබී මුහුදට ආවඩයි. මෙහෙමත් ගුණමකුවෝ.

:       406       606

Shantha Tuesday, 07 April 2020 03:09 AM

ඔව්.එහේ විතරක් නොවේ මෙහෙ ඔසී වලත් එහෙමයි. ඒ අතින් ලංකාවේ ක්‍රමය ගොඩක් හොඳයි. වෙනස මෙහෙ මිනිස්සු යම්කිසි පාලනයකට ඉන්නවා.නමුත් ලංකාවේ මිනිස්සු නීතියෙන් හැංගිලා විවිධ දේවල් කරනවා.

:       0       103

Ajantha Tuesday, 07 April 2020 03:29 AM

ඔබට නිවන් සුව ලැබේවා ! අප බණ දෙසන දියුණු රටවල මානව හිතවාදය දැන් හොදින්ම පෙන්නුම් කරනවා.

:       4       21

Tarzan Tuesday, 07 April 2020 03:37 AM

ලංකාවේ පුරවැසිකම එපා කියන්න යන අය තාමත් ශ්‍රී ලාංකිකද ? නමුත් ලංකාවේ ශත වර්ෂා ගානක් ඉන්න අයට ලංකාවේ අයිතියක් නැල්ලු.

:       5       40

de silva Tuesday, 07 April 2020 03:47 AM

කවුරු මොනවා කිව්වත් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවය ඉතාලියේ හැරුණකොට යුරෝපයේ අනෙකුත් රටවල් සමග සන්සන්ධනය කරනකොට ඉතා දුර්වල තත්වයක් පවත්නා බව සදහන් කරන්න ඕනේ.ජ්ර්මනිය වැනි රටවල කොරෝනා ආසාධිතයන් 90000 පමණ සොයාගෙන ඇතත් , මරණ සිදුවී ඇත්තේ 1900 පමණ ප්‍රමාණයකි.25000 පමණ සුවවී ගෙදර ගොස් ඇත. එහි කොරෝනා රෝගීන් සියලුදෙනාටම රෝහල් තුළ ප්‍රතිකාර කරන අතර , අසාධ්‍ය රෝගීන් සදහා තව ඇදන් 1500-1700 අතර ප්‍රමාණයක් වෙන්කර තබා ඇත.

:       112       304

Mahesh Tuesday, 07 April 2020 03:58 AM

දියුණුයි කියා ගන්නා රටවල් මානූෂීය වශයෙන් කොතරම් නොදියුණුයිද කියන එකට හොදම උදාහරණයක් මේ. තවද දියුනු රටවල් කොතරම් අසoවිධානාත්මකද කියන එකත් හොදටම පෙන්වන අවස්ථාවක්....

:       1       104

janahitha UAE Tuesday, 07 April 2020 03:58 AM

දැන් අපට තේරෙනවා "මව් බිම නැති නම් මරණය" යන වැකියේ අරුත කුමක්ද බව....

:       0       105

janabala Tuesday, 07 April 2020 03:59 AM

ඔක්සිජන් සැපයුම ලැබුනේ නම් ඔහු අදත් ජීවතුන් අතර.....

:       65       204

Raveendra Tuesday, 07 April 2020 04:16 AM

අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් සමුගත් ඔබට නිවන්සුව අත්වේවා !!!

:       0       105

de silva Tuesday, 07 April 2020 04:23 AM

අනුර ගාල්ලගේ මහත්මයට නිවන්සුව , ලංකාවෙනම් දැනට කොරෝන රෝගීන්ට ගෙවල්වල තබාගෙන ප්‍රතිකාර කරන්නේ නැහැ. හොඳ අධීක්ෂණයක් යටතේ උපරිමව සැමදෙයක්ම කරනවා. නමුත් අපේ රෝගීන් සංඛ්‍යාව 1000 පැන්නොත් අපිටත් මොනවා වේවිද කියන්න දන්නේ නැහැ , අපි හැමෝම පරිස්සම් වෙන්න ඕනේ ....

