IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පොළොන්නරුවේ පමණක් වී කිලෝ කෝටි 20ක් තියෙනවා

(ක.ග.කරුණාරත්න)
 
යල කන්නයේ වීඅස්වනු නෙළන තෙක් අවශ්‍ය තරම් වී තොග රට තුළ තිබෙන බවත් එම නිසා රටින් සහල් ගෙන්වීමේ කිසිම අවශ්‍යතාවයක් නැතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා අද(21) ප‍්‍රකාශ කළේය.
 
රජයේ බුද්ධි අංශ සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය මගින් තොරතුරු එක්රැස් කර තිබෙන බවකී ඒ මහතා පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පමණක් වී කිලෝ කෝටි 19ක් 20ක් ඇතැයි කීය.
 
රොෂාන් රණසිංහ මහතා මේ බව කියා සිටියේ අද(21) පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.
 
කෘතිම සහල් හිඟයක් මවාපාලා මේ වෙලාවේ පාරිභෝගික ජනතාවගේ බඩට ගැසීම අපරාධයක් යැයිද මෙය වී මාෆියාකාරයින් හැමදාම දාන සෙල්ලමක් බවද ඒ මහතා කීය.ජනතාවගේ  ඕනෑම දුකක් මැදින් තමන්ගේ බඩගෝස්තරය ගැන සිතන්නට එපා කියා තමන් මහා පරිමාණ මෝල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම එහිදී පැවැසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මහතා මෙසේද කීය. වී වලට සහතික මිලක් රජය නියම කරලා තියෙන්නේ ගොවියා සරුක්‍ෂිත කරන්නයි.පාරිභෝගික ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා සහල් වලට පාලන මිලක් නියම කර තිබෙනවා.අද පෞද්ගලික අංශයේ වී මිල රුපියල් 50 නොවෙයි 55යි.රුපියල් 55ට වී ගන්නේ රුපියල් 90ට සහල් දෙන්න පළුවන් නිසයි.ඇතැම් සහල් මෝල් හිමියන් කෘතිම සහල් හිඟයක් මවාපාන්න කටයුතු කරනවා.මෝල් හිමියන් වැඩි මිලට තොගමිල තීරණය කර තිබෙනවා නම් වෙළෙඳුන් ඒ ගැන පාරිභෝගික අධිකාරියට පැමිණිලි කල යුතුයි.මේ වෙලාවේ පාරිභෝගික ජනතාවගේ බඩට ගැසීම අපරාධයක්.මහා පරිමාණ මෝල් හිමියන් සඟවාගෙන තිබෙන වී තොග කුඩා පරිමාණ මෝල් හිමියන්ට ලබාදීමට රජය පසුබට වෙන්නේන නෑ.මේ රටේ ජනතාවගේ ප‍්‍රධාන ආහාරය බත්.මේකත් එක්ක සෙල්ලම් කරන්න එපා .මෝල් කාරයින්ව,මාෆියාකරුවන් රැුකීමට රජයට අවශ්‍යතාවයක් නෑ.මේ වෙලාවේ සහල් ආනයනය කරන්න කිසිම අවශතාවයක් නෑ. යල කන්නයේ වී අස්වනු නෙළන තෙක් අවශ්‍ය තරම් වී තොග රටේ තිබෙනවා.කිහිප දෙනෙක් පමණයි රුපියල් 90ට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන්නේ.මේක වී මාෆියා කාරයින් හැමදාම දාන සෙල්ලමක්.පසුගිය යහපාලන රජය වී මාෆියා කරුවන්ට නීත්‍යානුකූල බලපත‍්‍රයක් දුන්නා.රජයේ වී ඔවුන්ට එදා දුන්නේ රුපියල් 24ට. මාෆියාකරුවන් තුරන් කරන වැඩ පිළිවෙලට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පියවර ගෙන තිබෙනවා

.   



අදහස් (9)

පොළොන්නරුවේ පමණක් වී කිලෝ කෝටි 20ක් තියෙනවා

තරංග Thursday, 21 May 2020 03:18 PM

ඕක හොයාගත්තේ ආමි එකෙන්... දැන් මෙතන ලකුණු දාගන්න හැදුවට වැඩක් වෙන්නේ නෑ. මෙච්චර කල් හැංගිලා ඉඳලා ඔන්න දැන් එළියට බැහැලා...

:       1       9

විපරමා Thursday, 21 May 2020 05:33 PM

මොඩ් ගොවියා එව්වා... වැඩි ගානට දෙන්න තියාගෙන ඉන්නවද කියලා කවුද දන්නේ...?

