(සමන් පාලිත නානායක්කාර)
ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා පැවසීය.
නගරයෙන් බැහැර ගම්වල වෙළෙඳ සැල් වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ඒ මහතා පැවසීය.
ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මෙම නගර වසා ඇති බව සහ නගරයට නොපැමිණෙන ලෙස නිවේදනය කළ බව පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා සඳහන් කළේය.
ඇඳිරි නීතිය ඉවත් කළ පසු ජනතාව නගරයට එක් රොක් වීමෙන් ඇතිවන අවදානම හේතුවෙන් මෙම පියවර ගත් බව පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
හෙට (30) වසා දමන නගර වල සියලුම වෙළඳ සැල් වසා තැබීමට ද වෙළඳසැල් හිමියන් එකඟ වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර හතරක් හෙට වැසේ
Champa Sunday, 29 March 2020 02:34 PM
මාසෙකට විතර ඉස්සෙල්ල තැනක කියැව්වා ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන් ගණන 10,000ක් වෙන්න පුළුවන් කියල. මාර්තු 6 ජනාධිපතිවරයා කිව්වා එක ලෙඩෙක්වත් නැහැ කියල. ඊට පස්සේ කිව්වා තාම 11යි කියල. රටම වහන්න තරම් උවමන්වක් නැහැ කියල. දැන් 115ක්. ජනාධිපතිතුමා සහ ආණ්ඩුව මෙතෙක් කල් හංගන් හිටිය කොරෝන රෝගීන් සංඛ්‍යාව සහ ඔවුන් නිසා අසාදිත විය හැකි ගණන දැන් ඔන්න එලියට එනවා. පහුගිය දවස් වල අද රෝගීන් නැහැ ඊයෙත් හිටියේ නැහැ ප්‍රස්ථාරේ පහලට ඇවිල්ල කියල කියපුව දැන් බොරු බව ඒගොල්ලෝම ඔප්පු කරනවා. බලාන යනකොට ලංකාව පුරාම කොරෝන රෝගීන් ඉඳල තියෙනවා. අශ්වයා ගියාට පස්සේ දැන් ඉස්තාල ටික වහගෙන වහගෙන යනව. අගැමති සහ ඇමති මණ්ඩලය පැත්තකට කරලා වියත්තු සහ හමුදාව එක්ක කාර්ය සාධක බලකා හැදුව. 3ක්ද කොහේද දැන් තියෙනවා. ඊට පස්සේ හාමුදුරුවරු දාල කියවනවා. ඇමතිවරු සහයෝගය දෙන්නේ නැහැ කියල. මහින්ද ඉන්න කොට MCC එහෙම අත්සන් කරන්නත් බැහැනේ. මේ කරන්නේ මොකක්ද? චන්දයක් තියෙනවා. කැපිල්ල දාන්නේ කියල මම කිව්වේ 2019 අගෝස්තුමයි. හොඳ වැඩේ අර ගොල්ලන්ට.
PrasannaSunday, 29 March 2020 06:22 PM
මේක ලියල තියෙන්නේ තිනිකරම දේශපාලන බඩගෝස්තරයෙක්... ව්‍යවසනයක් දේශපාලනය ගාවගෙන විකුණන් කන්න හදන දේශපාලන බැලයෝ....
ChampaSunday, 29 March 2020 07:01 PM
දේශපාලන බඩගොස්තරවාදයට නම් ලියන්නේ ඔහොම නෙමෙයිනේ. එහෙනම් ලියන්නේ ආණ්ඩුව හරි හොඳයි ජනාධිපති රට ආරක්ෂා කරනවා කියලනේ. මම මේ කොරෝනා ගැන ලියපු පලවෙනි වතාව නෙමෙයි. මාර්තු මුල ඉඳන් ලිව්වා රට ලොක්ඩවුන් කරලා මිනිස්සුන්ට කොරෝනා පැතිරෙන එක වළක්වන්න කියලා. නමුත් කලේ සාක් නායකයින්ට කිව්වා ඡන්දෙ තියනවා කියලා. ජාතියත් අමතලා කතා කලේ ඡන්දෙ ගැන. හුඟක් පස්සේ තමයි ඔක්කොම පටන් ගත්තේ පත්තරවල, සමාජ ජාලවල මිනිස්සු කෑගහනකොට... ඇඳිරි නීතියත් දාලා දැන්තමයි මිනිසුන්ට ආහාර බෙදන්නේ. කොරෝනා කොයි තරම් භයානකද කියන පණිවුඩේ ජනතාවට දුන්නේ නැහැ. ඡන්දෙට යන්න ඕනේ නිසා. අර උඩ තියෙන පින්තූර කතාවේ රෝද පුටුවෙන් යන මිනිහෙක් ඉන්න එකට ලිව්වා කොරෝනා වෛරසය පැතිරෙන විදි ගැන ලෝකයේ මේ වෙනකොට කරලා තියෙන පර්යේෂණ වලින් හොයාගත්ත දේවල්. ලෝකේ අනෙක් රටවල් තමන්ගේ ජනතාවට දෙන පණිවිඩයක්. අපේ විතරයි පාරවල් පුරා මිනිස්සු මුඛවාඩම් දමන් යන්නේ. නමුත් වැඩි අවධානය දෙන්න ඕනේ මිනිස්සුන්ට අත් සෝදන්න. මට අයිතියක් තියෙනව කතා කරන්න. බොරු වර්ණනා නොකරන්න. පොඩ්ඩක් බලන්න පෝලිම් වල ඉන්න මිනිස්සු දිහා. 90%කට වඩා මන්දපෝෂණයෙන් පෙලෙනවා. කොරෝනා වලට කලිනුත් මිනිස්සුන්ට කෑම නැහැ.
