IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාවිච්චි කරන විදුලි ඒකක ප්‍රමාණයට බිල අය කරන්න තීරණයක්

(නිමන්ති රණසිංහ)
 
පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් විදුලි බිල්පත අය කරනු ලබන්නේ පාවිච්චි කරන ලද විදුලි ඒකක ප‍්‍රමාණයට අනුව පමණක් බව විදුලිබල බලශක්ති අමාත්‍යාංශය පවසයි.
 
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කරන්නේ, විදුලිබිලට අමතරව කිසිදු ගාස්තුවක් අය නොකරන බවත්, විදුලි බිල්පත් ගෙවීම සදහා ප‍්‍රමාණවත් කාලසීමාවක් ලබාදීමට පියවර ගන්නා බවත්ය.
 
විදුලි බිලට කිසි`දු අමතර ගාස්තුවක් එකතු නොකරන ලෙසත් කිසිසේත්ම විදුලිය විසන්ධි කිරිම ස`දහා රතු බිල් නිකුත් කිරීමට පියවර නොගන්නා ලෙසත් අමාත්‍ය විදුලිබල හා බලශක්ති, ප‍්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද එම නිවේදනයේ සදහන් වෙයි.
 
ඇ`දිරි නිතිය ලිහිල් කර නොමැති ප‍්‍රදේශවල විදුලි පාරිභෝගිකයින්ට මෙතෙක් විදුලි බිල්පත නොලැබෙන බැවින් මාස දෙක තුනක බිල්පත් එකතු කර අමතර ගාස්තුවක් සහිතව එකවර විශාල මුදලක් ගෙවීමට සිදුවෙතැයි එම ජනතාව බියවී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.
 
දැනට ඇ`දිරි නිතිය ලිහිල් කර ඇති ප‍්‍රදේශවල ජනතාවට වුවද විදුලි බිල එකවර ගෙවීම වෙනුවට කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව සලසන ලෙසත් අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයි ද සදහන් වෙයි.
 
විදුලි බල මණ්ඩලය, මේ වන විට විදුලි පාඩු ලබමින් යන රාජ්‍ය ආයතනයක් බැවින් මණ්ඩලයෙන් ලබාදී ඇති මෙම සහන ලබාගන්නා අතරම, හැකි ඉක්මනින් විදුලි බිල ගෙවීමට වගබලා ගන්නා ලෙසටද අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.  



අදහස් (10)

පාවිච්චි කරන විදුලි ඒකක ප්‍රමාණයට බිල අය කරන්න තීරණයක්

සමන් Friday, 24 April 2020 12:50 PM

අපි නම් චන්දය දුන්නේ පොහොට්ටුවට. අපිට රුපියල් 5000ක් නම් ලැබුනා. කෑමට, කිරිපිටිවලට, බෙහෙත් වලටම පන්දාහ ඉවර උනා. දැන් වතුර බිලට සහ පාවිච්චි කරන විදුලි ඒකක ප්‍රමාණයට බිල අය කරන්න තීරණයක් අරගෙනලු. ඉස්සර අපී ජිවත් වුනේ රුපියල් 25.000ක ආදායමෙන් දැන් 5000 ජිවත් වෙන්නේ කොහොමද මේ බිලුත් ගෙවලා? රජය මොනවා හෝ දෙයක් කරාවි කියල අපි හිතනවා. තව ගොඩක් දෙනෙකුට 5000 ලැබිලා නැහැ...

:       0       0

සනත් ඉතාලිය Friday, 24 April 2020 01:26 PM

ජනාධිපතිවරු තුන් දෙනෙක් යටතේ වැඩ කරපු මොහු දැනුයි වැඩ පෙන්වන්නෙ

:       0       0

samathna Friday, 24 April 2020 01:59 PM

ඇමතිතුමනි අපට පරණ ඒකක ගණන (අවසන් බිලෙන්) නව ඒකක ගණන (මීටරයෙන්) බලා ඇතුලත් කල විට විදුලි බිල ගණනය වී පෙන්වන ක්‍රමයක් විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවිය හරහා ලබා දුනහොත් අපට බිලේ ගණන බලාගෙන මාර්ගගත ක්‍රමයට විදුලි බිල ගෙවා දමන්න පුලුවන්. අපි බිල් ගණනය කිරීම වැරදි ලෙස කර ගනී යැයි හිතනවා නම් අවසාන බිලෙයි, මීටරේ ෆොටෝ එකකුයි උඩුගත (අප්ලෝඩ්) කරාට පසු විදුලි බිල විද්යුත් තැපෑලෙන් එවන ක්‍රමයක් සාදනවා නම් ස්ථිරවම බිල සනාථ කරන්න පුලුවන් ගෙවීමට පෙර.

