IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බංග්ලාදේශයේ රෝහින්‍යා කඳවුරු ප්‍රදේශ අගුලු දමයි

කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් රෝහින්‍යා සරණාගත ප්‍රජාව වෙසෙන කඳවුරු පිහිටි බංග්ලාදේශයේ කොක්ස් බසාර් දිස්ත්‍රික්කය අගුලු දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.  

එරට දකුණු ප්‍රදේශයේ පිහිටි මෙම දිස්ත්‍රික්කයේ මියන්මාරයෙන් පලා ආ රෝහින්යා සරණාගත වැසියෝ මිලියනයකට අධික සංඛ්‍යාවක් වාසය කරති.

දිස්ත්‍රික්කය අගුලු දැමීමත් සමග කිසිවෙකුට ඊට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට ඉඩ නොදෙන බව බලධාරීහු පවසති.

මේ වන විට කිසිදු කඳවුරකින් කොරෝනා වෛරසය ආසාදිතයින් වාර්තා වී නොමැත.

එසේ වුවත් අඩු සෞඛ්‍ය පහසුකම්වලට පාලනය කළ නොහැකි ලෙස වෛරසය පැතිරී යනු ඇතැයි ආධාර ලබාදෙන ආයතනවල නියෝජිතයෝ බියෙන් පසුවෙති.

සරණාගතයින් බොහෝ පිරිසක් 2017 වසරේදී මියන්මාරයේ සිදුවූ හමුදා මර්දනය හේතුවෙන් පැමිණි පුද්ගලයෝ වෙති.

පුද්ගලයින් 750,000 කට අධික සංඛ්‍යාවක් දේශසීමාව තරණය කර බංග්ලාදේශයට පැමිණ එරට පදිංචිව සිටි සරණාගත ප්‍රජාව සමග ජීවත් වීමට පටන්ගෙන තිබේ.

බංග්ලාදේශයෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 330 දෙනෙකු වාර්තා වේ.

වෛරසය හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු මේ වන විට මරණයට පත්වී ඇති අතර සුවය ලැබූ සංඛ්‍යාව 33 ක් වෙයි.


(බීබීසී ඇසුරෙනි)

-226-



අදහස් (4)

බංග්ලාදේශයේ රෝහින්‍යා කඳවුරු ප්‍රදේශ අගුලු දමයි

නොකවුට් Thursday, 09 April 2020 02:35 PM

බංග්ලාදේශයෙන් මියන්මාරයට පැනල මියන්මාර් හමුදාව නැවත බංග්ලාදේශයට යවපු අය මිසක් මියන්මාර් හමුදාව මර්දනය කරලා කියන කතාව වැරදියි.

:       573       538

GiripuraFriday, 10 April 2020 01:01 AM

ඒ වුනාට උන් කියන්නේ මියන්මාරේ ලොව පහල වූ දවසේ ඉඳන් එහේ ජීවත් වුනා කියලා. මේ තිරිසන්නු අහිංසක බෞද්ධ ගම්මාන වලට පැනල ගම් පිටින් කපන එක ගැන ජාත්‍යන්තර මාධ්‍ය කට හොල්ලන්නේ නෑ. හැබැයි මියන්මාර ආණ්ඩුව ඒකට විරුද්ධව කටයුතු කරනකොට රෙද්ද කරේ තියන් එන්නේ. හරියට ලංකාවේ එල්.ටී.ටී.ඊ. එක මිනී මරනකොට, ලමා සොල්දාදුවො හදනකොට මීක් නැතුව හිටපු බටහිර මාධ්‍ය, හමුදා මෙහෙයුමකින් උන් විනාශ වෙනකොට රෙදි උස්සන් ආව වගේම තමයි.

:       20       1

SamanFriday, 10 April 2020 01:44 AM

මොවුන් ඉතාම කලහකාරී සහ අන්තවාදීව ක‍්‍රියා කරමින්, බෞද්ධ ජනතාවට හිරිහැර කරන්න පටන් ගත්තා... ඒ ඔස්සේ තමයි මියන්මාර් හමුුදාව මැදිහත් වුණේ.. ඔවුන් බංග්ලාදේශයටත් ප‍්‍රශ්නයක් වුණා...

:       34       0

ප්‍රසන්න Saturday, 11 April 2020 12:47 AM

මෙහි තියන අදහස් නිවැරැදියි. මොවුන් බංග්ලාදේශයෙන් මියැන්මාරයට කඩා පැන්නෙ කවදා හෝ එහිද වෙනම රාජ්‍යයක් පිහිටුවීමට. ඒ වෙනුවෙන් ත්‍රස්ත සංවිධානයක්ද හැදුනා. වරින්වර කලබල කරමින් එක් වරක් පොලිස් නිලධාරීන් කිහිපදෙනක්ම මරා දැම්මා. එයට මියන්මාරය අමතක නොවෙන්නම පිලිතුරු දුන්නා. අවුන්සාන් සුකී ද නිර්භීතව රට වෙනුවෙන් සිටි පසුබිමක මොවුන් බංග්ලාදේශයට පලා ආවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 3 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 35 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 170 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 25 5 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 137 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 572 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site