(ප්‍රසාද් රුක්මල් )
කොරෝනා වයිරසය ආසාදනය වී බදුල්ල මහ රෝහලේ කෝවිඩ් 19 ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ ගිරාදුරුකෝට්ට රත්කිද ප්‍රදේශයේ නාවික හමුදා සෙබළා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්.රෝහලට මාරු කර යැවූ බව බදුල්ල මහ රෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය , රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ බදුල්ල ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
පසුගිය 22 වැනි දින නිවාඩු ලබා පැමිණි සෙබළුන් 31 ක් රැගත් බස්රථය බදුල්ල නගරයට පැමිණ ඇති බවත් අනතුරුව මෙම නාවික හමුදා සෙබළා සමඟ තවත් කිහිපදෙනෙකු එම බසයෙන් බැස බදුල්ල බස් නැවතුම්පොළට ගොස් සිය ගම්බිම් බලා යන බස්රථ වල නැග නිවෙස් කරා ගොස් ඇති බවත් පොලිසිය කීය.
ගිරාදුරුකෝට්ට රත්කිද ප්‍රදේශයේ පදිංචි කොවීඩ් 19 ආසාදිත වූමෙම නාවික හමුදා සෙබළා බදුල්ල නගරයේ සිට මහියංගණ බලා ධාවනය වූ පෞද්ගලික බස්රථයකින් මහියංගණ නගරයට ගොස් පසුව සවස මහියංගණ සිට දෙහිඅත්තකණ්ඩිය බලා ධාවනය වූ බස්රථයකින් නිවසට ගොස් ඇති බවද පොලිසිය පවසයි.
පසුව මොහු කොරෝනා වයියිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට වූ හෙයින් ගිරාදුරුකෝට්ට සිට බදුල්ලට රැගෙන විත් බදුල්ල මහ රෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයට මෙසේ ඇතුළත් කර ඇත.
පසුව මොහුගේ සෙම් සාම්පල පී .සී .ආර් .පරික්ෂණ සඳහා මහනුවර මහරෝහලට යැවූ බවත් එම වෛද්‍ය වාර්තාවෙන් මොහුට කෝවිඩ් 19 වයිරසය ආසාදිත වී ඇති බව අනාවරණය වු බව වෛද්‍යවරයා පැවසීය.
බදුල්ල මහරෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයෙන් වාර්තා වූ කොරෝනා වයිරසය ආසාදිත දෙවන රෝගියා මොහු වේ.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ නාවික සෙබළා අයි.ඩී.එච්.රෝහලට