:       0       0

Deepal Nirosh Friday, 24 April 2020 02:02 PM

දැනට නවතා ඇති විදුලි බිල්කරණය වෙනුවට මාස් පතා කෙසේ හෝ බිල් ගණනය කර පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමයි සුදුසු. නැතිනම් පසු කාලීනව එකවර ලොකු විදුලි බිලක් එකවර ගෙවීමට පාරිභෝගිකයාට සිදු වුවහොත් එය දරා ගැනීම අපහසුයි. ඒ වගේම මාසික ආදායම් නො ලබමින් විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යාමත් අපහසු වෙනවා.

:       0       0

nishantha Friday, 24 April 2020 04:14 PM

ලෝකයේ විදුලි ඒකකයකට වැඩියෙන්ම අයකරන රට ලංකාවයි. එහෙම වෙලත් පාඩු ලබනවලු. අධික පඩි සමග අතිරික්ත සේවකයින් නඩත්තු කරන්නේ අහිංසක පාරිභෝගික අපියි.

:       0       0

sampath Friday, 24 April 2020 04:47 PM

වෙනදත් බිල් ගෙව්වේ පාවිච්චි කරපු ඒවාට නැතිව පාවිච්චි නොකළ ඒවාට ගෙවන්නේ නැහැ...

:       0       1

sampath Friday, 24 April 2020 04:50 PM

අපි ජල විදුලියට ගත්තු නය ගෙවල ඉවරයි.. දැන් බැරිද ජල විදුලිය නිකම් දෙන්න? නඩත්තු වියදම් තාප විදුලියෙන් ආවරණය කරගමු. ජලය මේ රටේ මිනිස්සුන්ගේ අයිතියක්... තෙල් තියෙන රටවල් වල තෙල් මුදලින් කොටසක් හෙම රට වැසියටම බෙදනවා. අපිත් ජලයේ වටිනාකම විදුලිය විදියට එක නිවසකට ඒකක 10 නොමිලේ දෙමු මේ කාලේ ...

:       0       1

චමින්ද Saturday, 25 April 2020 01:26 AM

විදුලිය නිපදවන ජලාශ උතුරා යනවාලු... ලෝක වෙළදපොලේ තෙල්මිල රින තත්වයෙන්ලු... ඒ වුනාට මණ්ඩලයට පාඩුලු. මොනවද මේ කථා...? අමාත්‍යාංශය ඒකක ගණනට අයකරන්න කියන. අතර මණ්ඩලයෙන් කෙටි පණිවුඩ එවනවා පෙබරවාරි බිලට සමාන මුදලක් ගෙවීමට කාරුණික වෙන්න කියල....

:       65       3

w.l.leelananda Saturday, 25 April 2020 01:42 AM

මෙ තත්වය මත මුලු බිලටම සියයට 50 අඩුකිරීම ලබාදෙන්න. එය ඉතාමත් හොදයි.. ඇදිරි නීතිය නිසා ඔවුන්ට වැඩ කිරීමටත් නොහැකිය.

:       0       0

jayath Saturday, 25 April 2020 02:57 AM

ඔබතුමන්ලත් මේක පාඩුයි කියලා කියනවා මිසක්, කිව්වා මිසක් මේකට එහෙම වෙන්නේ මොකද කියලා හොයන්නේ නැහැ. ඒකට හේතුව දන්නා අය දන්නවා. ඒ එකක්වත් ගැන මම මෙතන කියන්නේ නැහැ. නමුත් ලෝකෙන් වැඩිම විදුලි බිලක් අය කරන රටක් මේක. කර්මාන්ත කරන අයගේ හෘදස්පන්දනය වැඩිවෙන දවසක් තමයි මාසේ විදුලිබිල එන දවස. මේවට පිළියම් නොයොදා ජනතාවට විදුලිබිල ගෙවන්න කියල ඉල්ලන එක වැඩ නැති දෙයක්.

:       13       13

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1140 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 719 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 928 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 803 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site