:       0       4

de silva Thursday, 21 May 2020 07:10 PM

කියව කියවා ඉන්නේ නැතුව මුලින්ම වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කරලා වෙළඳපලට දමන්න.. ඒවා ඉවරවෙන්න කිට්ටු වෙනකොට අවශ්‍ය කරන සහල් තොග පිටරටින් ඇනවුම් කරන්න. අස්වනු නෙලන්න සති 2-3 කට කලින් පිටරටින් සහල් ගෙන්වන එක නතර කරන්න.. ඉන්පසු ලබන කන්නේදී ගොවීන්ගෙන් සහල් සහතික මිලකට අරන් වී අලෙවි මණ්ඩලය හිස්වුණු ගබඩා පුරවන ගමන් මණ්ඩලයේ සහල් මෝල් මගින් සකස් කර වෙළඳපලට දමන්න. එහෙම කළොත් ඔය ලොකු මෝල්කාරයින්ගේ ආධිපත්‍ය බිඳ දමන්න පුළුවන්... හැමදාම වෙන්නේ රජය විසින් මිලදී ගන්න වී නිසි කළමනාකරණයක් නොමැති කමින් ගබඩාවල දිරපත්වෙන්න හැර සත්ව අාහාර වලට විකුණන එකයි.

:       0       67

Asanga Friday, 22 May 2020 04:12 AM

සහල් මාෆියාව නැවැත්වීම මේ ප්‍රශ්නයට එකම විසඳුමයි...

:       0       33

සම්බා බෑ Friday, 22 May 2020 06:23 AM

අනේ මහත්තයෝ අපිට සම්බා හාල් බෙහෙතකටවත් හොයා ගන්න නැහැ. කීරි සම්බා නම් යහමින් තියෙනවා... නමුත් සල්ලි නැහැ ඒවා කන්න...

:       0       24

de silva Friday, 22 May 2020 06:46 AM

ආණ්ඩුව සහල් මාෆියකාරයෝ සමග යටින් ඩීල්දමලා අපිව රවටන්න එකඑක කතා කියනවා.. පිටරටින් සහල් ගෙන්වන එක නතර කරලා තිබෙන්නේ සහල් මාෆියාවේ අවශ්‍යතාවය නිසා.., සහල් මාෆියකාරයෝ සහල් හංගලා නම් කරුණාකර, මුලින්ම වී අලෙවි මණ්ඩලය සතු තොග වෙළඳපලට දමන්න.. ඉන්පසු සහල් පිටරටින් ගෙන්වීමේ තහනම ලබන මාස දෙකට පමණක් ඉවත් කරන්න.. එතකොට වෙළඳපලේ සහල් මිල අඩුවේවි... ඉන්පසු අස්වනු නෙලන කාලයට සහල් පිටරටින් ගෙන්වීම නතර කරලා වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගන්න. එහෙම නැතුව මාෆියාව මර්ධනය කරන්න බැහැ.

:       2       7

de silva Friday, 22 May 2020 07:38 AM

2015 රාජපක්ෂ පවුල ඡන්දෙ පැරදිලා අමාරුවේ වැටිලා නඩු වැටිලා හිරේ යන තත්වයට පත්වෙලා ඉන්න කොට මැදිහත්කරු ලෙස ඉදිරිපත්වෙලා සිරිසේන සමග ඩීල් එකක දමලා ඔවුන්ව බේරාගන්න ඉදිරිපත්වුනේ ලංකාවේ ලොකුම සහල් මාෆියාකාරයෙක්... එමනිසා බලය ලැබුනහම රාජපක්ෂ පවුල විසින් ඔහුගේ ව්‍යාපාර ආරක්ෂා කරන්න ඉදිරිපත්වෙන එක පුදුමයක් නොවේ.. එමනිසා සහල් පිරටින් නොගෙන්වීමට තීරණය කළා.. ගොවියා ආරක්ෂා කරනවා කියලා බොරු කියමින් සහල් මාෆියා කාරයෝ ආරක්ෂා කරන එක වහාම නවත්වන්න... රටින් ගෙනැල්ලා හරි සහල් මිල 80ට බස්සවන්න... එහෙම නොකලොත් 2015දී කළා මෙන් පාරිභෝගික ජනතාව විසින් ඔබලාව නැවත මැදමුලනට එලවා දමනු ඇත...

:       35       17

සම්බා බෑFriday, 22 May 2020 08:33 AM

ඔව්, පුළුවන් ඉක්මනට සම්බා සහල් ආනයනය කරලා වෙළඳ පලට දාන්න වැඩි මිලට... අපිට කීර සම්බා කවන්නේ නැතිව...

:       1       1

jaya Friday, 22 May 2020 08:14 AM

අපිට ගණන් බෑ ඒක හින්ද කෝටි වලින් කිව්වම ලොකු ගණන්

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 123 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 553 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


විදුලි පනතේ ගැසට්ටුව නිකුත්වේ
2024 අප්‍රේල් මස 18 201 0

විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත


ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න
2024 අප්‍රේල් මස 18 137 0

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45


පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 159 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 307 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1395 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site