:       0       101

perera Tuesday, 07 April 2020 04:47 AM

ලංකාවට අවලාද නගාගිය අයට, දැන් හිතෙනවා ඇති ලංකාව කොයි තරම් සුපිරිද කියල.... ඒකාලේ යනකොට කිවුවේ ලංකාව හරි රස්නෙයි, රස්සාවට හරි වැටුපක් දෙන්නේ නෑ, වැඩකරන මිනිහට තැනක් නෑ ... මාර්ග තදබදය හින්ද පාරතොටේ යන්න බෑ, නැවත එන අය සාදරයෙන් පිලිගන්නවා

:       1008       1512

ranaTuesday, 07 April 2020 05:38 AM

ඔබට මල් මිටක් .නම තිබුනට පර දේශිකයෝ.

:       104       6

NihalTuesday, 07 April 2020 07:29 AM

පෙරේරා,ඔබ කිව්වේ ඇත්ත.සමහර කළු සුද්දෝ මව් බිමට හරියට ගරහනවා .මේ වෙලාවේ මෙහෙ දෙවෙනි පන්තියේ පුරවැසියන්ට රෝහල් දොර වැහිලා.ගෙදර ඉන්න අමාරු නෑ. ඕකයි කියන්නේ.

:       303       406

deshan RajapakshaTuesday, 07 April 2020 08:45 AM

කාලකන්නි පාලකයෝ මුළු රටම මංකොල්ල කාපු නිසා තමයි. රැකියා සොයාගෙන මිනිස්සුන්ට විදේශ රටවල යන්න සිදු වුනේ. ලෝකේ කොහේ හිටියත් ඒ මිනිස්සුත් ලංකාවට ආදරෙයි.ලංකාවේ ප්‍රසිද්ධ නාලිකාවක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කලේ ඔහු ලංකාවට වැඩ ඔහු ඇමරිකාවට ආදරය කරන බවයි. මුළු ලංකාවම කොල්ල කාලා අද මේ ව්‍යසනය අවස්ථාවේ ලංකාවට පැනලා ඇවිත් තනතුරුත් දරනවා. අඩුම ගානේ ලංකාවේ පුරවැසි භාවයවත් නැහැ. ඒත් අපේ රටේ කාලකන්නි මී හරක්ට ඒවා පෙනෙන්නේ නැහැ.,ලැජ්ජයි.

:       206       29

Raveendra Tuesday, 07 April 2020 06:04 AM

උපන් රටට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ.නොහිතන ප්‍රමාණයේ වැටුප් ලැබුනත් හිතා ගැනුමට අපහසු පහසුකම් අපට ලැබුනත් මට මගේ මාතෘ භූමිය හැර වෙනත් රටක් වටින්නේ නැත. ඒ මා උපන් මේ ලංකා මාතාව බැවිනි. මේ ලැබෙන සෑම දෙයක්ම තාවකාලිකය. කව්රු කෙසේ කිවත් මෙයයි අප සැම අත්විදින යතාර්ථය ... නිදහස් අද්‍යාපනයෙන් උපරිම පල නෙලාගෙන අපගේ මව්රටටද කලගුණ සැලකූ සහ සලකමින් සිටීමට හැකිවීම අප ලබන අපමණ සතුටකි.

:       0       155

Sue Tuesday, 07 April 2020 06:23 AM

කොහොමත් ලංකාවේ සෞඛ්‍ය සේවය හොදයි එංගලන්තයට වඩා.ලෙඩ්ඩුන්ව ගණන් ගන්න ගන්නේ නෑ.ගොඩක් වෙලාවට කියන්නේ පැරසිටමෝල් ගන්න කියලා.

:       3       106

rasika Tuesday, 07 April 2020 06:30 AM

ලෙඩ්ඩු රටට ලෙඩක්. එම නිසා ඔන්න ක්‍රමය කටක් ඇරලා නොකීවට.

:       0       11

kamal Tuesday, 07 April 2020 07:39 AM

හදාගත්තොත් කොරෝනා.අත වනයි රුදුරු මාරයා.

:       0       111

රනිල් Tuesday, 07 April 2020 07:52 AM

ලෙඩ්ඩු ගාන තුන් හාරදහක් පැන්නොත් අපේ රටෙත් ඕකම තමයි වෙන්නේ සහෝදරයා.

