(ක.ග.කරුණාරත්න)
කෙරෝනා වයිරසය අසාදිත පෙලොන්නරුවේ පුලස්තිගම පදිංචි නාවික හමුදා සෙබළා හඳුනාගැනීමෙන් පසු ඔහු සේවය කල කඳවුරේ රාජකාරී කර නිවාඩු ලැබ පැමිණි තවත් නාවික සෙබලූන් 08 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල උදවිය ඇතුලූ 548 දෙනෙකු මේ වනවිට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පිහිටි සිය නිවෙස්වල නිරෝධායනට ලක්කර සිටින බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා අද(25) පැවැසීය.
කොරෝනා වයිරසය ආසාදිත බවට තහවුරුවූ සෙබළා නිවාඩු ලබා පැමිණි දිනයට පෙර සහ පසු දිනවල මෙම සෙබලූන් තම නිවෙස්වලට පැමිණ ඇතිබවද ඒ මහතා කීය.එහෙත් එම සෙබලූන් කිසිවෙකුටත් වයිරසය ආසාදිත බවට මෙතෙක් වාර්තාවී නැතිබවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවැසීය. එසේ නමුත් වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරී කරඇති අය නිසා ඔවුන් සහ ඒ පවුල්වල අයද එම පිරිස් සමඟ සෘජු සම්බන්‍ධතා පැවැත්වූ බවට හඳුනාගෙන ඇති මෙම පිරිසද සෞඛ්‍යආරක්‍ෂිත පියවරක් ලෙස මේ අන්දමට සිය නිවෙස්වලම නිරෝධායනයට යොමුකල බවද කීය.
මෙලෙස නිරෝධායනයට ලක්කර ඇති පිරිස පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් තමන්කඩුව,වැලිකන්ද,අරලගංවිල,ලංකාපුර,මැදිරිගිරිය සහ ඇළහැර යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පදිංකරුවන් බවද ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා සඳහන් කලේය.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පොළොන්නරුවේ 548 ක් නිරෝධායනයට