IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘‘පවතින තත්ත්වය අනුව මැතිවරණයක් පැවැත්විය හැකිද යන්න ගැටලුවක්‘‘

(ඩයනා උදයංගනී)

මහ මැතිවරණය ජූනි 20 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබුණත් රටේ පවතින තත්ත්වය අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකිද යන්න ගැටලූවක් බව එක්සත් ජාතික පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මේ අවස්ථාවේ රජය කටයුතු කළ යුත්තේ මැතිවරණයක් වෙනුවෙන් නොව, ජනතාවගේ ජීවිත ආරක්ෂාව මුල්තැන ලා සලකමින් බව ද පාඨලී චම්පික මහතා කීවේය.

රජය කොවිඞ් 19 වසංගතය මර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය විද්‍යාත්මක ප‍්‍රවේශයක් ගන්නවා වෙනුවට රටේ සමස්ථ ජනතාවගේ ජීවිත අනතුරේ දමමින් බල දේශපාලනික ප‍්‍රවේශයක් යටතේ කටයුතු කරමින් සිටින බව ද  මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 



අදහස් (22)

‘‘පවතින තත්ත්වය අනුව මැතිවරණයක් පැවැත්විය හැකිද යන්න ගැටලුවක්‘‘

Asanka Tuesday, 21 April 2020 11:42 AM

අනිවාර්යෙන් බැහැ .

:       0       1

Nanda Tuesday, 21 April 2020 11:48 AM

හොඳටම බය වෙලා.

:       2       0

Buddika Tuesday, 21 April 2020 11:53 AM

ඔබගේ අසහස් එක්ක රටේ මිනිස්සු බහුතරය එකඟයි. මේක බරපතල ව්‍යසනයක්. කවුරුවත් මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ නැහැ.

:       0       2

athura Tuesday, 21 April 2020 12:00 PM

මෙතුමාගේ බුද්ධියත් එක්ක හැප්පෙන්න බැහැ කාටවත්ම. උගත් බුද්ධිමතෙක්.

:       0       2

Raveendra Tuesday, 21 April 2020 12:01 PM

අම්මපා ....ඉඩෝරය අවසන්වෙලා වහින්න පටන්ගන්න කොට ටික ටික මේ එලියට එන්නේ.... කොහොමත් ලැජ්ජාව කියන දෙය තේරෙන්නේ නැහැනේ.

:       19       84

ජනහිත Tuesday, 21 April 2020 12:07 PM

කොරෝනා වලින් මියයන හැම මිනිසෙක් වෙනුවෙන්ම මේ රජය වගකියන්න ඕනා. එපමණක් නොවෙයි වසංගතය පැතිරිලා ගියොත් .. හිතාමතාම ජිවිත හානි කලබවට චෝදනා කරමින් ජාත්‍යන්තර උසාවියේ නඩුවක් පවරනවා.

:       0       5

chandima Tuesday, 21 April 2020 12:13 PM

ලෝකේ බොහොමයක් රටවල් මේ වසංගතේ යන්තම් හොඳ අතට හැරෙද්දී සාමාන්‍ය ජන ජිවිතේ යතතා තත්වෙට ගෙනෙන්න උත්සහ කරනවා. මේ කට්ටිය මෙතරම් යන්තමින් වසංගතේ බෝවෙලා තිබෙන රට දිගටම බකන් නිලාගෙන තියන්න උත්සහ කරනවා.

:       13       0

saman Tuesday, 21 April 2020 12:25 PM

මේ මොහොතේ මැතිවරණ කටයුතු පිලිබන්ධව බලධාරීන් මැතිවරණ කොමිසම විනා රජය නොවන බව මෙතුමාට කියාදෙන්න කෙනෙක් එතන හිටියේම නැත්ද?

:       9       0

Bamunuarachchi Tuesday, 21 April 2020 01:36 PM

ඔහෙලාම පිහිටවූ ස්වාධීන මැතිවරණ කොමිසමයි දින නියම කලේ. ජනාධිපති නොවෙයි.

:       105       349

chamikaraTuesday, 21 April 2020 02:52 PM

මැතිවරණ කොමිසමට තර්ජනය කළා කියලයි කතාව තියෙන්නේ. හැබැයි මේ මිසදිටු පාලකයින් මහා පල් මෝඩයින්. ජුලි මාසය පසුවෙලා චන්දය තිබ්බොත් වල කජ්ජ ගහනවාලු. ඒකට බයවෙලා තමයිලු මේ හදිස්සිය.හැබැයි... කොරෝනා ප්‍රශ්නය උඩු දුවලා රටේ මිනිසුන් මැරෙන්න ගත්තොත් ඒ මරණ ඔක්කොටම වග කියන්න ඕනා මේ පෙරේත හොර පවුලටයි.