:       0       205

AsankaTuesday, 07 April 2020 08:45 AM

සහතික ඇත්ත.දැන් අපි උදම් ඇනුවට ලෙඩ්ඩු තුන් හාරදාහා පැනලා රෝහල් වලට දරාගන්න බැරි උනු දාට දැඩි සත්කාර ඒකකයේ ඇදක් ලැබෙන්නේ කොරෝනා හැදුනු ඇමතිතුමාගේ නැන්දම්මට මිස තරුණයට නෙවේ. ලියලා තියාගන්න.

:       6       74

AsankaTuesday, 07 April 2020 02:22 PM

ඇමතිලාගේ පස්සෙන් යන නූගත් ගෝලයෝ ඩිස්ලයික් දාලා.

:       107       0

NihalTuesday, 07 April 2020 09:04 AM

අපේ රටේ කවදාවත් එහෙම වෙන්නේ නෑ. රජයේ ගොඩනැගිලි රෝහල් වෙනවා.

:       0       101

isurandi Tuesday, 07 April 2020 07:55 AM

රැකියාව සදහා විදේශගතව ඉන්න කෙනෙකුට මේ දේ උනොත් මොකක්ද ඊලග පියවර ? ලංකාවට ඒ බොඩි එක ගෙන්න ගන්නවද ?නැතිනම් ඒ රටේම වල දමනවද නීතිරීති වලට අනුව ?

:       1       9

RaveendraTuesday, 07 April 2020 08:21 AM

අප දන්නා තරමින් නම් " sorry.com " බැවින් ඒ ගැන වැඩිය නොහිතමු. මරණ බිය පෙනී පෙනී ධනාත්මකව මේ මොහොත ගැන පමණක් මෙනෙහි කිරීමට හැකි නම් වැදගත් වෙතයි අප සිතන්නෙමු. අදට වැඩිය හෙට හොදවෙයි යන්නවත් සිතීමට උත්සහ කරමු. " සියලුම ලෝකවාසී අහිංසක මිනිසුන්ට " යහපතක්ම වේවා යන්න හැමවිටම ප්‍රාර්ථනා කරමු.!!!!

:       0       105

NuwanTuesday, 07 April 2020 08:42 AM

මැරුන රටේම පුච්චනවා. මිනිය එහෙ මෙහෙ ගෙනියන්නේ නෑ.

:       0       107

මුණසිංහ Tuesday, 07 April 2020 08:29 AM

සම්පූර්ණ ඇත්ත. මීට කලින් මම මෙහි සටහනක් තැබුවා මාගේ ඥාතීන් 2කුට මෙය හැදුණු බවට. ඔවුන්ට ගෙදරට වෙලා ඉන්න කිව්වා විතරයි. වාෂ්ප අල්ලන්න උපදෙස් දෙනවා. එයාලා කිව්වේ ලංකාව කෙතරමි විශිෂ්ටද කියලා.

:       0       101

rusiru Tuesday, 07 April 2020 09:37 AM

සියල්ල තීරණය වෙන්නේ ආසාදිතයින් ප්‍රමාණය සහ සෞඛ්‍ය සේවයේ ධාරිතාව මතයි. යුරෝපයට උන දේ ලංකාවට නොවෙන්න නම් කියන දේ අහලා ගෙදරට වෙලා ඉන්න. එංගලන්තේ දැනට ආසාදිත්යෝ 45,000 ලංකාවේ 135. ලංකාවේ ආසාදිතයින් 2000 - 3000 පැන්නොත් එතනින් එහාට පාලනය කරන්න බැරිවෙනවා.

:       0       117

korona Tuesday, 07 April 2020 09:38 AM

නිහාල් ඕනවට වඩා කුහක වෙන්න එපා එකේත් සීමාවක් තියනවා.

:       18       0

NihalTuesday, 07 April 2020 10:12 AM

ඇත්ත කීම තිත්තයි.(කුහකයි)

:       0       101

ඔබේ අදහස් එවන්න

දියත

කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 59 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 484 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 227 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1103 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 539 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 620 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 139 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1420 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site