SamanMonday, 30 March 2020 09:43 AM
බඩගෝස්තර වාදියෙක්...
Anton AustriaMonday, 30 March 2020 01:52 AM
තමුන් මානසික ලෙඩෙක්.. අනික් රටවල් ගැනවත්, ලෝකෙ ගැනවත් දන්නේ නැත. ඔබට බෙහෙත් නැත.. ඔබට ලැබෙන බෙහෙත දේශපාලනයයි.
dilanMonday, 30 March 2020 03:36 AM
මෝඩ මනුස්සයෝ, වසංගතේ කොච්චර දරුණු වුණත් රටක්ම වහන්න නම් මොන මගුලටද ජනාධිපතිවරයෙක්..,? මොලේ නැති හරක් රට වහන්න වහන්න කිව්වට ඒ අයට තේරෙන්නේ නැහැ. අපේ රට වර්තමානයේ 99.99%ක් යැපෙන්නේ වෙනත් රටවලින් කියලා. රටේ ඩොලර් එක 193 පාන්නේ රට මේ වහපු ටිකටනම් ඔය කියන විදියට වැහුවා නම් අපේ මිනිස්සුන්ට මැරෙන්න වෙන්නේ කන්න නැතුව, බේත් හේත් නැතුව, කොටින්ම අපි ඇඳන් ඉන්න වස්තරේත් නැතුව. මොකද මේ ඔක්කොම අපි ඩොලර් ගෙවලා පිටරටින් ගන්න දේවල්. අපේ රට ස්වයංපෝෂිත වෙන්න අපිට හොඳ කෘෂිකර්මයක්, ටයර් සංස්ථාවක්, රටට රෙදි නිපදවන තුල්හිරියේ, වැල්ලවත්තේ, හොරණ කම්හල් තුනක් වගේ ඒවා තිබුණා. තමුන්නහැලගේ හිටපු ලොන්ත පාලකයෝ ඒවා කුණු කොල්ලෙට විකුණලා රටම පිටරටින් බඩු එනකම් නියාවන් ඉන්න තත්වෙට පත් කරා. මේ තියෙන්නේ... අන්න එවල ප්‍රතිඵල.
Dayan Monday, 30 March 2020 01:49 AM
Champa මිය, ඔබට ඇත්තේ කොරෝනා රෝගය ව්‍යාප්ත නොවීම පිළිබඳ දුකක්... ඊයේ බීබීසී වාර්තාකරු ද ලෝකයට පවසා සිටියේ ලංකාව ඉතා හොඳින් සැලසුම් සහගතව මෙයට මුහුණ දෙන බවයි. පොහොසත් UK වලට වඩා ලංකාව ඉදිරියෙන් සිටින අතර මේ ව්‍යවසනයෙන් තම පුද්ගලික ආරක්ෂාවටත් මේ රට වඩා හොඳ බවයි. මට හිතෙන්නේ ඔබ එය නරඹා ඇති බවකි.
Pradeep Monday, 30 March 2020 02:58 AM
Champa - සියලු දෙයම දේශපාලන ඇසින් නොබලන්න පුරුදු වෙන්න. විදෙස්ගතව සිට පැමිණියවුන් නිරෝධායනය නොවී සැඟවී සිටීම නිසා මෙය රට පුරා පැතිර ගිය බව අප සැවොම දනිමු. නිරෝධායනයට යැවීම ගැන උරණ වූ අය ගුවන්තොටුපලේදී හැසිරුණු අමන ආකාරය ඔබද දකින්නට ඇත. සැගවී සිටින අයට නිරෝධායනය වෙන්න කියා කොතරම් නම් ඉල්ලීම් කළාද කියා අප දනිමු. එසේත් නොහැකි තැන ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කරන්නට සිදු විය. එසේ රජයක් ලෙස ඔවුන් තමන්ට හැකි සැම දෙයක්ම කළ බව සහ කරන බව අප දනිමු. එය කොතෙක්ද යත් විදෙස් රටවල පවා ඇගයීමට ලක් විය. නමුත් අවාසනාවකට තම රටේම සිටින ඇතැම් ඊනියා "දේශප්‍රේමින්ට" එහි වටිනාකමක් දැනෙන්නේ නැත. හේතුව ඔවුන්ගේ දෑස් "පක්ෂ දේශපාලනය" යන කඩතුරාවෙන් වැසී තිබීමයි, නැතහොත් විදෙස් ප්රවෘත්ති ගැන ඔවුන්ගේ දැනුමක් නොමැති කමයි, එසේත් නැත්නම් කුහක කමයි. ඕනෑම රටක මෙවන් අමනයින් සිටියත් සාපේක්ෂව අපේ රටේ ඔවුන්ගේ ගහනය වැඩියි.
himali perera Monday, 30 March 2020 04:08 AM
කොරෝනා වෛරසය තවත් පැතිරවීමට ඇතැමුන් චේතාන්විතව කටයුතු කළේ දැයි සැකයක් විමර්ශන කටයුතුවලදී මතුව තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මේ දිනවලදී කොරෝනා වෛරසය වැළඳුණු ඇතැම් රෝගීන් ගේ හැසිරීම ගැන සැලකිලිමත් වීමේදී මේ බව හෙළි වන බව ඔහු කියා සිටියේය. ඇතැම් රෝගීන් ඒ තරමටම තොරතුරු බොහොමයක් වසන් කර ඇති බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව අසත්‍ය තොරතුරු ලබා දුන් රෝගීන් තිදෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය.
upendra Monday, 30 March 2020 08:13 AM
චම්පා අපරාදේ වචන ගොඩක් ලියන්න මහන්සි වෙලා.. "මම යූ.එන්පී. මේ ජනාධිපතිට විරුද්ධයි. කිව්වා නම් ඇති.