:       0       5

BamunuarachchiThursday, 23 April 2020 07:07 AM

ඔහෙලා කාගෙවත් කතා අහල රැවටෙන මිනිස්සුනේ. හලෝ පුරුදුවෙන්න ප‍්‍රවෘත්තියක් ඇසුනාම පළමුව එහි සත්‍ය අසත්‍යබාවය තහවුරු කරගන්න. ලජ්ජා නැතුව කීවානේ "මැතිවරණ කොමිසමට තර්ජනය කළා කියලයි තියෙන්නේ." මේගොල්ලෝ තමයි මහින්දගේ ලම්බෝගිනි හොයන්න ගියේ... අඩු ගන්නේ දරුවන්ට පුරුදුකරන්න ප‍්‍රවෘත්තියක් ඇසුනාම පළමුව එහි සත්‍ය අසත්‍ය බාවය සොයාබලා තහවුරු කරගන්න කියලා.

:       0       0

Kavinda Tuesday, 21 April 2020 01:43 PM

අපි මේ පාර ගෙදර යමු නේද මන්ත්‍රී තුමා...?

:       103       259

RaveendraTuesday, 21 April 2020 02:44 PM

තුමා ... කොහේ ඉන්න තුමෙක්ද ? තක්කඩින්ට,පල් හොරුන්ට, කුඩුකාරයන්ට, කසිප්පුකාරයන්ට, බුකිකාරයන්ට , බැංකු හොරුන්ට, ඌරන්ට සර්, තුමා එතුමා, මෙතුමා කියන ලෝකයේ තිබෙන එකම රට මාගේ රටවීම මොනතරම් අභාග්‍යයක්ද?

:       1       0

athura Tuesday, 21 April 2020 02:09 PM

ඔන්න ජනතාවාදී නායකයෝ... මිනිසුන් ගැන හිතන්නේ මෙවැනි උතුමන්... ආණ්ඩුව බලන්නේ කොහොම හරි බලය ගන්න විතරයි...!!!

:       35       50

athuraWednesday, 22 April 2020 03:53 AM

මගේ නමින් තව කෙනෙක් අනිවා... කුලියට කොටන කල්ලියේ කෙනෙක් වෙන්න ඕන.

:       0       2

lahiruWednesday, 22 April 2020 04:06 AM

වහල් භාවය ප‍්‍රදර්ශනය කරන්න එපා. එතුමගෙ ජනතාවාදී බව අර අනතුරෙන් පසු ප‍්‍රදර්ශනය කරලා නේද තියෙන්නේ?

:       20       0

athuraWednesday, 22 April 2020 05:08 AM

ඔන්න බලලා මල්ලෙන් එළියට ඇවිල්ලා අදහස් පළකරලා......

:       0       2

Raveendra Tuesday, 21 April 2020 02:50 PM

සුදු රෙදි පොරොවාගත් වෘකයන් පිළිබදව බාලාංශයේ දරු දැරියන්ට " හදුනා ගැනීමට, පෙන්වීමට පහදාදීමට " මෙය තරම් කදිම උදහාරණයක් තවත් තිබේද ?

:       14       87

ධම්ම Tuesday, 21 April 2020 02:58 PM

බලය සඳහා රතුපාටින් පටන්ගෙන, නිල්, කහ, කොළ පාටවලට හැරී දැන් කළුපාටවී ඇති ඔබේ අදහස් දැන් කිසිවෙකුට නොවටී.

:       29       9

athuraWednesday, 22 April 2020 08:13 AM

කුරහන් පාට වුනානම් අවුලක් නැතෙයි.

:       0       1

BamunuarachchiThursday, 23 April 2020 07:13 AM

රතු, කොළ නොවී ඕනෑම පාටක් කමක් නැත.

:       0       0

Bamunuarachchi Thursday, 23 April 2020 07:11 AM

ඔහෙලගෙ ස්වාධීන මැතිවරණ කොමිසමේ තීරණ. ජනාධිපතිතුමා ඔය කුනුගොඩට ඇත දමන්නේ නැහැ. කවදා තිබ්බත් එතුමන්ලා ආණඩුව පිහිටවනවා. අර කවුද හාදයෙක් කිව්ව විදිහට ඇමරිකන් විදිහට කොරෝනාවලට මුහුණ දෙන්න ගියා නම් මේ වනවිට අපි ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන න්‍යෂ්ටික බලාගාරවගට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 114 0

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


රත්මලානේ කාමරයක ඝාතනයක්
2024 අප්‍රේල් මස 16 42 0

රත්මලාන බොරුපන සමගි මාවත කාමරයක් තුළදී පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි
2024 අප්‍රේල් මස 16 227 0

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර


ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 797 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 233 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 174 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1410 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1342 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site